UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දිවියක අරුත වටහා ගනිමු

දිවියක අරුත වටහා ගනිමු

" කෙතරම් යහපත් හෝ අයහපත් අයෙකු වුවද, ඒ අයගේ ස්වභාවය මැනවින් දැන හඳුනාගෙන ඔවුන්ගේ අගුණ, අගුණ හැටියටද, ගුණ ගුණ හැටියට ද, හඳුනාගෙන අමනාප නොවී ජීවත්වීම කෙනෙකුගේ පෞරුෂයේ පවතින සුබ ලක්ෂණයකි. අන්‍යයන්ගේ අඩුපාඩු පිළිබඳ කල්පනා කරන කෙනෙකුට ඒ අයගේ අඩුපාඩු ම කල්පනා වෙයි. කෙනෙකුගේ අඩුපාඩු පිළිබඳ කතා කරන කෙනෙකු නිතර නිතර කතා කරන්නේ ද ඒ ගැනම යි."

" කෙතරම් යහපත් හෝ අයහපත් අයෙකු වුවද, ඒ අයගේ ස්වභාවය මැනවින් දැන හඳුනාගෙන ඔවුන්ගේ අගුණ, අගුණ හැටියටද, ගුණ ගුණ හැටියට ද, හඳුනාගෙන අමනාප නොවී ජීවත්වීම කෙනෙකුගේ පෞරුෂයේ පවතින සුබ ලක්ෂණයකි. අන්‍යයන්ගේ අඩුපාඩු පිළිබඳ කල්පනා කරන කෙනෙකුට ඒ අයගේ අඩුපාඩු ම කල්පනා වෙයි. කෙනෙකුගේ අඩුපාඩු පිළිබඳ කතා කරන කෙනෙකු නිතර නිතර කතා කරන්නේ ද ඒ ගැනම යි."

ලෝකයේ මෙතෙක් පහළ වී ඇති ආගමික නායකයන් සහ දාර්ශනිකයන් අතර බුදුරජාණන් වහන්සේ සුවිශේෂී උත්තමයන් වහන්සේ යි. උන්වහන්සේ සමාජය දෙස හෙළූ දෘෂ්ටි කෝණයේ පුළුල් බව එයට ප්‍රධානම හේතුවයි. බුදුරජාණන් වහන්සේ ලෝකය හා සමාජය දෙස හෙළූ දැක්ම තරම් පුළුල් චින්තනයක් කිසිදු ආගමික ශාස්තෘවරයෙකු හෝ දාර්ශනිකයකු තුළ නැත. එනිසාම බුදුරජාණන් වහන්සේ ලෝකයේ ශ්‍රේෂ්ඨ වෙති.

ශ්‍රේෂ්ඨත්වයේත්, සත්‍යයේත් උපත බුදු උපත වශයෙන් දැක්විය හැකි ය. බුදුදහම තුළ අන්තර්ගතව ඇත්තේ සෑම මනුෂ්‍යයකු විසින්ම අනුගමනය කළ යුතුම ක්‍රියා පිළිවෙතකි. ඉන් පරිබාහිරව කටයුතු කළ ඕනෑම අයෙකුට ජීවිතයේ සැහැල්ලුව සහ සැනසුම නැතිවෙයි. සෑම දර්ශනයකට මෙන්ම ආගමකට ද ආචාර ධර්ම පද්ධතියක් අත්‍යවශ්‍ය ය.

එදිනෙදා කරන කියන කටයුතු කාරණාවලදී දැක්මක් ඇතිකර ගැනීම සඳහාත්, සමාජ හිතකාමී බව, මානව දයාව වර්ධනය කර ගැනීම පිණිස ත්, ආචාර ධර්ම අත්‍යවශ්‍ය ය. තමා කරනු ලබන ක්‍රියාව වැදගත් නොවේ. එය වැදගත් වන්නේ ඒ සඳහා තමා තුළ පවතින පෙර සූදානම අනුව යි. පෙර සූදානම ද සහිත ව තමා ලබන්නට කැමැති දෙය සමාජයට දීම උතුම් ය. තමා ලබන්නට අකැමැති දෙය සමාජයට නොදිය යුතු ම ය. පුද්ගලයා සහ සමාජය දෙකක් නොවන බව බෞද්ධ ඉගැන්වීම තුළ පවතියි. පුද්ගල මතය නරකට හැරුණු විට සමාජය ද එසේ වෙයි.

සමාජය පුද්ගලයන් එකතුවක් වන බැවින් පුද්ගලයා අනුව සමාජය වෙනස් වෙයි. සමාජය මැනවින් අධ්‍යයනය කිරීමෙන් පුද්ගලයා සිතන පතන ආකාරය හඳුනාගත හැකි ය. නමුත් වර්තමාන සිංහල සමාජය තුළ පුද්ගලයා තනි තනිව හඳුනාගැනීමේ දී බොහෝ විට දක්නට ලැබෙන්නේ මිනිසා යහපත් බව ය. නමුත් යහපත් මිනිසා කණ්ඩායම් ගැසුණු විට ඇති යහපතක් නැති බව ද ඇතැම් විට පෙනේ. මිනිසා තුළ පවතින කිසියම් ව්‍යාජයක් ඉන් හෙළිවෙයි.

මිනිස් ජීවිතයක මූලික අංගයක් ලෙස පරාර්ථචර්යාව තිබිය යුතු ය. කණ්ඩායමකට ද පරාර්ථචර්යාව තිබිය යුතු ය. මඝ මානවක කතාවෙන් ලබාදෙන උපදේශය ද කණ්ඩායම් හැඟීමෙන් පරාර්ථය වෙනුවෙන් කැපවිය යුතුය යන්න යි.

ක්‍රියාවේ විපාකය ලැබෙන්නේ පොදු සමාජය ඒ සිද්ධි පිළිබඳව සිතන ආකාරය අනුව නොව, ක්‍රියාව කරන අවස්ථාවේ තමා ඒ පිළිබඳ කල්පනා කළ ආකාරය අනුව යි. හුදකලාව විසීම සහ අන්‍යයන් සමඟ එක්ව විසීම යනුවෙන් ජීවත්වීමේ ක්‍රම දෙකකි. ගෘහ ජීවිතය ගත කරන කෙනෙකුට හුදකලාව විසීම තරමක අසීරු දෙයකි. ඒ අයට අන්‍යයන් සමඟ එක්ව විසීම අත්‍යවශ්‍ය වෙයි. කෙනෙකුට එක්ව විසීම සිදුවන්නේ තම සැමියා හෝ බිරිඳ දරුවන් නෑදෑයන් සහ අසල්වාසීන් ය. කෙතරම් යහපත් හෝ අයහපත් අයෙකු වුවද, ඒ අයගේ ස්වභාවය මැනවින් දැන හඳුනාගෙන ඔවුන්ගේ අගුණ, අගුණ හැටියටද, ගුණ ගුණ හැටියට ද, හඳුනාගෙන අමනාප නොවී ජීවත්වීම කෙනෙකුගේ පෞරුෂයේ පවතින සුබ ලක්ෂණයකි. අන්‍යයන්ගේ අඩුපාඩු පිළිබඳ කල්පනා කරන කෙනෙකුට ඒ අයගේ අඩුපාඩු ම කල්පනා වෙයි. කෙනෙකුගේ අඩුපාඩු පිළිබඳ කතා කරන කෙනෙකු නිතර නිතර කතා කරන්නේ ද ඒ ගැනම යි. එයට හේතුව අනෙකාගේ අඩුපාඩු ගැනම කල්පනා කිරීම යි. කෙනෙකුට එක්ව විසීම අපහසු වන්නේ ද, ඔහුගේ පෞරුෂයේ අනුන්ගේ අඩුපාඩු කල්පනා කිරීම නමැති දුර්වලතාවය නිසා ය. අපේ පවුල් පරිසරය තුළත්, මව්පිය දූ දරු සබඳතාවය තුළත්, නෑදෑ පිරිස සහ අසල්වාසීන් සමඟත් කෙනෙකුට ජීවත්වීමට අපහසුවනවා නම්, එකී කාරණාව නිසා ය.

සබඳකම්, සුහදකම්, ඇතිකර ගැනීම වශයෙන් එක්වීම කළයුත්තේ බුද්ධිමත් මිනිසුන් විසින් පමණි. අනෙකා වටහා ගැනීමට නොහැකිව ගැටුම් ඇතිකර ගනු ලබයි. බණ පොතේ උගන්වනු ලබන සංඝටිඨ යන වචනයේ තේරුම එක්ව විසීම යි. එක්ව විසීම කොටස් පහකට ධර්මයේ පැහැදිලි කරනු ලබයි. එනම්, දස්සන, සවන, සමුල්ලාප, පරිභෝග, කාය වශයෙනි.

දස්සන – ඔවුනොවුන් දැකීම් වශයෙන් එක්වීමයි. නොදැක විසීමට බැරිකම ය.

සවන – ඔවුනොවුන් පිළිබඳ තොරතුරු ඇහීම් වශයෙන් එක්වීම ය.

සමුල්ලාප – ඔවුනොවුන් හා කතා කිරීම් වශයෙන් එක්වීම යි.

පරිභෝග - ඔවුනොවුන් සතු දෑ අනුභව කිරීම් වශයෙන් එක්වීම ය.

කාය – ඔවුනොවුන් හා කයින් කය ගැටීම් වශයෙන් එක්වීම ය.

මෙවැනි ආකාරයෙන් පස් වැදෑරුම් එක්වීම් සමාජය තුළ දකින්නට ලැබුණත්, මිනිසා බහුලව ගැටුම් ඇතිකරගනු ලබන්නේ සමුල්ලාප නමැති කාරණයේ දී ය. හිත් බිඳීම්, හිත් රිදවීම් හා බොහෝ ගැටුම් සිදුවන්නේ එහි දී ය. එයට ප්‍රධානම හේතුව අහිත අදහස් හඳුනා නොගෙන තමාගේ අදහසට අනිකා ද එකතු කර ගැනීමට කරනු ලබන උත්සාහයේ දී ය. පංච ඉන්ද්‍රියයන් තුළින්ම තම සිතෙහි පවතින අදහස අනිකාට දිය හැකි වුවද වචනයෙහි අදහස් අනිකාට දීම බුද්ධිමත්ව කළ යුතු දෙයකි. සමාජයේ පවතින සෑම ගැටලුවකටම හේතුව එකී පුද්ගල දුර්වලතාවය යි.

සැවැත්නුවර එක්තරා භික්ෂූන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් භාවනා කිරීමට කමටහන් ලබාගෙන භාවනා කිරීම

-- හේමමාලා රන්දුනු සඳහා වනයට වැඩම කළහ. අසල තිබූ ගල්ලෙනක් භාවනා කිරීම සඳහා තෝරා ගත්හ. එය එක්තරා දේවතාවියකගේ විමන කි. උන්වහන්සේගේ සිල්වත්බව සිතා දේවතාවිය එතැනින් ඉවත්විය. තෙරණුවෝ පසු දිනක වෙනත් ස්ථානයකට වැඩම කරනු ඇතැයි සිතුව ද තෙරුණුවෝ අසළ ගමක පිඬුසිඟා වැඩ ආපසු ලෙන තුළට ගොස් භාවනා කළහ.

මාස තුනක් ම ලෙනෙහි වැඩ වෙසෙමින් භාවනා කළහ. උන්වහන්සේ පබ්බාරවාසී තිස්ස යනුවෙන් ප්‍රසිද්ධ වූහ. පබ්බාරවාසී තිස්ස තෙරුන් දිගටම ලෙනෙහි වැඩ විසීම පිළිබඳ දේවතාවියගේ සිතේ නොමනාපයක් ඇතිවිය. තෙරුන් පළවා හැරීමට උපක්‍රම යෙදූ දේවතාවිය ඇය උපස්ථාන කරන උවැසියගේ වැඩිමල් පුතුට ආවේශ විය. ඇස් දෙක පිටතට නෙරා ආවේ ය. කටින් කෙළ වැගිරෙන්නට විය. ඔහුගේ මව බියටපත්ව හඬන්ට විය. දේවතාවිය නොපෙනී සිටිමින්, තම පුතු සුවකර ගැනීමට අවශ්‍ය නම් පබ්බාරාවාසීතිස්ස තෙරුන්ගේ පා සේදූ පැන් පුතුගේ හිසට ඉසින ලෙස දැන්වී ය. උවැසිය තෙරුන් වහන්සේ දන් වැළඳීමට වැඩම කළ අවස්ථාවේ උන්වහන්සේගේ පා සේදූ පැන් ගෙන හිමියනි, මේ පැන් පුතුගේ හිසට සහ මුහුණට ඉසින්නට අවසර දුන මැනවැයි කී ය. තෙරණුවෝ අවසර දුන්හ. ලෙනේ වාසය කළ දේවතාවියගේ උපක්‍රමය වැරැදිනි. තෙරණුවෝ බණ භාවනා කොට රහත් වූහ.

 

උඳුවප් පුර පසළොස්වක පෝය


උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 22 වනදා සෙනසුරාදා පූර්ව භාග 02.08 ට ලබයි. එදිනම අපරභාග 11.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 22 වනදා සෙනසුරාදාය.

 

මීළඟ පෝය දෙසැම්බර් 29 වනදාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 22

Second Quarterඅව අටවක

දෙසැම්බර් 29

Full Moonඅමාවක

ජනවාරි 05

First Quarterපුර අටවක

ජනවාරි 14


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]