UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව උඳුවප් පෝදා මිහින්තලා පුදබිමේ දී

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව උඳුවප් පෝදා මිහින්තලා පුදබිමේ දී

මිහින්තලා ලේක්හවුස් මාසික කප්රුක් පූජා පින්කම උඳුවප් පුර පසළොස්වක පෝදා මිහින්තලා පුදබිමේ දී මිහින්තලා රාජ මහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

වැල්ලවත්ත ස්වර්ණපාර ශ්‍රී ස්වර්ණ බෝධිරාජ විහාරාධිපති කිරිවල්දොළ පියනන්ද නා හිමියන්ගේ මඟ පෙන්වීමෙන් සහ විහාරස්ථ සංඝමිත්තා කළගුණ සලකමු පදනම සහ වැල්ලවත්ත පියනන්ද සමාජ සේවා පදනමේ ප්‍රධාන ලේකම් ආගමික කටයුතු නෝනාපීනුවල චන්දානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වේ.

සංඝමිත්තා කලගුණ සලකමු පදනමේ ආගමික කටයුතු ප්‍රධාන සංවිධායිකා භද්‍ර වානගුරු මෑණියන් සහ එම පදනමේ පෙරහර කමිටුවේ සංවිධායක එල්.එම්. ධනුෂ්ක නුවන් ලක්මාල් එම පදනමේ දකුණු පළාත් සංවිධායක අතුරුගිරිය රුක්මල්ගම විජය පාරේ සෝමපාල හෙට්ටිආරච්චි එම පදනමේ වීරවිල හම්බන්තොට සංවිධායක කේ.ජී. ජයලත් කොළඹ දිස්ත්‍රික්කයේ පෙරහර කමිටුවේ සංවිධායක සුදත් රෝහණ, පොල්ගස්ඕවිට පිළියන්දල පෙරහර කමිටුවේ සංවිධායක අජිත් රෝහණ. කඩවත විපුල සිරි හෝටලයේ අධිපති සංඝමිත්තා පෙරහර කමිටුවේ ප්‍රධාන සංවිධායක විපුලසිරි මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සහ චන්ද්‍රදාස සරත් මහතා ඇතුළු කාර්යය මණ්ඩලයේ අනුග්‍රහයෙන් එම පින්කම පැවැත්වේ.

වැල්ලවත්ත ශ්‍රී ජිනානන්ද ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සංඝමිත්තා පදනමේ අනුශාසකක ඌරුමුත්තේ සුගතානන්ද නාහිමියන් සහ කැලණියේ සිංහාරමුල්ල හේමමාලා ආරාමාධිපතිනි හේමමාලි සුමංගලා මෙහෙණින් වහන්සේ.

මහරගම දහම් මාවතේ මානෙල් අයිල පෙරුම මහත්මිය සහ හබරකඩ පදිංචි සංඝමිත්තා පදනමේ ලේකම් පුෂ්පා බොතේජු මහත්මිය ඇතුළු පිරිසගේ ද අනුග්‍රහය ද ඊට එක්වෙති.

 

උඳුවප් පුර පසළොස්වක පෝය


උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 22 වනදා සෙනසුරාදා පූර්ව භාග 02.08 ට ලබයි. එදිනම අපරභාග 11.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 22 වනදා සෙනසුරාදාය.

 

මීළඟ පෝය දෙසැම්බර් 29 වනදාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 22

Second Quarterඅව අටවක

දෙසැම්බර් 29

Full Moonඅමාවක

ජනවාරි 05

First Quarterපුර අටවක

ජනවාරි 14


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]