UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

සසර සුව දෙන අණන සුඛය ණය නොවන ජීවිතයක්

ණය නැතිව ජීවත්වීමට ලැබීම සිතට ගෙන දෙන්නේ සැහැල්ලු හැඟීමකි. මහත් වු අස්වැසිල්ලකි. නිවහල් ව ජීවත්විය හැකිවන්නේත්. ස්වාධීනව කටයුතු කළ හැකි වන්නේත් ණය බරින් තොර සන්සුන් මනසක් ඇත්තාට ය. “ණයබර” යන්න පටු පරාසයකට සීමා වන්නක් නොවේ. පුද්ගල ජීවිතයක කුදු මහත් සියලු ක්‍රියාකාරකම්තුළ ණය නැති බව අවශ්‍ය ය. මුළු මහත් සංසාරගත ජීවිතය තුළ ම ණය නැති බව සුව එළවයි. මේ බව අංගුත්තර නිකායේ චතුක්ත නිපාතයේ එන ‘අණන සූත්‍රයෙන්’ හෙළි වෙයි. අනේපිඬු සිටුතුමාට බුදුරදුන් සැවැත්නුවර ජේතවනාරාමයේ දී දේශනා කළ “අණන සූත්‍රය” ධර්ම දේශකයන් බහුල වශයෙන් මාතෘකා කරගන්නා නිසා ගිහි ශ්‍රාවකයන්ට ද ඒ පිළිබඳ දැනුමක් තිබිය හැකි ය. බුදුරදුන් එහි දී සිටුතුමාට දේශනා කරන්නේ කාමභෝගී ගිහියකු විසින් අත්කර ගත යුතු චතුර්විධ සුඛයන් ගැන ය. එනම් අත්ථි සුඛ ,භෝග සුඛ, අණන සුඛ, හා අනවජ්ජ සුඛ යන හතරයි. මේ සූත්‍රය ‘අණන සූත්‍රය’ යනුවෙන් නම් කිරීමේ යම් පරස්පරතාවක් බැලූ බැල්මට පෙනී යා හැකි ය. සුත්‍රයෙහි අන්තර්ගත වන්නේ සුඛ හතරක් බැවින් ‘සුඛ සූත්‍රය’ යයි මෙයට නම් කළ හැකි ව තිබිණි. එසේ නැතිනම් සූත්‍රයේ ව්‍යුහය සලකා පළමුවෙන් ම එන ‘අත්ථි සුඛ යන්නෙන් ගෙන ‘අත්ථි සුඛ සුත්‍රය’ යයි නම් කළ හැකිව තිබිණි. ඇතැම් සූත්‍ර එසේ නම්කොට ඇති අවස්ථා සුලභව දක්නට තිබෙන බැවිනි.

ඉතිරිය»

 

  බක් අමාවක පෝය


 බක් අමාවක පෝය අප්‍රේල් 15 ඉරිදා පූර්ව භාග 08.37 ට ලබයි. 16 වන දා සඳුදා පූර්ව භාග 07.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 15 වනදා ඉරිදා ය.
 

මීළඟ පෝය අප්‍රේල් 22 වන දා ඉරිදා ය


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]