UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලේ සාංචි විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය 19 වැනිදා

මිහින්තලේ සාංචි විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු වන්දනාව සඳහා යළි නිරාවරණය කිරීම මෙම මස 19 වනදා මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

ඉතිරිය»

දිනමිණ වෙසක් කලාපය 2018 සඳහා නිර්මාණ භාර ගැනේ

දිනමිණ වෙසක් කලාපය 2018 සඳහා නිර්මාණ භාර ගැනේ. ඔබේ නිර්මාණ ඉන්දික කුඩාහෙට්ටි, කළමනාකරණ කර්තෘ, ප්‍රකාශන අංශය, ලේක්හවුස්, කොළඹ ලිපිනයට හෝ [email protected] ලිපිනය වෙත ලැබෙන්නට සලස්වන්න. විමසීම් දුරකථන අංක 0777270084, 0112429581

ඉතිරිය»

‘කැඩුණු පිළිමයටත් ගෞරව කරමු..’

පසුගිය මැදින්පුර පසළොස්වක පොහෝදා ඉහත සිරසින් ඕමල්පේ සෝභිත හිමියන් විසින් පළකළ ලිපියට ප්‍රතිචාර ලෙස තැන තැන විසිරී ඇති කැඩුණු බිඳුණු බුදු පිළිම වහන්සේ බාරගෙන ගෞරවනීය ලෙස ආදාහන පූජෝත්සව කටයුතු සිදු කිරීමට ලංකාව පුරා විහාරස්ථාන දහසකට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් වී තිබේ. ඉන් කිහිපයක් පමණක් මෙහි සඳහන් කෙරෙන අතර ගමේ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා කර එම පුණ්‍ය කටයුත්ත සඳහා දායකත්වය ලබාදීමට පින්වත් ඔබට ද පුළුවන.

ඉතිරිය»

ධර්ම දේශනාව:

පංච ශීලයෙහි පෙළගැස්ම

බෞද්ධයාගේ නිත්‍යශීලය වන පංචශීලය සුභඵල අපේක්ෂා කරන ඕනෑම කටයුත්තක දී පෙරටු කරගැනීම චාරිත්‍රයක් බවට පත්ව තිබේ. පස්පව් වශයෙන් සැලකෙන සතුන් මැරීම. සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරුකීම හා මත්ද්‍රව්‍ය පානය පුද්ගල චරිතය කිලුටට පත් කරයි. කිලුට ට පත්ව අපිරිසුදු වූ පුද්ගලයා පිරිසුදුවීමකින් තොරව කරන කටයුත්ත ද අපිරිසුදු විය හැකි ය. එනිසා යම් පින්කමක් හෝ මංගල අවමංගල කාර්යයක් හෝ සමාජ කටයුත්තක් සිදුකරන අවස්ථාවක ඒ වේලාවේ ම සමාදන් වූ සීලයෙන් සමන්නාගත කිරීම බෞද්ධ සම්ප්‍රදාය වී තිබේ. අපි ආහාර පාන ගන්නට පෙර අත් සෝදා ගනිමු. අතේ තැවරී ඇති අපවිත්‍ර දෙයක් ආහාර හා මුසු වී කුස තුළට පිවිසීම වළක්වා ගනු පිණිස එසේ කරමු. එසේ නොවුනහොත් අතේ තැවරුණු විෂබීජ ආහාර මාර්ගයට ඇතුල් වීමෙන් විවිධ රෝගාබාධ ඇතිවිය හැකි ය. රැයේ නිද්‍රෝපගතව සිටි කෙනෙකු උදෑසන සමාජය ඉදිරියට යන්නේ දත්මැද මුහුණ අතපය සෝදා ප්‍රසන්න පෙනුමක් ලබාගෙන ය.

ඉතිරිය»

මිනිසා අන්ධ කරන මානසික ආවේගය

 

ක්‍රි.ව. 1951 දී ඇමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර මහා ජාත්‍යන්තර සමුළුවක් පැවැත්විණි. ඒ දෙවන ලෝක යුද්ධයෙන් පසු පරාජයට පත් ජපානය පිළිබඳව තීරණයක් ගැනීමට ය. බ්‍රිතාන්‍ය ප්‍රධාන මිත්‍ර පාර්ශ්වික රාජ්‍ය ජයග්‍රහණයෙන් උද්‍යෝගීව සිටි අවස්ථාවේ, ඔවුන් සියලු දෙනා කියා සිටියේ ජපානයේ දඩබ්බර, හිතුවක්කාර වැඩ පිළිවෙළ නිසා, ලෝක සාමයට තර්ජනයක් වූ වැඩපිළිවෙළ නිසා ජපානයට තහංචි පැනවිය යුතු බව ය. ලෝක රාජ්‍ය අතර තනි කළ යුතු බවය. මේ අවස්ථාවේ ජපානය ලෝක ප්‍රජාව ඉදිරියේ අන්ත අසරණ බවට පත්විය. එහෙත් ලංකාවෙන් මෙම සමුළුවට සහභාගී වූ ලංකාව නියෝජනය කළ ජේ.ආර්. ජයවර්ධන අමාත්‍යවරයා කියා සිටියේ මේ මොහොතේ ජයග්‍රහණය ලැබූ අය අනුකම්පාවෙන් ක්‍රියාකළ යුතු බව ය. ලෝකයට විශිෂ්ට දර්ශනයක් ඉදිරිපත් කළ අපගේ ශාස්තෘවරයාණන් වහන්සේ තථාගත බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළ පරිදි, ‘නහි වේරෙන වේරානි සම්මන්තීධ කුදාචනං අවේරෙන ච සම්මන්ති එස ධම්මො සනත්තනො’ වෛරයෙන් වෛරය නොසන්සිඳෙන්නේ ය. තරහව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය සංසිදෙන්නේ කරුණාවෙන් ය. මෛත්‍රියෙන් ය. වෛරයට වෛරයෙන් පිළිතුරු දෙන්නට යාම නොසන්සිඳෙන ව්‍යසනයක් බවට පත්වන්නේ ය.

ඉතිරිය»

කාල සිටුපුත්‍රයා බුදුරදුන් දැකීම

 

  මැදින් අමාවක පෝය


 මැදින් අමාවක පෝය මාර්තු 16 වන දා සිකුරාදා අපර භාග 06.15 ට ලබයි. 17 වන දා සෙනසුරාදා අපර භාග 06.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 17 වන දා සෙනසුරාදා.

 

මීළඟ පෝය මාර්තු 24 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 17

First Quarterපුර අටවක

මාර්තු 24

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]