UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

බුදුසරණ සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

311. මූණමල්දෙනියේ - ශ්‍රී සුමංගල දහම් පාසලේ
11 ශ්‍රේණියේ
ඊ.එම්. ගීතිකා අමන්දා

312. යටපාත - සිරි ජිනරතන දහම් පාසලේ
9 ශ්‍රේණියේ
නවෝද්‍යා ශෂිනි විජේසිංහ

313. තංගල්ල – ආදර්ශ ප්‍රාථමික විදුහලේ
5 ශ්‍රේණියේ
ඩබ්.වී.පී. බිනුරි ගිම්හානි

314. නක්කාවත්ත – ප්‍රාථමික විදුහලේ
2 ශ්‍රේණියේ
මිහෙළි සිතුමිදි දිනානායක.

315. තිහගොඩ - ශාන්ත තෝමස් විදුහලේ
8 ශ්‍රේණියේ
කේ.පී. නිපුන් නිම්සර රත්නායක.

316. රත්නපුර - සාන්ත ඇග්නස් බාලිකා ම. විදුහලේ
13 ශ්‍රේණියේ
ඩී.එම්. අචිනි ඉසන්තිකා රාජපතිරණ

317. තිහගොඩ - සාන්ත තෝමස් විදුහලේ
3 ශ්‍රේණියේ
කේ.පී. නෙතුම් නෙත්සර රත්නායක.

318. බලංගොඩ - ශ්‍රී බෝධිගුත්තාරාමයේ
11 ශ්‍රේණියේ
එම්.කේ. පියුමි වාසනා.

319. නාරගල - හෝ / ගෝවින්ද මහ විදුහලේ
6 ශ්‍රේණියේ
ඩබ්. සඳුනි හංසිකා.

320. පානදුර ශ්‍රී සුමංගල බාලිකා මහා විදුහලේ
12 ශ්‍රේණියේ
එන්. උදානි හංෂිනි ද සිල්වා.

****

අපවත් වී වදාළ දරණාගම කුසලධම්ම නා හිමියන්ගේ තෙමස් පූර්ණ ගුණ සමරුව නිමිත්තෙනි

කුසලධම්ම හිමි සඳ

ශ්‍රී සම්බෝධි විහාරයේ
වැඩ හිඳිමින් සිසිල් බෝපත් සෙවණේ,
අනියත බව සිහිකරමින් බවුන් වැඩූ සේක,
අපේ කුසලධම්ම හාමුදුරුවෝ
නව ලෝ හා එක්ව
අත්වැල් බැඳ තිළිණ කළේ
බෞද්ධයා ගුවන් විදුලියයි
අමා දම් රස වෑහෙන.....
අංජලිකරණීය වූ
සුපටිපන්න වූ අපේ හාමුදුරුවෝ
නිති බෝධිසම්භාර ධර්ම පිරුවා
බුදු බවම පතා
සසර සැඩ පහර නවතන්නට
පෙරුම් පුරන ඔබ වහන්සේගේ
අමරණීය ගුණ කඳ ලියා හමාර නො කරමි.
ඒ මක් නිසාදයත්
එය කිරීමට නොහැකි බැවිනි
සසුන් කෙත චන්ද්‍රයකු මෙන් බැබළවූ අපේ
කුසලධම්ම හිමියන්ට මේ පද වැල්
උපහාරයක් වේවා!!

****

දරණාගම කුසලධම්ම නා හිමි

අත්පොත ලෙසින් රඳවාගෙන දහම් කඳ
එකකින් එකට පෙරළා මුදු දහම් පොත
දෙසුවා දම් පද පිළිබඳ ඇතිව සිත
අනියත බව අසල හිමි වූවා පරාජිත

පිළිවෙත් පිරූ ආකාරය මනහරය
ලෝකෙට පොදු සදහම් පද දැන්විය
අකලට නිහඬ විය ලෝ දහම එය
දරණාගම සමිඳු සසුනට ණය නැතිය

ඇත්ත සොබාවය නොම ගත් විට තෝරා
සසර පුරා යයි නෙතු කඳුලැලි ධාරා
ඇතිවෙන සැවොම වැනසෙයි හදවත් පාරා
හටගත් හැමදෙයම වය ධම්මා සංඛාරා

****

මගේ අම්මා

අපගේ දුක සැප සොයනා අම්මේ
රස අහරින් කුස පුරවන අම්මේ
ඔබ දෙස නිරතුරු බලමින් අම්මේ
මගේ ජීවිතය පින්බර කර ගමි අම්මේ

****

මව්පිය ගුණ

දස මසක් මා කුස දැරු ආදර අම්මේ
ලේ කිරි පොවා මට පෙව් ආදර අම්මේ
මුතු පොටකට අමුණා ඔබ ගුණ කියනෙමි අම්මේ
යම් දිනයක දී සසරේ එතෙර වනු මැන අම්මේ

අපගේ බර තම කර මතට ගත් පියාණෙනි
රස අහරින් අප කුස පිරූ පියාණෙනි
නැති බැරිකම් හඟවාගෙන ඔබ සිටියේ දයාවෙනි
ඔබේ පා යුග වඳිනෙමි ආදර මගේ පියාණෙනි

****

දම්සක් පැවතුම් සූත්‍රය

බුදුරජාණන් වහන්සේ ඇසළ පුන් පොහෝදා බරණැස් නුවර ඉසිපතනාරාමයේ දී පස්වග මහණුන්ට ධම්මචක්කපවත්තන සූත්‍රය හෙවත් දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ සේක. එය බුදුන් වහන්සේගේ පළමු දම් දෙසුම ලෙස හැඳින් වේ. එහි තේරුම නම් උතුම් චතුරාර්ය සත්‍ය යි. එනම්, දුක්ඛ ආර්ය සත්‍ය - දුක යනු කුමක්ද, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය – දුකට හේතුව කුමක්ද? දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය – දුක නැති කර ගත හැකි බව, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය – දුක නැති කිරීමේ මාර්ගය.

තණ්හාව සහමුලින්ම දුරු නො කළහොත් දුක නැවත හට ගනියි. තණ්හාව සහමුලින්ම දුරු කිරීමෙන් නැවත දුකක් ඇති නොවෙයි. දම්සක් පැවතුම් සූත්‍රය අනුව ඉපදීම, ලෙඩවීම, මරණයට ගොදුරු වීම දුක ය. එය කෙටියෙන් කියතොත් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පඤ්චස්ඛන්ධය සිතින් දැඩිව ගැනීම හෙවත් උපාදානය ද දුකය. මෙම දේශනාවෙහි තේරුම මූලික අර්ථයක් නම් මිනිස් ජීවිතයේ අසාරත්වය යි. හරයක්, තේරුමක් ගත යුත්තක් නැති බව යි. ඒ අනුව තණ්හාව හේතුකොටගෙන දුක හටගනී. තණ්හාව දුරු කිරීමෙන් දුක නැති වේ. තණ්හාව නිසා දුක් වේදනාවට පත්වේ. තම ධනය සොර සතුරන් ගැනීම, ස්වභාවික විපත්වලට පත්වීම, ධනය විනාශවීම ආදියට බියෙන් හා සිත්වේදනාවෙන් පසුවෙයි. ඔහුට දුකින් මිදීමක්, සැහැල්ලු බවක්, සැනසීමක් ලැබෙන්නේ එම ධනය පිළිබඳ ආශාව අඩුකරගන්නා තරමට ය. ඇස, කන, නාසය, දිව, ශරීරය යන පසිඳුරන් සමඟ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණු ගැටීමෙන් තණ්හාව ඇතිවේ. තෘෂ්ණාවෙන් යුතු දිව්‍ය, මනුෂ්‍ය ලෝකවල ඇත්තේ එම පුද්ගලයන් ය. මනුෂ්‍ය ලෝකවල ඉපිද ලබන සුවය තාවකාලික ය. තණ්හාව දුරු කිරීමෙන් ලබන සුවය ඉතාමත් ප්‍රසන්න ජනක වේ. අපිත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට උත්සාහ කරමු.

****

වර්ණ දසකය

හැඩරුව වැටෙනා, සුන්දර කාලේ
වර්ණ දසකයයි, කියනා කාලේ
නුවණට තරමට, සරිලන තාලේ
වැඩ කටයුතු කර ගමු මේ කාලේ

සිල්ප සතර දත්, පුතුන් සිටින්නේ
මවුපියන්ට මල්, වැස්ස වහින්නේ
සොහොයුරු බැම්මෙන්, පවුල බැඳෙන්නේ
අහල පහළ අයගෙන් හිත ගන්නේ

ආව ගියාට, නොකරන් කටයුතු
දකින්න ඕනැයි, තම දියුණුව මතු
සමගි දහම නිවසට වැස්සයි මුතු
අසමගිකම් දුරලමු නිරතුරු

****

මල් පොකුරක්

 

පොසොන් පුර අටවක පෝය


පොසොන් පුර අටවක පෝය ජුනි 20 වන බදාදා පූර්ව භාග 05.00 ට ලබයි. 21 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 03.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 20 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ජුනි 27 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27

Second Quarterඅව අටවක

ජූලි 06

Full Moonඅමාවක

ජූලි 12


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]