UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

අනුරාධපුර මහා විහාරය

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ දුරුතු පොහෝ දින දාන, සීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම දුරුතු පෝදා පෙරවරු 6.00 පස්වරු 6.00 දක්වා මහාවිහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. දුරුතු පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමළුව විහාරවාසී කිරින්දේ ඤාණදර්ශන හිමියෝ සංවිධානය කරති.

පෙරවරු 6.00 ට අටසිල් සමාදන්වීම, 6.30 බුද්ධ පුජාව, 8.00 ධර්ම දේශනාව ස්‍යාමෝපාලි වංශික මහානිකායේ අස්ගිරි පාර්ශවයේ උතුරු හා උතුරුමැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනය උතුරුමැද පළාතේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක සිංහල භාෂාව කුමාර සේනාරත්න මහතා දවල් 12.00 ජාතක කතා දේශනාව රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි.

පස්වරු 1.00 ධර්ම දේශනාව ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයෙහි උප ශාලාධිපති උල්පත්ගම අමිතරතන හිමි, 2.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 2.45 දම්සභා මණ්ඩපය ඛන්තී පාරමිතාව, විල්ගමුවේ පියනන්ද හිමි, ශාස්ත්‍රපති ඊ.එම්. ධර්මවර්ධන මහතා, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා, 4.00 භාවනා වැඩසටහන ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි, 5.00 බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති කෙහෙල්වල රේවත හිමි, 5.55 සිල් පවාරණය.


කළුතර බෝධියේ පින්කම්

පෝදා පෙරවරු 06.00-07.00 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම වෙහෙරකැලේ සද්ධාලංකාර හිමි ,07.45-08.45 ධර්ම දේශනාව /භාවනාව ගම්පහ සිරිසීවලී හිමි, 09.00-10.00 ධර්ම දේශනාව, දර්ශනපති කුඩා කත්තෝරුවේ විනීත හිමි, 10.00-11.00 ධර්ම දේශනාව උණාවටුනේ වංශානන්ද හිමි

11.30- 12.30 බුද්ධ පූජාව පස්වරු 01.00- 02.45 ධර්ම සාකච්ඡාව ඇත්කඳුරේ සුමනසාර හිමි, දයාරෝහණ අතුකෝරළ මහතා, 03.00-4.00 ධර්ම දේශනාව දොරපනේ රතනසාර හිමි, 4.00-05.30 ධර්ම දේශනාව කොබවක ධම්මසීවලී හිමි, 06.15-07.00 පානදුරේ අරියධම්ම හිමියන් පැවැත්වූ බෝධි පූජාව (පටිගත කරන ලද)

07.10- 08.30 ධර්ම දේශනාව ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව, 8.45 සතිපට්ඨාන දේශනය ගල්කිස්සේ සමාහිත හිමි


ඓතිහාසික ශී‍්‍ර කල්‍යාණි රාජමහා විහාරය

පෝදා පෙරවරු 06.00-06.30 සීල සමාදානය, 06.30-07.00 උදෑසන බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරි ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි.08.00-09.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 09.00-10.00 පෙරවරු ගුවන්විදුලි ධර්මදේශනාව බොරැල්ලේ කෝවිද හිමි, 10.00 -11.00 ධම්මපදයෙන් බිඳක්, විද්‍යාලංකාර මහපිරිවෙනේ ආචාර්ය දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 11.00-11.30 දිවා බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි, පස්වරු 12.15-02.00 සීල භාවනා සමිතිය, 02.00-03.00 විශේෂඥ වෛද්‍ය දේශනය 03.00-04.00 පරිත්‍රාණ ධර්ම දේශනාව 04.00-05.00 පස්වරු ගුවන්විදුලි ධර්ම දේශනාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසි, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 05.00 -06.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි , 06.00-7.00 ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 07.00-08.00 සන්ධ්‍යා ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත බැලුම්මහර ඉන්ද්‍රානන්ද හිමි, 08.00 සිට පසුදා පහන් වන තුරු ගුවන්විදුලි පරිත්‍රාණ ධර්ම දේශනාව.


කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි දුරුතු පෝදා පින්කම් රැසක් පැවැත්වේ. උදෑසන අටසිල් සමාදන් කරවීම, මල් පහන්, ගිලන් පස, කිරි ආහාර පූජාවන් ද, ෂඩ් වර්ණ ශාටකයක් ශබ්ද පූජා මධ්‍යයේ වැඩම කර චෛත්‍යයේ පැළඳවීම ද සිදු කෙරේ. උදය ධර්ම දේශනාව තිස්සමහාරාම බෙරලිහෙළ මහාවිහාරයේ ශාස්ත්‍රවේදී තාරපේලියේ අමරවංශ හිමියන් විසින් ධර්මශාලාවේ පවත්වනු ලබන අතර භාවනා වැඩසටහන චෛත්‍ය මළුවේ දී පැවැත්වේ. පෝදා බත් දන්සල කිරිවෙහෙර ප්‍රධාන වාසල් දොරටුව ඉදිරිපිට දානශාලාවේ පැවැත්වේ. සවස මහාසේන සිල්සමිතියේ මල් පෙරහර චෛත්‍යමලුවේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට පැමිණ මල්, පහන්, ගිලන්පස හා අටපිරිකර පූජාකිරීමෙන් අනතුරුව බෝධිපූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී තලගල ඤාණින්ද හිමියන් විසින් පවත්වනු ලැබේ. කිරිවෙහෙර තුන්වැනි මළුව සමීපයේ පහන් 5000 ක ආලෝක පූජාවක් ද රාත්‍රී කාලයේ පැවැත්වේ. කළුතර නීලගිරි මෝටර්ස් අධිපති, අජිත් කරුණාතිලක මහතා, මහාසේන සිල් සමිතිය, ශ්‍රී ආනන්ද රේවත දහම් පාසල හා විහාරස්ථ දායක සභාව එම පින්කම් සංවිධානය කර ඇත.


ශ්‍රී සම්බෝධි විහාරය

පෝදා පෙරවරු 5.30 – 7.30 කිරි ආහාර බුද්ධ පූජාව සහ සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ බොරලන්දේ වජිරඤාණ හිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව ගලිගමුවේ ඤාණදීප හිමි, 9.30 – 10.30 ධර්ම දේශනාව පිටිගල ගුණරතන හිමි, 11.00 – 11.30 ව්‍යාංජන 1008 කින් යුත් දවල් ශ්‍රී සම්බුද්ධ පූජාව අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30 – 2.00 පොහෝ දින විශේෂ ධර්ම සාකච්ඡාව උඩුදුම්බර කාශ්‍යප හිමි, උඩුදුම්බර සෝභිත හිමි, මෙහෙයවීම නීතීඥ ශෂික ජයතිලක මහතා 2.00 – 3.00 භාවනාව අම්බලන්ගොඩ ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකාරී, ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ නාහිමි, 3.30 – 4.30 ධර්ම දේශනාව මීරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව හඟුරන්කෙත චන්ද්‍රරතන හිමි, 5.30 – 6.00 මහා ඖෂධ පූජාව, සහ සිල් පවාරණය, ගම්පහ මහානාම හිමි.


බම්බලපිටියේ සිරි වජිරාරාමය

පෝදා පෙරවරු 06.00- 07.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමි, 08.00-09.00 ධර්මානුශාසනාව ගෞරව ශාස්ත්‍රවේදී වෙහෙරකැලේ සද්ධාලංකාර හිමි, 09.00-09.45 සතිපට්ඨාන සූත්‍ර දේශනාව – වජිරාරාමවාසී පැරකුම් පුර විශාරද හිමි, 09.45-11.15 භාවනාව, අනුශාසනාව හා බුද්ධ පූජාව, සිරි වජිරාරාමවාසී බණ්ඩාරවෙල ඤාණරුචි හිමි. පස්වරු 01.15-02.30 ධර්ම සාකච්ඡාව සිරි වජිරාරාම දහම් පාසල් ප්‍රධාන ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි 03.00-04.00 භාවනාව සහ අනුශාසනාව – සිරි වජිරාරාමවාසී පිටිපන සාසනරතන හිමි, 04.00-05.00 ගිහි දේශනාව – ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කිරම රාහුල හිමි , 06.00- 06.30 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම – සිරි වජිරාරාමවාසී ස්වාමීන් වහන්සේලා


බත්තරමුල්ලේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෝදා පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 7.00-7.30 තෙරුවන් වන්දනාව , 8.15-10.00 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි 10.00-11.00 ධර්ම දේශනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 11.00-11.30 තෙරුවන් වන්දනාව පස්වරු 1.00-2.00 ධර්ම දේශනාව දොරොව්වේ ඤාණරතන හිමි, 2.00-3.00 ධර්ම සාකච්ඡාව ,4.00-5.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති උනින්දුවෙල සුමනසාර හිමි, 5.00-6.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති අළුත්වෙල ධම්මසති හිමි, 7.00 අටවිසි බුද්ධ වන්දනාව


තෙලවල විජයරූපාරාම ධර්මායතනය

මොරටුව, කටුබැද්ද, තෙලවල, විජයරූපාරාම ධර්මායතනාධිපති, කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක ‘ශාසන කීර්ති ශී‍්‍ර’ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පුරපොහෝ දින වැඩසටහන පැවැත්වේ.

පෙරවරු 6.30- 7.30 උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව දම්පහළ ඤාණරතන නාහිමි, 8.30 – 9.30 ධර්ම දේශනය දම් පහළ ඤාණසුධීර හිමි, 10.00-10.40 ජාතක කථා දේශනය හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 10.45 දවල් අටවිසි සම්බුද්ධ පූජාව,

පස්වරු 12.30 -2.00 ගිහි දේශනය ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා ,2.15 – 3.00 වඳුරඹ ඤාණලංකාර හිමි 03.15-4.00 භාවනාව, දම්පහළ ඤාණරතන නාහිමි, 4.00-5.00 මහාසමය සූත්‍ර දේශනාව සහිත පිරිත් සජ්ඣායනය ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා, 5.00 සිල් පවාරණය සිදු කිරීම 6.30- 7.30 බෝධි පූජාව සහ පුණ්‍යානුමෝදනාව දම්පහළ ඤාණරතන නාහිමි

බුදුසරණ පුවත්පත ධර්මදානය පිණිස බෙදාදීමේ දායකත්වය මොරටුව තරුණ බෞද්ධ සමිතිය විසිනි.


තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

පෙරවරු 5.30 ක්ෂීරපායාස බුද්ධ පූජාව 6.00-7.00 සීල සමාදානය හා අනුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි නාහිමි, 8.00- 9.00 ධර්ම දේශනාව ගම්පහ මහානාම හිමි, 9.00-9.30 භාවනාව, 9.30-10.30 ධර්ම දේශනාව බලංගොඩ කන්දෙකුඹුරේ රාධ හිමි.10.30- 11.00 දෙතිස් ව්‍යාංජන සහිත සම්බුද්ධ පූජාව පස්වරු 12.15 – 1.00 පින් අනුමෝදනාව සහ ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාව, 1.00- 2.00 ධර්ම දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි නාහිමි 2.00- 3.00 ධර්ම දේශනාව කැලණියේ ශාසනවංස හිමි, 3.30- 5.00 ධර්ම සාකච්ඡාව මහකෙළියේ ලොකු ස්වාමීන් වහන්සේ සමඟ මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේ , 5.00 සිල් පවාරණය කරණීය මෙත්ත සූත්‍ර දේශනාව, 6.00 ඖෂධ 108 න් යුක්ත සම්බුද්ධ පූජාව


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයේ දී දුරුතු පුන් පොහෝ දින අළුයම 5.30 ට ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් ද පෙරවරු 6.00 පස්වරු 6.00 දක්වා සීල,භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් ද පැවැත්වේ. පෙරවරු 8.00 – 10.00 දහම් දෙසුම රදාවඩුන්නේ ඥානවිමල හිමි 11.00 දවල් බුද්ධ පූජාව පස්වරු 12.00 – 12.30 ධම්මචක්කපවත්වන සූත්‍ර සංජ්ඣාජානය 1.00 -2.00 දහම් දෙසුම ගංගොඩවිල පඤ්ඤෝදාරාමවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.2.15 - 3.00 ධම්ම පදය 3.00-5.00 භාවනා වැඩසටහන ගම්පහ මහානාම හිමි, සවස 6.00 සිට මල්, පහන්, ගිලන්පස, අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පවත්වනු ලබයි. සුපුරුදු පරිදි මෙම දුරුතු පුර පසළොස්වක පොහොය දිනයෙහිදී ද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ අනුග්‍රහයෙනි.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ

තරුණසීල සමාදාන වැඩසටහන

පෝදා පෙරවරු 6.00-7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව , ගල්කිස්සේ සෝමානන්ද හිමි, 8.00-9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 09.00-10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද මහා නාහිමි, 10.00-11.15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25- 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා 12.30-1.00 පිරිත් හා තෙරුවන් ගුණ වාරියපොළ ධම්මශාන්ත හිමි, 1.00-2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00-3.00 වෙසෙසි දෙසුම මනෝ චිකිත්සක චමින්ද වීරසිරිවර්ධන මහතා 3.00-4.00 ධර්ම දේශනාව රත්මලාන ධර්ම පර්යේෂණාලයාධිපති ශාස්ත්‍රපති හෑගොඩ විපස්සි හිමි, 4.15-5.00 ධම්මපදය පණ්ඩිත උල්ලිඳුවාවේ විනයධම්ම හිමි, 5.00-6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00-6.30 බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි


වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි සාක්‍යමුණි බෞද්ධ විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත දිගාමඩුල්ලේ විමලානන්ද නාහිමි, 8.00 – 9.00 භාවනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 9.00 – 10.00 සූත්‍ර දේශනාව අගලවත්ත කිතුල්ගොඩ ආරණ්‍ය සේනාසනාධිපති වැලිමඩ පසන්න මානස හිමි, 10.00 – 11.00 ධර්ම දේශනාව දෙල්කඳ පුෂ්පාරාමාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කහටපිටියේ පඤ්ඤාසාර නා හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව ඇරැව්වල සමිත හිමි, බදුල්ලේ ශාසනවංස හිමි, පස්වරු 12.15 – 12.20 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.20 – 01.00 පිරිත් හා තෙරුවන් ගුණ මීගොඩ මධුභානි හිමි අයගම සමිත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව පණ්ඩිත ගල්කිස්සේ සෝමානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව පිළියන්දල වෑවල උද්යෝගිපුර සිරි විජයාරාමවාසී රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කදුරුපොකුණේ ධම්මාලෝක හිමි, 3.00 – 3.45 ධර්ම දේශනාව දර්ශනපති රාජකීය පණ්ඩිත වටගෙදර විමලබුද්ධි අනු නාහිමි, 4.00 – 5.00 ධර්ම දේශනාව උඩහමුල්ල පඤ්ඤෝධාරාමවාසී දර්ශනපති වල්ගම සුමන හිමි, 5.00 – 6.00 ධම්ම පදය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි.


කැලණිය තරුණ බෞද්ධ සමිතිය

පෝදා පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව, 8.15 භාවනා වැඩසටහන 9.15 ධර්ම දේශනය 10.30 බුද්ධ පූජාව බොරලකන්දේ ඤාණින්ද හිමි,

පස්වරු 1.15 ධර්ම දේශනය, 2.15 ධර්ම දේශනය, 4.00 ධර්ම දේශනය , 5.00 බෝධි පූජාව බොරලකන්දේ ඤාණින්ද හිමි, 6.00 සිල් පවාරණය


ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ පින්කම්

පෝදා පෙරවරු 6.15 සිල් දීම සහ බුද්ධ පූජාව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත නා හිමි, 8.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති වාව්වේ විජිතවංස හිමි, 9.30 භාවනා වැඩසටහන බෝධිරාජ මහා පිරිවෙන් ආචාර්ය ශාස්ත්‍රවේදී පනාමුරේ ධම්මරුචි හිමි, 10.30 දවල් බුද්ධ පූජාව , මයුරාගම විපස්සි හිමි, 10.45 භික්ෂූන් වහන්සේලා සහභාගිවන පිණ්ඩපාත චාරිකාව පස්වරු – 1.00 ධර්ම දේශනය රාජකීය පණ්ඩිත වේල්වත්තේ දේවමිත්ත හිමි, 2.00 ධර්ම දේශනය දෙහිවල චන්දිම හිමි, 3.45 ධර්ම සාකච්ඡාව ඇඹිලිපිටියේ ඉන්දරතන හිමි, 5.00 සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව, බෝධිරාජ විද්‍යාලයේ ආචාර්ය රාජකීය පණ්ඩිත ඇඹිලිපිටියේ සුජාත හිමි, 7.00 සන්ධ්‍යා බුද්ධ පූජාව බෝධිරාජ පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රවේදී මොරකැටියේ නාගිත හිමි සහ මයුරාගම විපස්සි හිමි 8.00 ධර්ම දේශනාව බෝධිරාජ පරිවෙනාධිපති ශාස්ත්‍රපති හත්පෝරුවේ ධම්මාධාර හිමි


කොබවක සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරයේ දී දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි දුරුතු මස පුර පසළොස්වක පෝය දින දවස පුරා පින්කම් රැසක් පැවැත්වේ. පෙරවරු 08.30 ධර්ම දේශනාව කොබවක විමලධම්ම හිමි,09.30 සදහම් වන්දනාව හා භාවනාව සමඟ දවල් බුද්ධ වන්දනාව මෙහෙයවීම හොරණ ශී‍්‍ර අනුලාරාමවාසී ආදළුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ , සවස 01.30 උපදේශන වැඩසටහනකි ,එය මෙහෙයවනු ලබන්නේ පේ‍්‍රමරත්න ගමගේ මහතා විසිනි. සවස 4.00 ට ධර්ම දේශනාව ගෝවින්නේ ඉන්දසුමන හිමියන් විසිනි.

 

දුරුතු පුර පසළොස්වක


දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 20 වනදා ඉරිදා අපරභාග 02.19 ට ලබයි. 21 වනදා සඳුදා පූර්ව භාග 10.45 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 20 වනදා ඉරිදා ය.

 

මීළඟ පෝය ජනවාරි 27 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 20

Second Quarterඅව අටවක

ජනවාරි 27

Full Moonඅමාවක

පෙබරවාරි 04

First Quarterපුර අටවක

පෙබරවාරි 12


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]