UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහාථූප පූජාව හා සත්ජන අධ්‍යාත්මික සත්‍යක්‍රියාව පෙබරවාරි 2 වන දා රුවන්වැලි සෑ මළුවේ දී

මහාථූප පූජාව හා සත්ජන අධ්‍යාත්මික සත්‍යක්‍රියාව
පෙබරවාරි 2 වන දා රුවන්වැලි සෑ මළුවේ දී

“මිනිස් සිත් සතන් තුළ මනුෂ්‍ය ධර්ම අවදි වී සත් මඟට යොමු වේවා” යන අධිෂ්ඨානය ඇතිව සිදු කරන මහාථූප පූජාව හා සත්ජන අධ්‍යාත්මික සත්‍යක්‍රියාව පෙබරවාරි 02 දින සවස 6.00 සිට රාත්‍රී 8.00 දක්වා අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේ දී සිදු කෙරේ.

සවස 6.00 – 7.30 අෂ්ඨපාන ගිලන්පස සහිත මහාථූප පූජාව පැවැත්වෙන අතර රාත්‍රී 7.50 – 8.00 සත්ජන අධ්‍යාත්මික සත්‍යක්‍රියාව පැවැත්වේ.

සත්‍යක්‍රියාව - ඔබගේ ජීවිතයේ යම් අකුශලයකින් වැළකී සිටි අවස්ථාවක් හෝ ඤාණ සම්ප්‍රයුක්තව කුශලයක යෙදුණු අවස්ථාවක් හෝ යම් ධාර්මික ප්‍රතිපදාවක් අවංකව පුහුණු කළ කාල පරිච්ඡේදයක් හෝ කල්වේලා ඇතිව සිහි කරගන්න. 2019 පෙබරවාරි 02 දින රාත්‍රී 7.50 සිට 8.00 දක්වා රුවන්වැලි සෑ මළුවේ දී (නැතහොත් ඔබ සිටින කොතැනක හෝ හිඳ) එම සද් ක්‍රියාව හෝ එම සද් ප්‍රතිපදාව සිහිකර, එම සත්‍ය බලයෙන් හා එම කුසල බලයෙන් ‘මිනිස් සිත්සතන් තුළ මනුෂ්‍ය ධර්ම අවදි වී සත් මඟට යොමු වේවා’යි අධිෂ්ඨාන කරන්න යැයි පෝරුවදණ්ඩ සත්ජන සමාජ සංවර්ධන පදනමේ, සත්ජන අධ්‍යාත්මික බලමුළුව එය සංවිධානය කරමින් සඳහන් කරයි.

 

දුරුතු පුර පසළොස්වක


දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 20 වනදා ඉරිදා අපරභාග 02.19 ට ලබයි. 21 වනදා සඳුදා පූර්ව භාග 10.45 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 20 වනදා ඉරිදා ය.

 

මීළඟ පෝය ජනවාරි 27 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 20

Second Quarterඅව අටවක

ජනවාරි 27

Full Moonඅමාවක

පෙබරවාරි 04

First Quarterපුර අටවක

පෙබරවාරි 12


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]