UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

අලුත් අවුරුද්දට අලුත් සිතිවිලි

සිරිසර සිරිලක වසන්ත සමයේ පවත්වන බක්මහ සැණකෙළිය මෙ තරම් පොදු ජනමන රංජනය වන්නේ සිංහල ජාතික හා බෞද්ධ ආගමික වත් පිළිවෙත් අනුගමනය කරන නිසාම ය. මෙම ජාතික සැණකෙළිය පිළිබඳ දැනගත යුතු හා සංයුක්ත වන ප්‍රධාන විෂයයන් කිහිපයකි. ජනතාව සොබාදහම සමඟ සංවේදී වීම, නක්ෂත්‍ර විද්‍යාවෙන් මෙහෙයවීම හා කාර්ය සාධනය, ජාතික කෙළි සෙල්ලම් දොරට වැඩීම, බෞද්ධ සිරිත් විරිත් ක්‍රියාත්මක කිරීම, ජාතික හා ආගමික සමඟිය තහවුරුවීම ආදි ලෙස ය. ලාංකීය ජනතාව සොබා දහම සමඟ ඉතා සමීප වන උත්සව අතර අලුත් අවුරුදු උත්සවය ප්‍රධානතම වන බව අපට ප්‍රත්‍යක්ෂවන්නේ තම තමන්ගේ ගෙදරදොර වතුපිටි කෙරෙහි වෙනදාට වඩා අවධානය යොමු කරන නිසා ය. සඳ බැලීම, ගිනි මෙලවීම, කිරි ඉතිරීම, වැඩ ඇල්ලීම, පැළ සිටුවීම ,ගනුදෙනු කිරීම, ආදි බහු කාර්යවල දී සොබාදහම සමඟ සම්බන්ධ වන අතර, එම කාර්යවල දී වෙන් වෙන් ව ලබන ලාභ ප්‍රයෝජන මෙන්ම මානසික වින්දනය ද විවිධාකාර වන්නේ ය. මිනිසාගේ අවිහිංසාවාදී වින්දනයට සොබාදහම වුව ද නතුවන වග අලුත් අවුරුදු උත්සව දිනවල දකින්නට පුළුවන. සරුසාර කෙත්වත් ගහ කොළවලින් ගන්නා ඵලදාවෙන්, නිවෙස්හි අටුකොටු, වට්ටි පෙට්ටි පිරෙන අතර කෙත්වත්, පිට්ටනි, හේන්, ළමා ළපටින්ගේ කෙළිසෙල්ලම්වලට තෝතැනි වැන්නේ ය. අඹ,දඹ, ජම්බු, පේර, කොස්, දෙල් ආදි පලතුරුවලින් ගස්වැල් බරවන්නේ සොබාදහමින් සත්ත්වයන්ට පිදෙන සම්පත් ලෙසිනි.

ඉතිරිය»

 

  බක් අමාවක පෝය


 බක් අමාවක පෝය අප්‍රේල් 15 ඉරිදා පූර්ව භාග 08.37 ට ලබයි. 16 වන දා සඳුදා පූර්ව භාග 07.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 15 වනදා ඉරිදා ය.
 

මීළඟ පෝය අප්‍රේල් 22 වන දා ඉරිදා ය


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]