[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම්, අදහස් පුර අටවක, අමාවක, පුර පසළොස්වක, අව අටවක බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.

****

සිල් රකිමු

අපගේ ශාස්තෘන් වහන්සේ විසින් පනවන ලද ශික්ෂාපද පිළිගෙන ඒවා ආරක්ෂා කිරීමත්, වත් පිළිවෙත්වල යෙදීමත් සීලය යි. තැන්පත් බව, හැදියාව, වැනි වචනවලින් ද අදහස් කරන්නේ සීලය යි. ඒ වගේම වාරිත්‍ර සීලය, චාරිත්‍ර සීලය යනුවෙන් ද කොටස් දෙකක් ඇත. වාරිත්‍ර සීලය යනු අප නොකළ යුතු දේයි. චාරිත්‍ර සීලය යනු අප විසින් කළ යුතු දේ යි. සීලය රැකීමෙන් අනුසස් බොහෝ වේ. ඒ අතරින් මහත් භෝග සම්පත් ලැබෙයි. පිරිසුදු කීර්තියක් පැතිර යයි. ඕනෑම පිරිසක් මැදට නොබියව යා හැකිවෙයි.

****

අශ්‍රැතවත් පෘථග්ජනයාගේ බිය

එක්තරා වස්සාන කාලයක අනාථපිණ්ඩික මහ සිටුතුමා රෝගාතුර වූ අවස්ථාවක අනඳ මහතෙරුන්, වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාට වදාළා පින්වත, අශ්‍රැතවත් පෘථග්ජනයා බුද්ධ, ධම්ම, සංඝ කියන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකර ගත්තේ නැතිනම් පන්සිල් පද රකින්නේ නැතිනම්, මරණාසන්න මොහොතේ ඒ කරුණු හතර නිසා බයට පත් වන බව. පෘථග්ජනයෝ කොටස් දෙකකි. අශ්‍රැතවත් පෘථග්ජනයා, පින්, පව් හොඳ, නරක දන්නේ නැහැ. සිරිත්, විරිත් හා කළයුතු නො කළයුතු දේ දන්නේ නැහැ. කාලය විනාශ කරමින් තුනුරුවන කෙරෙහි විශ්වාසයක් නැතිව කටයුතු කරයි. ඒ නිසා එම පෘථග්ජනයා මරණාසන්න මොහොතේ බයට පත් වේ. දෙවන පෘථග්ජන කොටස නම් ශ්‍රැතවත් පෘථග්ජනයා යි.පින් පව් දැනගෙන, සිරිත් විරිත් දැනගෙන, හොඳ නරක දැන ගෙන, කළයුතු නොකළ යුතු දේ දැනගෙන, ධර්මානුකූලව සිල්වත්ව තුනුරුවන් කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කරමින් ජාති, ජරා, මරණාධි, දුකින් අත මිදී ලැබිය හැකි උතුම් නිවන් අවබෝධය පිණිස කටයුතු කරයි.

****

ඇසුරක වෙනස

නභජෙ පාපකෙ මිත්තේ
නභජෙ පුරිසාධමේ
භජෙථ මිත්තේ කල්‍යාණේ
භජෙථ පුරිසුත්තමේ (ධම්මපදය)

පවිටු මිතුරු ඇසුරට නොම යන්නේ
නපුරු දුදන ඇසුරට නොම ගන්නේ
කලණ මිතුරු නිති ඇසුරු කරන්නේ
සුදන හැදින දැන ඇසුර පතන්නේ

****

දීමට හුරුවෙමු

තමන් සතු දෙයක් තම අයිතිය හැර අනුන්ට ලබා දීම දානය ලෙස හැඳින්වේ. දානය ලබා දීමට ආකාර දෙකක් ඇත. ඒවා අනුග්‍රහ බුද්ධියෙන් ලබාදෙන ද්‍රව්‍ය වේ.

පුජා බුද්ධියෙන් ලබා දෙන දානය යනු අපට වඩා සිල්වත් ගුණවත් අයට පූජාවක් වශයෙන් ලබා දීමයි. සංඝයා වහන්සේට දානය ලබා දීම, පිරිකර ලබාදීම ආදිය උදාහරණ වේ. අනුග්‍රහ බුද්ධියෙන් ලබාදෙන දානය නම් යමෙකුගේ අසරණභාවය සලකා අනුග්‍රහයක් ලෙස ඔහුට හෝ ඇයට දානයක් ලබාදීම නැතහොත් පරිත්‍යාග කිරීම වේ. දානය යනු දසපාරමිතාවක් වන අතර, ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා අතුරින් එකක් වේ. අපිත් දාන ලබා දී පින් කරගනිමු.

****

දානය උතුම් ය

දානය යනු දන් දීම යි. පරිත්‍යාගය යි. අත් හැරීම යි යි. දානය කොටස් තුනකි. අභය දානය, ආමිස දානය හා ධර්ම දානය යි. මින් ඉතාම වැදගත් දානය වන්නේ ධර්ම දානය යි.

****

අපේ ගම

****

අපේ පන්සල

මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය අපේ‍්‍රල් 04 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.51 ට ලබයි. 05 වනදා සිකුරාදා අපරභාග 02.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 04 වනදා බ්‍රහස්පතින්දා ය.

 මීළඟ පෝය අපේ‍්‍රල් 12 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]