UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මල්වතු – අස්ගිරි උභය මහා විහාරයෙන් ගෞරව සම්මාන ලැබූ අසූවන ජන්ම දිනය සමරන කේ. මීගහකුඹුර ශූරීන්

මල්වතු – අස්ගිරි උභය මහා විහාරයෙන් ගෞරව සම්මාන ලැබූ අසූවන ජන්ම දිනය සමරන කේ. මීගහකුඹුර ශූරීන්


මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ වෙතින් ‘කීර්ති ශ්‍රී ග්‍රන්ථ විශාරද’ යන ගෞරව නාම සම්මුති ශ්‍රී සන්නස් පත්‍රය කේ. මීගහකුඹුර මහතා විසින් ඓතිහාසික මංගල උපෝෂථාගාරයේ දී පවත්වන ලද උත්සවයේ දී ලබාගත් අයුරු.

 


අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානායක මා හිමිපාණන් වහන්සේ වෙතින් අස්ගිරිය මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේ දී පවත්වන ලද උත්සවයේ දී ‘ධර්ම සාහිත්‍ය ශූරී’ යන ගෞරව නාම සම්මුති ශ්‍රී සන්නස් පත්‍රය කේ. මීගහකුඹුර මහතා විසින් ලබාගන්නා ලද අයුරු. එම උත්සව අවස්ථාවන්ට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමා ප්‍රධාන සම්භාවනීය ගිහි පැවිදි පිරිසක් සහභාගි වූහ.

ආගමික, ශාසනික, ජාතික ,සංස්කෘතික හා බෞද්ධ අධ්‍යාපනය වෙනුවෙන් මහත් ශ්‍රද්ධා ගෞරවයෙන්, ආගමික මෙන් ම බෞද්ධ සාහිත්‍ය හා සංස්කෘතික කටයුතු වෙනුවෙන් ජීවිත කැප කළ වියත් විද්වතුන් කිහිප දෙනෙකු ගැන සඳහන් කරන විට අපට අමතක කළ නොහැකි අධ්‍යාපනධරයෙක්, වියත් ලේඛකයෙක් සෙංකඩගල පුවරයේ සිටී. ඒ මහනුවර ධර්මරාජය වැනි විද්‍යාල රැසක විද්වත් ගුරුවරයකු, විදුහල්පතිවරයකු, අධ්‍යාපන සේවයේ නිලධාරියකු වශයෙන් දශක හතරකට ආසන්න කාලයක් සදාචාරශීලීමත් බෞද්ධ දරු පරපුරක් බිහි කිරීමෙහිලා සේවය කර ඇති , දැනට ශ්‍රී දළදා මාළිගාවේ බෞද්ධ කටයුතු කාර්යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කරන කීර්ති ශ්‍රී ග්‍රන්ථ විශාරද, ධර්ම සාහිත්‍ය ශූරී කේ. මීගහකුඹුර මහතා යි.

අධ්‍යාපන සේවයෙන් විශ්‍රාම ලබා දශක කිහිපයක් වුවත්, බෞද්ධ සේවා කටයුතුවලින් හා ග්‍රන්ථ සංස්කරණයෙන් විශ්‍රාම නොලබා සිටින මීගහකුඹුර මහතා ශ්‍රී දළදා මාළිගාව මඟින් සෑම පසළොස්වක පෝය දිනකම ධර්ම දානයක් ලෙස බෞද්ධයන් අතට නොමිලයේ ලබා දෙන ‘දළදා වරුණ’ වසර ගණනාවක් සංස්කරණය කරයි. විශේෂයෙන් ශ්‍රී දළදා මාළිගාවේ සතර මංගල්‍යයන් හි ඓතිහාසික තොරතුරු එම මංගල්‍යයන්තුළ ගැබ් වී ඇති චාරිත්‍ර වාරිත්‍ර සම්ප්‍රදායන්, සිරිත් විරිත් මෙන් ම දළදා පෙරහරේ ඓතිහාසිකත්වය සම්බන්ධව ශාස්ත්‍රීය තොරතුරු ඇතුළත් බෞද්ධ ශාස්ත්‍රීය හා බෞද්ධ සංස්කෘතික ලිපි සිය ගණනක්, පුවත්පත් සඟරාවලට මීගහකුඹුර මහතා අතින් ලියවී ඇත. මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය අතිපූජ්‍ය මහා නායක, අනු නායක හිමිවරුන් ප්‍රධාන කාරක මහා සංඝ සභාවන්හි මහ තෙරවරුන් වහන්සේලාගේ ශාසනික තොරතුරු පිළිබඳ ව මීගහකුඹුර මහතා තුළ පවතින්නේ මහත් දැනුමකි. එය අවස්ථා රැසක දී පුවත්පත්වලින් අපි දුටුවෙමු. මේ අතර මේ දක්වා බෞද්ධ ග්‍රන්ථ දහතුනක් පමණ සංස්කරණය කර ඇත. අති උත්තම මනුෂ්‍යත්වයේ සුගන්ධ පුෂ්පය, පසළොස්වක, පොහොය වරුණ, ථෙර ථෙරී ගාථා, දස කුසල්, සිරසා නමාමි (පොත් පහළොවක් පමණ) සිරි දළදා උරුමය සහ මහනුවර ශී‍්‍ර දළදා මාළිගාව, එම ඉංශ්‍රීසි පරිවර්තනය, ඇසළ පෙරහර, කුඹුරු ලෙන රජමහා විහාරය, අනුරාධපුර රාජධානිය, ජාතියේ විමුක්තිය උදෙසා දිවි පිදූ වීර මොණරවිල කැප්පෙට්ටිපොල නිලමේ තුමා , රන් ආයුධ මණ්ඩපය, දළදා වරුණ මාසික පුවත්පත වැනි පොත පත රැසක් රචනා කොට ඇත.

ශ්‍රී දළදා මාළිගාව කේන්ද්‍රස්ථාන කරගෙන මල්වතු අස්ගිරි උභය මහා විහාරයන් ප්‍රධාන සම්බුද්ධ ශාසනය වෙනුවෙන් බෞද්ධ ග්‍රන්ථ කතුවරයෙකු, බෞද්ධ තොරතුරු විචාරකයකු, ධර්ම කථිකයකු, බෞද්ධ උපදේශකයකු වශයෙන් ද ශ්‍රී දළදා මාළිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශයේ ලේකම් වශයෙන් ද කේ. මීගහකුඹුර මහතා සිදු කරන සේවය උසස් ලෙස සලකා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අති ගෞරවාර්හ මහා නායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන අනු නායක හිමිවරු ප්‍රධාන කාරක මහා සංඝ සභාව විසින් 2017 වර්ෂයේ අපේ‍්‍රල් මස 26 වන දින ‘ධර්ම සාහිත්‍ය ශූරී’ යන ගෞරව නාම සම්මුති සන්නස් පත්‍රයක් ද , මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අති ගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ අනු නායක හිමිපාණන් වහන්සේ ඇතුළු කාරක මහා සංඝ සභා සම්මතයෙන් 2018 වර්ෂයේ අගෝස්තු මස 09 වෙනි දින ‘කීර්ති ශ්‍රී ග්‍රන්ථ විශාරද’ යන ගෞරව නාම සම්මුති සන්නස් පත්‍රයක් ද පිරිනමා ආසිරි පැතූහ. තෛ‍්‍රනිකායික මහා සංඝ රත්නයේ ප්‍රසාදය දිනාගත්, 2018 වර්ෂයේ මැයි මස 11 වනදා අසූ දෙහැවිරිදි වියට පත් කේ. මීගහකුඹුර ශූරීන්ට මේ අයුරින් තවතවත් සම්බුද්ධ ශාසනයට සේවය කිරීමට ශ්‍රී දළදා සමිඳුන් ප්‍රධාන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ය ලැබේවා’යි ප්‍රාර්ථනා කරමු .

 

පොසොන් පුර අටවක පෝය


පොසොන් පුර අටවක පෝය ජුනි 20 වන බදාදා පූර්ව භාග 05.00 ට ලබයි. 21 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 03.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 20 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ජුනි 27 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27

Second Quarterඅව අටවක

ජූලි 06

Full Moonඅමාවක

ජූලි 12


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]