UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

දුරුතු පුර පසළොස්වක 2019.01.20

උතුම් ත්‍රිපිටකය


කැබිනට් මණ්ඩල රැස්වීම ඉකුත් දා (14) පැවැති අවස්ථාවේ දී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා උන්නතිය වෙනුවෙන් ඉතා වටිනා තීරණයක් ගෙන තිබේ. ඒ උතුම් ත්‍රිපිටක ධර්මය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාව අනුමත කිරීම ය.

සම්බුද්ධ දේශිතය ඇතුළත් උතුම් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වශයෙන් නම් කිරීමට හා, එය රජය මඟින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත්, ත්‍රිපිටකය සම්බන්ධ නැවත මුද්‍රණය හා අනෙකුත් කටයුතු බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදු කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව උතුම් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ මාතලේ අලුවිහාරයේ දී ම පසුගිය දා (05) බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ප්‍රකාශයට පත් කරන ලදී. එලෙස ප්‍රකාශයට පත් කිරීම තහවුරු කළ යුතු බවත්, ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කළයුතු බවටත් වූ යෝජනා සම්මතකර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ ඇත. වනපොත් කරමින්, මුඛ පරම්පරාවෙන් රැගෙන ආ උතුම් ත්‍රිපිටක ධර්මය පිළිබඳව කලින් කලට පැමිණි අභියෝග හඳුනාගත් අපගේ මහා යතිවරයන් වහන්සේලා මාතලේ අලුලෙනට රැස්වී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමත් සමඟ ථෙරවාදී බෞද්ධ රටක් ලෙස ශ්‍රී ලංකාද්වීපය ලෝකයේ ම ගෞරවයට පාත්‍ර විය. වර්තමානය වන විට මෙම ත්‍රිපිටකගත ධර්මස්කන්ධ අධ්‍යයනයට, පර්යේෂණයට ලෝකය පුරා බොහෝ විද්වතුන්ගේ අවධානය යොමුව ඇති බව ද පැහැදිලි කරුණකි. එවැනි අවස්ථාවක උතුම් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීමෙන් නො නැවතී එය ලෝක උරුමයක් බවට පත් කිරීමට සම්මත කරන ලද යෝජනාව ලංකාවාසී බොදු ජනතාවට පමණක් නොව ලෝකවාසීන්ට ද මහත් අභිමානයක් ගෙන එනු, ගෞරවයක් වනු නො අනුමාන ය.

ජන වාර්ගික ගැටුම්, යුද්ධ, කල කෝලහල, සදාතනික ජීවන ගැටලු හමුවේ අරගලයකට මැදිව දැවෙන තැවෙන ලෝක මිනිස් ප්‍රජාව සැනසීමේ මඟ සොයා යන්නට, ඊට අවතීර්ණ වීමට දැඩි උනන්දුවක් දක්වනු පෙනේ. එහිදී ඔවුහු මෙතෙක් ලොව පහළ වූ අසහාය ම ශාස්තෘවරයාණන් වහන්සේගේ, ගෞතම බුදුරජාණන් වහන්සේගේ දර්ශනය පිළිබඳව වෙසෙස් අවධානයක් යොමු කර ඇති බවද විද්‍යමාන වේ. ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම තුළ උතුම් ත්‍රිපිටක ධර්මය පිළිබඳව ලෝක අවධානය තව තවත් වඩා වර්ධනය වනු ඇත.

සම්බුද්ධ දේශිතය විකෘති කිරීමෙහි ලා උත්සුක වූවෝ බුදුරදුන් ධරමාන කාලයේ ද වූහ. තථාගතයන් වහන්සේ ජීවමානව වැඩි සිටි නිසා එම උත්සාහයන් හිරු දුටු පිනි සේ ව්‍යර්ථ විය. පැවැත්මක් නොවී ය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ද කලින් කල සම්බුද්ධ දේශිතයට අභියෝග එල්ලවන්නට විය. එහෙත් මහා යතිවරයන් වහන්සේලා තමන් වහන්සේලාගේ ප්‍රාණය හා සරිකොට ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කර ගත්හ. රාජ්‍ය නායකත්වයේ ද අපමණ ආරක්ෂාව හා අනුග්‍රහය ඊට ලැබුණි.

වර්තමානයේ ද එවන් ඇතැම් ශ්‍රමණ ප්‍රතිරූපකයෝ වෙති. මේ ධර්මය යැයි. මේ අධර්මයැයි වටහා ගත නොහැකි, අල්ප දැනුමක් හෝ නැති ඇතැම් බෞද්ධ පිරිස් ද ඇතැම් විට ගිහි පැවිදි භේදයකින් තොරව ඒ ශ්‍රමණ ප්‍රතිරූපකයන්ට රැවටී මිත්‍යා මත දරති. ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීම, ලෝක උරුමයක් බවට පත් කිරීම එවැනි අඥානයින් හට අගනා පිළිතුරකි. මින් මතුවට ඔවුන්ට ධර්මය විකෘති කරන්නට ඉඩක් නැත.

එමෙන්ම විකෘති ධර්ම කරුණු සහිත පොත පත, ප්‍රකාශයට පත් කිරීම, සම්බුද්ධ චරිතය පිළිබඳ ව්‍යාජ දෑ මතු කරමින් ග්‍රන්ථ ප්‍රකාශයට පත් කිරීමටද ඇතැම් ශ්‍රමණ ප්‍රතිරූපකයන් කටයුතු කර ඇත. මේ ග්‍රන්ථ දහම් පිපාසිත අය අතරට පත්වීම වැළැක්විය නොහැකි තත්ත්වයක් උද්ගතව තිබුණි. ඒ පොත්පත් පරිශීලනය කොට මුලා වූවෝ ද වෙති. එහෙත් ත්‍රිපිටකයට සම්බන්ධ නැවත මුද්‍රණය හා අනෙකුත් කටයුතු බුද්ධ ශාසන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට අනුමැතිය ලැබීමත් සමඟ එවැනි කටයුතුවලට වැට බැඳෙනු ඇත. ජනාධිපතිතුමා විසින් මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම පවා අතිශයින්ම ප්‍රශංසා කටයුතු ය. එය සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ගත් උතුම් ක්‍රියාමාර්ගයකි.

 

දුරුතු පුර පසළොස්වක


දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 20 වනදා ඉරිදා අපරභාග 02.19 ට ලබයි. 21 වනදා සඳුදා පූර්ව භාග 10.45 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 20 වනදා ඉරිදා ය.

 

මීළඟ පෝය ජනවාරි 27 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 20

Second Quarterඅව අටවක

ජනවාරි 27

Full Moonඅමාවක

පෙබරවාරි 04

First Quarterපුර අටවක

පෙබරවාරි 12


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]