UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු ගුණ සිතට දැනේවා

සම්බුදු ගුණ සිතට දැනේවා

බුදු ගුණ සුවඳ, බුදු ගුණ මිහිර සිතට දැනෙන්න දැනෙන්න ගත සිත සැනසෙනවා. මිනිසුන් අතර පහළ වුණ අසම සම මහා නිදුකාණන් වහන්ස, ස්වාමීනි,ඔබ වහන්සේ තරම් මහා පින් ඇති උතුමෙක් කාට සම කරන්න ද? ස්වාමීනි අපේ හිත් අසරණයි. වෛරයෙන්, ක්‍රෝධයෙන් ,ඉරිසියාවෙන් සිත කුඩු කරගෙන, ස්වාමීනි. ඔබ වහන්සේගේ බුදු ගුණ සුවඳ, බුදු මිහිර තරම් සැනසීමක්, සුවයක් තවත් මේ ලෝකයේ නැහැ බුදුහාමුදුරුවනේ, අප කවුරුවත් නරක නැහැ. අපේ හිතට පිහිටක් ඕනේ.

පින්වතුනේ, තණපිඩැල්ලක් ගැන හිතමු. දැන් මේ තණපිඩැල්ල ලස්සනට තිබුණට මාසයක් දෙකක් පිරිසුදු නොකෙරුවොත් ඒවා අතරින් තුත්තිරි ගස් මතු වෙනවා. අන්න ඒ වගේ අපි හිත පරිස්සම් කරගන්න ඕනෑ. හිත පිරිසුදු කරගන්න ඕනෑ, කප්පාදු කරගන්න ඕනෑ. එතකොට තුත්තිරි ගස් වගේ වෛර ක්‍රෝධ සිතිවිලි මතු වෙන්නේ නැහැ. අපි ලස්සන හිත් හදාගනිමු. ඒ ලස්සන හිත කාටවත් රිදවන්න දෙන්න එපා, වනසන්න දෙන්න එපා. ලෝකය දිහා නපුරු සිතින් බලන්න එපා.මේ භවයේ ලස්සන හිතක් ඇති මනුස්සයා සංසාර ගමනෙත් ලස්සන හිතක් ඇතුව ඉපදෙනවා. ඔබේ කීර්තිය මනුලොවට පමණක් සීමා කරන්න එපා. ඒ කීර්තිය දෙව්ලොවටම පතුරුවන්න ඕනෑ. කාමය, රාගය කියන්නේ විෂකුරු නාගයෙක් වගෙයි. කාම රාගයෙන් සිත් අනාථ වෙන විට මව් පදවිය මතක නැහැ. පිය පදවිය මතක නැහැ. බ්‍රහ්මචාරි ජීවිතය ලෝකයට මහා ආශිර්වාද ජීවිත හැටියටයි සැලකෙන්නේ.

බ්‍රහ්මචාරි ජීවිතය රකින මිනිසුන්ට දෙව් බඹුන් පවා නමස්කාර කරනවා. සැඟවිලා වරදක් කළත් වරද වරදමනේ. පින්වතුන් කාට නොපෙනෙන්න වැරැදි කළත් සිතට නොපෙනෙන්න වැරැදි කරන්න බැහැනේ. පින්වතුනේ, නිතරම බාධක එන්නේ කාටද? වැඩ කරන කෙනාටමනේ. ගෙදරක වුණත් වළං පිඟන් සෝදන ඇත්තාගේ අතින් ම නේද ඒවා කැඩිලා බිඳිලා යන්නේ. එතකොට වැඩියෙන්ම වැඩ කරන ඇත්තමනේ බැනුම් අහන්නේ. වැඩියෙන් වැඩ කරන ඇත්තට තමයි නින්දා, කරදර, බැණුම් චෝදනා එන්නේ.

නිහඬව සිටියත් නිගා කරන්නේ
දොඩ මළු වූවත් නිගා කරන්නේ
පමණට පිනුවත් නිගා කරන්නේ
නින්දා නොලබන අය නොමවන්නේ

ජීවිතයේ සැප සම්පත් පි‍්‍රය කරන ඇත්තා පටන් ගත් වැඩේ හරියට කරන්න ඕනෑ. උත්සාහය මොනම හේතුවක් නිසාවත් අතහරින්න හොඳ නෑ. තණ්හාව නිසා අපි මේ සසර ගමනට එකතු වුණා. තණ්හාව භරිත. පුද්ගලයාට සතර අපාය ගෙදර වගෙයි කියනවනේ. යකඩය විනාශ වන්නේ යකඩයේ ම හටගන්නා මලකඩ නිසයි. අන්න ඒ වගේ සිත තුළ හටගන්නා ඉරිසියාව ,ක්‍රෝධය, වෛරය, පළිගැනීම නිසා හිත විනාශ වෙනවා. හිත පරිස්සම් කරගන්න ඕනෑ. හොඳ හිත ලබන මානසික සුවය හරි වටිනවා. මේ හිත හරිම පුදුමයි. හිත කියන විදිහට වැඩ කරන්න හොඳ නෑ. අපේ හිතට නායකයෙක් ඕනෑ. අපි බුදුරජාණන් වහන්සේ නමැති නායකයාණන්ට හිතේ නායකත්වය දෙන්න ඕනෑ. හිතට ඕනෑ විදිහට වහල් වෙන්න එපා. හිත කියන විදිහට වැඩ කරලා සංසාර ගමනම වනස ගන්නද හදන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි අපේ නායකයාණන් වහන්සේ. අපි ළඟ වැරැදි තියනවා. අඩුපාඩුකම් තියනවා. අපි නික්ලේශීව මේ ලෝකේ ඉපදුණේ නැහැ. බෝධිසත්වරු සමඟ ඉපදුණේ නැහැ. අපි කාගෙත් වැරැදි අඩුපාඩුකම් තියෙනවා. ශ්‍රී සද්ධර්මය තවම ජීවමානයි. අපේ හිතෙන් කෙලෙස් නිවෙන්න නිවෙන්න නික්ලේශී ඔබ වහන්සේ අපේ හිතට වඩිනවා. ස්වාමීනි, ඔබ වහන්සේ තමන්ගේ අය කියලා කිසි කෙනෙක් වැඩියෙන් ළඟට ගත්තෙත් නැහැ. අනුන්ගේ අය කියලා කිසිම කෙනෙක් අහක දැම්මේත් නැහැ. හරි පුදුමයි බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේගේ ගුණ කොහොම කියන්න ද?

 

උඳුවප් පුර පසළොස්වක පෝය


උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 22 වනදා සෙනසුරාදා පූර්ව භාග 02.08 ට ලබයි. එදිනම අපරභාග 11.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 22 වනදා සෙනසුරාදාය.

 

මීළඟ පෝය දෙසැම්බර් 29 වනදාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 22

Second Quarterඅව අටවක

දෙසැම්බර් 29

Full Moonඅමාවක

ජනවාරි 05

First Quarterපුර අටවක

ජනවාරි 14


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]