UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

කොස්ගොඩ සිරිමිත්ත නා හිමි

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක කොස්ගොඩ ගොඩපිටිය සිරිනිවේසාරාමාධිපති ශ්‍රී සිරිරතන දහම් පාසලේ ප්‍රධානාචාර්ය අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ සුධර්මා කාරක සංඝ සභික හිටපු නියෝජ්‍ය විදුහල්පති ශ්‍රී සිරිරතන සාමණේර පරිවෙණාධිපති ශාස්ත්‍රපති කොස්ගොඩ සිරිමිත්ත නායක ස්වාමීන් වහන්සේගේ හැත්තෑවෙනි ජන්ම දිනය වෙනුවෙනි.

හෑගල්ල ගම් ප්‍රදේශය ජන්ම භූමිය කොට ගෙන කලුහත් ඇලේඩීන් උපාසක මහත්මා සහ කලුදුර සැයිමිස් තාබ්‍රේව් මෑණියන්ගේ පුත්‍ර රත්නයක්ව කලුහත් ඤාණසේන ආබ්‍රේව් කුමරුවා 1948 වෙසක් මස 17 වෙනි දින උපත ලැබීය.

කොස්ගොඩ ගා/ හංගල්ල මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා 1964 පොසොන් මස 22 දින කොස්ගොඩ හෑගල්ල සිරිනිවේසාරාම විහාරයේ දී පැවිදි බව ලද්දේ ය.

පිරිවෙන් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා පානදුර පින්වත්ත සිරි සද්ධර්මාකර පිරිවෙන වෙත වැඩම කළහ. එහිදී අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකායේ සම ලේඛකාධිකාරී පින්වත්තේ දේවානන්ද අනුනා හිමියන් ප්‍රමුඛ මහා සඝරුවන සෙවනේ වැඩෙමින් අධ්‍යාපනය හදාරා එහිදී ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය සහ අ.පො.ස. උ.පෙළ විභාගය සමත් විණි.

1972 පොසොන් මස 22 දින බළපිටිය මාදු නදියේදී උපසම්පදා විය. එහිදී උන්වහන්සේගේ ආචාර්යවරයන් වූයේ මූලික පැවිද්ද ලැබූ අවස්ථාවේ ආචාර්යවරුන් වූ සිරිනිවේසාරාමාධිපති රාජකීය පණ්ඩිත කොස්ගොඩ සිරි සුමේධ හිමියන් කොස්ගොඩ සිරි නිවාස හිමියන් හා රාජකීය පණ්ඩිත කොස්ගොඩ සිරිවිසුද්ධි නායක ස්වාමීන් වහන්සේලා වූ අතර උපාධ්‍යායන් වහන්සේ වූයේ අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකායේ මහානායක ස්වාමීන් වහන්සේ හා සමස්ත ලංකා අමරපුර සංඝ සභාවේ සභාපති කොස්ගොඩ සිරි ධම්ම වංශ මහානායක ස්වාමීන් වහන්සේ ය.

1984 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය සහ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්හ.

1990 දී දඹදිව වන්දනා චාරිකාවකටද, 1993 දී ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැවිදි සාක් කලාපීය රටවල බෞද්ධ කටයුතු පිළිබඳ සම්මේලනයට පණ්ඩිත කොස්ගොඩ සුභූති නා හිමියන් සමඟ වැඩම කළ සේක. 1997 දී මියන්මාරය හා තායිලන්තය ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා වැඩම කළහ.

කොස්ගොඩ සිරිමිත්ත හිමියන් 1983 සිට 1992 දක්වා මාඑළිය ශ්‍රී මංගල පිරිවෙනේ ගුරුවරයෙකු ලෙස කටයුතු කළහ. කොස්ගොඩ සිරිමිත්ත හිමියන් රන්දොඹේ ශික්ෂාලංකාර මහා පිරිවෙනෙහි ආචාර්යවරයෙකු ලෙස ද 1993 සිට 2007 දක්වා බ/ කන්දේ ගෙදර ජාතික පාසලේ ද, කොස්ගොඩ ගා/ හෑගල්ල මහා විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙසද 1967 දී දහම් පාසල් ආචාර්යවරයෙකු ලෙස ද 1987 දී එම දහම් පාසල වූ ශ්‍රී සිරිරතන දහම් පාසලේ ප්‍රධානාචාර්ය ලෙසද බළපිටිය උතුර ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් ලෙසද 2017 දී ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති ලෙස ද අතිමහත් වූ ශාසනික සේවාවක් ඉටු කරන ලදී. 1997 දී බළපිටිය භික්ෂු පදනම පිහිටුවීමට පුරෝගාමීව කටයුතු කරමින් එහි භාණ්ඩාගාරික ලෙස කටයුතු කළහ. ගාල්ල දිසාවේ ශ්‍රී සිරිරතන පිරිවෙන ආරම්භ කරමින් එහි පරිවේනාධිපති ලෙසද 1987 සිට සිරිනිවේසාරාමයේ විහාරාධිකාරී ලෙසද 1996 සිරිනිවෙසාරාමාධිපති ලෙසද 2001 දී සද්ධම්මවංශ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ මැද පළාතේ බෙන්තර වළල්ලාවිට කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ලෙස ද 2009 දී සද්ධම්මවංශ මහා නිකායේ සුධර්මා කාරක සංඝ සභාවේ කාරක සංඝ සභික ලෙසද 2012 සිට එම නිකායේ සමලේඛකාධිකාරී ලෙසද සේවයක් ඉටු කළ පණ්ඩිත කොස්ගොඩ සිරිමිත් නායක ස්වාමීන් වහන්සේ මෙම වසරේ දී සුධර්මා කාරක සංඝ සභාව මඟින් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ධූරයට පත් කළහ.

****

මෙනේරිපිටියේ ශ්‍රී චන්දරතන අනු නා හිමි

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ එක්නැලිගොඩ විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් අනුනායක ධුරන්දර මෙනේරිපිටියේ චන්දරතන නාහිමියන් අපවත් වී තෙමසක් පිරීම නිමිත්තෙනි. රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට කෝරලයේ උඩපත්තුවේ මෙනේරිපිටිය නම් ග්‍රාමයේ දී යූ.ජී.ආර්. දාවිත්සිඤ්ඤෝ උපාසක මහතාට හා වයි.ඩී. පොඩිමැණිකේ උපාසිකාව යන දම්පතීන්ට දාව සොයුරු සොයුරියන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ හයවැනියා ලෙස 1951 මැයි මස 28 වන දින උපත ලැබීය.

පරකඩුව කනිෂ්ඨ විද්‍යාලය හා, පරකඩුව නාරද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ගත්හ. මෙනේරිපිටිය ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ දී 1961 දෙසැම්බර් මස 27 වන දින විහාරාධීශ්වර එරත්නේ ශ්‍රී පඤ්ඤානන්ද හිමියන්ගේ හා පත්බේරිය සෝමානන්ද අනුනායක මාහිමියන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් පැවිදි විය.

උගත යුතු ගුණ දහම් සපුරාලමින් අනතුරුව 1984 ජූනි මස 7 වන දින කුරුවිට එක්නැලිගොඩ ශ්‍රී වික්‍රමසිංහ අභයතිලකරත්නාරම මූල මහා විහාරස්ථ කුරුගඟ සීමා මාලකයේ දී උපසම්පදාව ලැබීය. රාජකීය පණ්ඩිත ඇන්දානේ දයානන්ද නා හිමි හා දන්දෙණියේ උපරතන නා හිමි යන දෙනම කර්මාචාර්යන් වහන්සේලා වූ අතර උපාධ්‍යයන් වහන්සේ ලෙස අග්ගමහා පණ්ඩිත අභිධජ මහා රට්ඨගුරු බළංගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියන් ක්‍රියා කළහ.

1975 දී ගොඩගම්පල ග්‍රාමයට පිවිස ශ්‍රී වළගම්බා නරේන්ද්‍රසිංහ රාජ මහා විහාරස්ථානයෙහි ආගමික, ජාතික, ශාසනික, සංස්කෘතික සහ සමාජයීය කුදුමහත් ක්‍රියාදාමයේ නියමුවාණන් ලෙස කටයුතු කළහ. සකලාංගයන්ගෙන් සමන්විත ප්‍රදේශයේ දර්ශනීය විහාරස්ථානයක් ලෙස සංවර්ධනය කරන ලදී. කුරුවිට බටතොට ඓතිහාසික දිවාගුහා විහාරස්ථානය ද මාහිමිපාණන් වහන්සේගේ ආගමික හා ශාසනික සේවාවෙහි ප්‍රතිඵලයකි.

එරත්නාගොඩ දේවගොඩ විහාරස්ථානයත්, බෝපැත්ත ශ්‍රී බෝධි නිකේතනාරාම විහාරස්ථානයත්, බෝපැත්ත ශ්‍රී සෝමානන්ද ඉංගී‍්‍රසි මාධ්‍ය මූලික පිරිවෙනත් උන්වහන්සේගේ ශාසනික ජාතික හා අධ්‍යාපනික සේවාවෙහි ප්‍රතිඵලයකි.

නිරන්තරව සමාජ ප්‍රශ්නවලට විසඳුම් සොයමින් අවවාද ලබා දෙමින් රාජ්‍ය නිලධාරීන් ආගමික නායකයන් සමඟ සහයෝගයෙන් හා සංහිඳියාවෙන් ක්‍රියාකළ උන්වහන්සේගේ සේවාවන් අගය කරනු වස් අමරපුර මහානිකායේ එක්නැලිගොඩ විහාර පාර්ශ්වයේ අනුනායක පදවියෙන් පිදූ ලැබූහ.

දෙස් විදෙස් සබඳතාවන්ගෙන් තරුණ තරුණියෝ දහස් ගණනකට රැකියා අවස්ථා ලබාදීම, අසරණ කුඩා දරුවන්ගේ අධ්‍යාපනික අභිවෘද්ධිය සඳහා කටයුතු කිරීමත් ප්‍රදේශයේ මංමාවත් පිළිසකර කරදීමට පුරෝගාමීව කටයුතු කරදීමත්, පුස්සැල්ල ආයුර්වේද මධ්‍යස්ථානයට නව භික්ෂු වාට්ටුවක් ඉදිකරදීමත්, සමාජ මෙහෙවරෙහි අගය කළ යුත්තකි.

****

වෑකඩ සිරිනිවාස හිමි

වෑකඩ සිරිනිවාස හිමිපාණන් වහන්සේ පසුගිය 22 දින උදේ අපවත් වී වදාළහ.සුපේෂල ශික්ෂාකාමී පැවිදි දිවියකට උරුමකම් පෑ සිරිනිවාස හිමිපාණන් දිවියෙන් සමුගන්නා විට සිය ජීවන මගේ හැට හයවන විය පසුකරමින් සිටියහ.

1952 පෙබරවාරි 17 දින දිවුලපිටිය නගරාසන්න වෑකඩ ගම්පියසේදී සම්භාවනීය පරපුරක හිමිකම සහිතව උපත ලද සිරිනිවාස හිමියෝ සම්බුදු සසුන් පියසේ පුනර්ජන්මය ලබන්නේ 1964 දෙසැම්බර් මස 20 වැනිදා ය.

ස්වකීය ශාසන පරම්පරාවේ සියවැනි අනුස්මරණය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශයන්ගෙන් තෝරාගනු ලැබූ කුල දරුවන් 500 ක් දෙනා පැවිදි බිමට ඇතුළත් කිරීම නිකාය බලධාරී උතුමන්ගේ නිගමනය අනුව සිරිනිවාස නමැති කුඩා සාමණේර නම ද සසුන් දිවියට ඇතුළත් කරගනු ලැබීය.

ටොරින්ටන් චතුරශ්‍රයේ නිදහස් මන්දිරයේ ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් වූ වෑකඩ සිරිනිවාස හිමියන්ගේ ආචාර්යන් වහන්සේ වූයේ සත්කීර්තිධර මහා පඬිරුවනක්ව වැඩ සිට බද්දේගම විමලවංස නාහිමිපාණන් වහන්සේ ය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නවවැනි මහානායක අතිපූජ්‍ය හිස්සැල්ලේ ඤාණෝදය මාහිමියන් වහන්සේ උපාධ්‍යාය වූහ.

මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙන් ආයතනයෙන් අධ්‍යාපනය ලැබීය. ඉන්පසු 1970 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට (එකල ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලය) ඇතුළත් විය. සිරිනිවාස හිමියෝ 1975 දී බුද්ධ ධර්මය විෂයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හිමිකර ගත්හ.

1976 දී රජයේ ගුරුසේවයට බැඳුනු උන්වහන්සේගේ ප්‍රථම පත්වීම සිදුවූයේ අම්පාර දිස්ත්‍රික්කයේ උහණ මහා විද්‍යාලයටය. උන්වහන්සේට තායිලන්තයෙන් ලද ආරාධනාවක් පරිදි 1979 දී එරට වටි අම්පවන් මහා විහාරයේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා පිටත්ව ගියහ. තදනන්තරව වැඩී ගිය විදේශ සම්බන්ධතා යටතේ හිතමිතුරු ඇරයුම සහිතව 1983 දී දකුණු කොරියාවට වැඩම කළ සිරිනිවාස හිමියන් සියෝල් නගරයේ සොක්වංසං භික්ෂු විශ්වවිද්‍යාලයේ දී යිඔං ඩැම් ලිම් හිමිපාණන්ගේ ඇසුර යටතේ අධ්‍යාපනය හා ධර්ම ප්‍රචාරක කටයුතුවලට යොමුවූ හ.

සිරිනිවාස හිමියන්ගේ උසස් අධ්‍යාපනයේ මහඟු පියවරක් වන්නේ ජපානයේ අයි.ජි.ගකුඉං විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමයි. එහි බුද්ධ ධර්මය පිළිබඳ මහාචාර්ය මයෙදා නාහිමියන්ගේ සමීප අශ්‍රය ද උපයෝගී කරගෙන 1985 දී ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගත්හ.

ඉන්පසු ශ්‍රී ලංකාවට වැඩමකළ උන්වහන්සේ කොළඹ රාජගිරියේ බණ්ඩාරනායකපුර ශ්‍රී ශාක්‍යරාජ විහාරය ආරම්භ කළහ. ඉතා කුඩා බිම් ප්‍රමාණයක අතිශය දුෂ්කරතා මධ්‍යයේ ඇරඹුණු එම ස්ථානය අංග සම්පූර්ණ මහා විහාරස්ථානයක් දක්වා අභිවෘද්ධියට පත්කළ සිරිනිවාස හිමියෝ ශාක්‍යරාජ දහම් පාසල ඇතුළු සමාජ සාසනික සේවාවන් රැසක් ද එම විහාරස්ථානය මුල්කරගෙන නිර්මාණය කළහ.

වර්ෂ 25 ක් පමණ වූ කාලයක් තුළ සිරිනිවාස හිමිපාණන්ගේ අප්‍රමාණ කැපවීම පිළිබඳ හොඳම නිදර්ශනය ශාක්‍යරාජ විහාරය හා ඒ ආශි‍්‍රත සේවා පද්ධතියයි.

උන්වහන්සේගේ ශාසනික ජීවිතයේ ආසන්න ඤාතීත්වය දැරූ කීර්තිමත් හිමිවරුන් රැසකි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක සහ මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගම නන්දවංස හිමිපාණන් එහිලා සුවිශේෂී ය. 26 සෙනසුරාදා ප.ව. 3.00 ට කොළඹ කනත්තේ ආදාහන මලුවේදී ආදාහන උත්සවය පැවැත්විණි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය

 

අධිපොසොන් අව අටවක පෝය


අධිපොසොන් අව අටවක පෝය ජුනි 06 වනදා බදාදා පූර්වභාග 11.13 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 06 වනදා බදාදාය.

 

මීළඟ පෝය ජුනි 13 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]