UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

බුදුසරණ සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකත්වය ලද දරු දැරියනි, ඔබ විසින් අපවෙත ලියා එවන ලද අම්මා පිළිබඳ වූ නිර්මාණාත්මක රචනා මෙසේ පළ කරමු. මේ කලාපයේ පළ නොවූ රචනා ඉදිරි කලාපවල පළවේ. ඔබගේ සාමාජික අංකය වන්නේ නමට ඉදිරියෙන් ඇති අංකය යි. හොඳම නිර්මාණයන්ට හිමි වූ ත්‍යාගයන් ඉදිරියේ දී ඔබවෙත එවීමට කටයුතු යොදා ඇත. සාමාජිකත්වය දැරූ නව සාමාජික සාමාජිකාවන්ගේ නම් මෙසේය.

21. අයි.ඒ. සුවනි ගවේෂා ඉඹුලාන
ධර්ම ප්‍රදීප දහම් පාසල
මින්නේරිය

22. බී. අරෝෂා ශෂීප්‍රභා කුරේ
ශ්‍රී ධම්මපාල ධර්ම විදුහල, රාගම

23. බී. දුලනි පබසරා කුරේ
ශ්‍රී ධම්මපාල ධර්ම විද්‍යාලය, රාගම

24. ආර්. රෂිනි නටාෂා ප්‍රබෝදනී
සුදර්මෝදය දහම් පාසල, පුත්තලම

25. අයි.එච්.එම්. මතීෂ සංකල්ප ජයවීර
ශ්‍රී සීලරතන දහම් පාසල

26. ජී. ජී. සසිදු සත්සර
සිද්ධාර්ථ විදුහල - වැලිගම

27. අයි.එච්.එම්.එස්. පියුමිකා ජයවීර හේරත්
සර් ජෝන් කොතලාවල ම.විදුහල, ලෝකාහෙට්ටිය

28. ඕ. චරිත් රශ්මික
නෑබොඩ මහා විදුහල, නෑබොඩ

29. කේ. මලීෂ චමිත්
කැලණි මහා විදුහල, කැලණිය

30. ඩී.එම්. සඳුනි මහේෂිකා,
ඇඹෝගම කනිෂ්ඨ විදුහල,
ඇඹෝගම – මහව

31. එම්.ඒ. අශාන් බිම්සර පතිරාජ
හෙයියන්තුඩුව

32. එල්.එම්. නිමේෂ සෙව්මිණි
බෝධි දහම් පාසල, දිවුරුම්ගල


සැමදා ණය ගැතියි

දස මසක් කුස දරා මෙලොවට බිහි කර, දුක් කඳුළු මැද උස් මහත් කර ලේ කිරි කර පොවා මා සතුටින් තැබූ ආදරණීය දිරිය කාන්තාව මගේ අම්මා ය.

ඇය ගැන නොසිතූ ඇය මා ගැන ම සිතුවා ය. කොපමණ දුක් කඳුළු තිබුණ ද ඇය ඒ සියලු දුක් පරදවා මා උස් මහත් කළා ය. මම ඇයට සැමදා ණය ගැති ය. සූර්යයා දවස උදා කිරීමටත් පෙර මුලින් ම අවදිවන්නේ අම්මා ය. පාසල් යන කල මාගේ කුසගින්න නිවීමට ඇය රෑ නිදිවරා රස ආහාර පිළියෙළ කළා ය. රෑ දවල් නිදිවරා වෙහෙසව ඇය සෙව්වේ පුංචි මා සතුටින් තැබීමට ක්‍රමයකි.

ඇය පමණයි දන්නේ ඇයගේ දුක. ඇය ඒ දුක මැද මා පෝෂණය කළා ය. ගුණ යහපත්කම් සියල්ල මට හුරුපුරුදු කළේ මගේ අම්මා ය. මගේ අම්මා රත්තරං, මිණි මුතු, වලටත් වඩා වටින බව මම පිරිසුදු සිතින් කියා සිටිමි.!


දීර්ඝායු වේවා!

මේ තුන් ලෝ තලයේ ඇති මිහිරිවූත්, සුන්දරවූත් සවන තුළ රැඳෙන එකම නාමය අම්මා ය. අම්මා නමින් කොතරම් කවි ගී ලියවුණත් ඒ අප්‍රමාණ ගුණ කඳ කියා නිමකළ නොහැක. ලෝකයේ උතුම් පදවිය ලෙස මව් පදවිය හඳුන්වන්නේ ඒ නිසා ම ය. අසීමිත වූ කරුණාව, දයාව නිසාම රතු ලේ කිරි බවට පත්වන්නේ ය. මාගේ දයාබර අම්මාටත්, මිහිකත තුළ සිටින සැම අම්මාවරුන්ටත් තෙරුවන් සරණින් දීර්ඝායු ලැබේවායි මම ප්‍රාර්ථනා කරන්නෙමි. මගේ අම්මාට මම හරිම ආදරෙයි.


සිත සැනසූ අම්මා

මගේ අම්මාගේ නම රාජපක්ෂ මොහොට්ටිගේ චාන්දනී ය. මගේ අම්මා හරිම හොඳයි. මම, මගේ අම්මාට පාසල් යන්නට පෙරත්, රෑ නින්දට යෑමට පෙරත් වඳින්නෙමි. අප පෙර පාසල් යන කාලයේ සෙල්ලම් බඩු ඉල්ලා අඬනවා. අම්මා අපට සෙල්ලම් බඩු අරගෙන දී සිත සනසනවා. අපට කුසගිනි වූ විට ආහාර සපයනවා. මගේ අම්මා මා නාවා, පිරිසුදු කරනවා. ඒ විතරක් ද? මගේ අම්මා මට පාසල් යෑමට පොත් ද, ඇඳුම් පැළඳුම්ද, අසනීප වූ විට බෙහෙත් ද සපයනවා. අම්මා අපට බොහෝ ආදරය කරනවා. මම මගේ අම්මාට හුඟාක් ආදරෙයි.


මගේ ම මෑණියන් වේවා !

“දස මසක් කුස දරා ඔබ මා මෙලොවට ජනිත කළා මගේ අම්මේ”, දණ ගෑමටවත්, බඩ ගෑමටවත් නොහැකිව සිටි මට ආදරයෙන් කතාකර සිට ගන්නා සැටි කියා දුන්නී ඔබයි මගේ අම්මේ”! මගේ පුතා යන වදනින් පිය තෙපුලින් මා සැනසුවේ , අන් කිසිවෙක් නොව මගේ මෑණියෝ යි.

සමාජයේ හොඳ නරක නොදත් මට අම්මා මිස වෙනත් කිසිකෙනෙකු ඒවා පහදවා දුන්නේ නැත. කෙමෙන් ඇති දැඩි වූ මා පාසල් දිවියට එළඹි පසු පාසල වෙත රැගෙන ගියේ ද අම්මේ ඔබම ය. පාසලට ගිය මුල් ම දිනයේ මටත් හොරා මගේ නෙත කඳුළින් බරවී ‘අම්මේ’ යන වචනය පිටවුණේ ඇයිදැයි මම නො දනිමි. එහෙත් මට හැඟෙන්නේ අම්මාගේ සහ මගේ බැඳීම, මොන තරම් ද යන්නය. පියා රට ගිය ද, මට පියෙකු සේ ශක්තිය දුන්, ඉල්ලන දෙය අරන් දුන්, කවා, පොවා, නහවා මා ඇතිදැඩි කළ අම්මේ, ඔබ අදත්, හෙටත්, නිදුකින් වැජඹේවා! ජීවිතයේ කෙදිනක හෝ වෙන්වීම ඒකාන්ත බව මම දනිමි. නමුත් මා පතන්නේ උපදින හැම භවයක දී ම ඔබ මගේ ම අම්මා වී උපදින ලෙස ය.


බලාපොරොත්තු ඉටු කරමි

මට සිතෙන පරිදි අම්මා යන අකුරු තුනෙහි ගැබ් වී ඇත්තේ ආදරය, කරුණාව, දයාව වැනි ඉතා උතුම් මානුෂීය හැඟීම් ය. දස මසක කාලයක් මුළුල්ලේ අම්මා අප කුසෙහි දරා සිට විවිධ දුක් පීඩා, කරදර බාධක ඔස්සේ අප මෙලොවට බිහි කළා ය. මා රැක බලා ගන්නා, ආදරය, කරුණාව, දයාව දක්වන මගේ ආදරණීය අම්මා මා හොඳින් ඉගෙනීම් කටයුතු කර ඉහළට යනවා දැකීමට හා ධර්ම මාර්ගයේ යමින් සමාජයට වැඩදායී පුද්ගලයෙකු වනවා දැකීමට බලාපොරොත්තු වනවා යැයි මම සිතමි. එම බලාපොරොත්තුව ඉටු කිරීමට මම ඉතා කැපවීමෙන් කටයුතු කරමි. මගේ අම්මා ආදරය, කරුණාව, දයාව පමණක් නොව මා කුඩා අවධියේ ඉල්ලූ සෙල්ලම් බඩු ආදිය ද දැන් අවශ්‍ය පොත් පත්, ඇඳුම් වැනි දෑ නො අඩුව ලබා දීමට ද විඳින දුක් කම්කටොළු අප්‍රමාණ ය. අම්මා හෙලන සෑම දහදිය බිඳුවකටම මම අම්මාට ණය ගැති වෙමි. අම්මාගේ සිහින සැබෑ කරමින් හොඳින් ඉගෙනගෙන, ධර්ම මාර්ගයේ යමින් ඇයට ඇප උපස්ථාන කිරීමෙන් ඇය හොඳින් රැක බලා ගනිමි. එවිට අම්මාගේ ආශිර්වාදය මැද ජීවිතය ජය ගැනීමට හැකි වෙතැයි මම සිතමි. එයින් මගේ අම්මා ද සතුටට පත් වනු ඇත.


ගෙදර බුදුන් අම්මා

කරුණාව, දයාව, ආදරය පෙරදැරි වූ ඇය, සදා දරුවන් වෙනුවෙන් ඇප කැප වූ උතුම් කාන්තාවකි. අප ඉපදුණු දා සිට අම්මා අප පණ සේ රැක බලා ගනියි. අපගේ සියලු ම යුතුකම් ඉටු කරයි. පාසල් යන විට පවා ඇය අපේ දෑතින් අල්ලාගෙන ප්‍රවේශමෙන් ගමන් කරයි. පාසල් ඇරී එන තුරු ඇය තහඩු ගේට්ටුව ළඟට වී බලා සිටියි. සමහර වේලාවට අපට බත් දී අම්මා කුස ගින්නේ සිටියි. මේ මුළු ලෝකයටම උතුම් වන්නේ අම්මා ය. ඇය දෙවි දේවතාවන්ටත් වඩා උසස් බව මට සිතේ. කො තැනදී හෝ කාගේ හෝ මව්තුමියක් අසරණ වී සිටිනු දුටු විට ඇයට ආදරය, කරුණාව දක්වා උපකාර කළ යුතු ය. මෙය අම්මා ගැන කියවෙන කුඩා කවියකි.

ලේ කිරි කර මට පෙව් අම්මා

කරුණා දයාවේ උල්පත වූ අම්මා

දුකට සැපට එක ලෙස ළං වූ අම්මා

මෙතේ බුදුන් දැක නිවන් දකින අම්මා

අපි ගෙදර බුදුන් වූ අම්මාට ආදරය, කරුණාව දයාව දක්වමු. අප සියලු දෙනාගේ අම්මාවරු රටටම වාසනාව ගෙනෙයි.


පණ සේ රැක ගමි

මගේ අම්මාට මම හරිම ආදරෙයි. අම්මාත් මට හරිම ආදරෙයි. මා මෙලොවට බිහි කළ දා පටන් ලේ කිරි කර පොවා ඇති දැඩි කර රැකවරණය ලබා දුන්නී මගේ අම්මා ය. ඇය දිවා රෑ නොබලා මා වෙනුවෙන් වෙහෙසෙ යි. එම නිසා මගේ අම්මාගේ පිහිටට, සරණට මා සිටිය යුතු යි. මගේ අම්මාට සැමදා තෙරුවන් සරණයි! සැම දෙවි පිහිට යි! මම ඇය පණ සේ රැක බලා ගමි.

 

නිකිණි අමාවක පෝය


නිකිණි අමාවක පෝය අගෝස්තු 21 වන දා සඳුදා පූර්ව භාග 02.10 ට ලබයි. 22 වන දා අඟහරුවාදා පූර්ව භාග 00.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 21 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 29 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]