UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොත්පත් විත්ති

පොත්පත් විත්ති

බුදු දහමයි – මාර සංකල්පයයි

කර්තෘ - මහරැඹෑවැවේ පාලිත හිමි
ප්‍රකාශකයෝ - සාහිත පොත් පියස

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ගෞරව උපාධි යතිරුවනක් වන මහරැඹෑවැවේ පාලිත හිමියන් විසින් බුදුසරණ පුවත්පතේ පළ කළ ලිපිපෙළක් ඇසුරෙන් “බුදු දහමයි මාර සංකල්පයයි” නම් ග්‍රන්ථය ප්‍රකාශයට පත්කොට ඇත.බුදුදහමේ සඳහන් මාරයා, අපාය, දිව්‍ය ලෝකය වැනි පියවි ඇසට නො පෙනෙන සංකල්ප පිළිබඳව බොහෝ දෙනා තුළ ඇත්තේ සැකමුසු ස්වභාවයකි. කුතුහලයකි. එනිසා පාඨකයාට යහපත් දේ නිවැරැදිව සන්නිවේදනය කිරීමට උත්සාහ කළ බව ඒ හිමියෝ කියති.මාරයා යනු කවරෙක් ද? මාරයා දෙවියෙක් ද? නාග වෙස් ගත් මාරයා, ගොවියෙකුගේ වෙස්ගත් මාරයා, මුගලන් තෙරුන්ට කරදර කිරීමට පැමිණි මාරයා ආදී මාතෘකා 22 ඔස්සේ ඉතාම සරලව, පාඨකයාට කියවීමට රුචියක් ඇතිවන පරිදි එම ග්‍රන්ථය ඔබ අතට පත්කර ඇත.


බුදු දහම සහ සිංහල ජාතියේ අනාගතය

කර්තෘ -දයාපාල ජයනෙත්ති
ප්‍රකාශනය – දයාවංශ ජයකොඩි සහ සමාගම

මාටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම්වරයකු වූ දයාපාල ජයනෙත්ති මහතා විසින් රචනා කොට ඇති “බුදු දහම සහ සිංහල ජාතියේ අනාගතය” නමැති ග්‍රන්ථය මාතෘකා 22 ඔස්සේ පෙළගස්වා ඇත.ඇසුරු සැණින් ලොව එක මිටට හසුකර ගත හැකි විද්‍යා තාක්ෂණයේ විස්මයජනක නව නිපැයුම්වලින් ලෝකය භෞතික වශයෙන් ජයගනු ලැබුව ද, ආධ්‍යාත්මික වශයෙන් දරුණු පරිහානියකට පත්ව තිබෙන බව කතුවරයා කියයි. වර්තමානයේ අනාගතයෙහිත් අපට මුහුණ පාන්නට වන ආපදා විපත්වලට නො සැලී මුහුණ දිය හැක්කේ සිත දියුණු කර ගැනීමෙනි. සිත දියුණු කළ යුතු ක්‍රමය බුදුදහමෙහි උගන්වයි. ඒ සද්ධා, වීර්යය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රියන් වැඩීමෙන් බව ද කතුවරයා සඳහන් කොට ඇත. බුදු වදනින් සුපෝෂිත හෙළබස, මිහිඳු සමිඳු ඔපලූ හෙළ සිරිත් විරිත්, විපත්පත් ලොවට ඇති එකම රැකවරණය, නිදහස් බෞද්ධ සම්ප්‍රදාය හා සිංහල සභ්‍යත්වය ආදී මාතෘකා 22 ඔස්සේ මෙම ග්‍රන්ථය ඔබ අතට පත්වෙයි.


අසිරිමත් සත් සතිය

(ගෞතම බුද්ධ චරිතය – 4)
කර්තෘ – දමයන්ති ජයකොඩි
ප්‍රකාශකයෝ - දයාවංශ ජයකොඩි සහ සමාගම

අපගේ භාග්‍යවතුන් වහන්සේ ගේ අසිරිමත් ජීවිත කතාව හෙවත් ශ්‍රී සම්බුද්ධ චරිතාපදානයේ එක්තරා විස්මිත අවස්ථා හතක් මෙම ග්‍රන්ථයේ සඳහන් වෙයි. ඒ සත් සතිය යි. උතුම් සම්බෝධියට පත් වී වදාළ අප භාග්‍යවතුන් වහන්සේ ඒ අමා නිවන් සුව විඳිමින් සතිය බැගින් ඒ ඒ ස්ථාන හතේ වැඩිසිටි අයුරු ඒකාන්තයෙන් ම ආශ්චර්යවත් ය.අසිරිමත් සත් සතිය ග්‍රන්ථය කතුවරිය විසින් ඡායාරූප සහිතව ඉතාමත් සරලව පාඨකයාට කියවීමට රුචියක් ඇතිවන පරිදි ඉදිරිපත් කිරීමට සමත් වී ඇත. “අසිරිමත් සත් සතිය” ග්‍රන්ථය ලිවීමේදී එහි ඇති අසිරිමත් බව සිත උද්දාමයට පත් කරයි. ඔබ සැම මෙය කියවීමෙන් සැදැහැ සිත් වර්ධනය වේ නම් එය මගේ සතුටයි” අවසන කතුවරිය විසින් සඳහන් කොට ඇත.

 

දුරුතු පුර පසළොස්වක


දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 20 වනදා ඉරිදා අපරභාග 02.19 ට ලබයි. 21 වනදා සඳුදා පූර්ව භාග 10.45 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 20 වනදා ඉරිදා ය.

 

මීළඟ පෝය ජනවාරි 27 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 20

Second Quarterඅව අටවක

ජනවාරි 27

Full Moonඅමාවක

පෙබරවාරි 04

First Quarterපුර අටවක

පෙබරවාරි 12


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]