UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු සිරිතේ අසිරිය මුර්තිමත් කර ඇති පුණ්‍ය භූමි වන්දනා

බුදු සිරිතේ අසිරිය මුර්තිමත් කර ඇති පුණ්‍ය භූමි වන්දනා

මෙවර පොසොන් සමයේ ඓතිහාසික අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන් ප්‍රමුඛ අටමස්ථානය, මිහින්තලය හා තන්තිරිමලය වැනි සිද්ධස්ථාන වැඳපුදා ගන්නා සැදැහැවතුන්ට බුදුසිරිතේ අසිරිය විදහාපාන පුණ්‍යභූමි තුනක් දිවා රාත්‍රී දෙකෙහිම දැකබලා වැඳපුදා ගැනීමට අවස්ථාව උදාකර දී ඇත.


අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නා හිමි

එම පුණ්‍ය භූමි තුන නම් අනුරාධපුර ඉදිකොට ඇති බුදුසසුනෙහි සිව්වනක් පිරිස නිර්මාණය වූ අසු මහා ශ්‍රාවක සම්බුද්ධ විහාරය, අනුරාධපුර, තන්තිරිමලේ මාර්ගයේ නෙල්ලිකුලම පිහිටි, බුදුන් වහන්සේ පන්සියයක් මහරහතුන් සමඟ සදහම් චාරිකාවේ නිරත වන අයුරු මූර්තිමත් කර ඇති ‘නෙල්ලිකුලම සිරි සම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමය’ හා අනුරාධපුර – තන්තිරිමලේ මාර්ගයේ කොක්කිච්චිය පිහිටි සිරිසම්බුද්ධ ප්‍රාතිහාර්ය විහාරයයි.

මේ අවස්ථාව උදාකර දී ඇත්තේ අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානාධිපති, ශාසන කීර්ති ශී‍්‍ර සද්ධර්ම වාගීශ්වර ධර්මප්‍රභාධීරානන්දාභිධාන කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝසභාවේ උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක, කම්මට්ඨාන විශාරද, ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නා හිමිපාණන් වහන්සේය.

මේ සියලුම පුදබිම් වැඳපුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන්ට අවශ්‍ය පානීය ජලපහසුකම්, සනීපාරක්ෂක පහසුකම් සපයා ඇත. එමෙන්ම නොමිලයේ රථගාල්ද ඉදිකොට තිබීම විශේෂත්වයකි.


භික්ෂු භික්ෂුණීන් නිර්මාණය කර ඇති අයුරු

බුදු සසුනෙහි සිව්වනක් පිරිස නිර්මාණය වු අනුරාධපුර අසූමහා ශ්‍රාවක සම්බුද්ධ විහාරය සද්ධාරංසි නාහිමියන්ගේ ප්‍රථම ශාසනික මෙහෙවරද, සාම්ප්‍රදායික බෞද්ධ නිර්මාණ කලාවෙන් ඔබ්බට ගිය නිර්මාණයක්ද විය. බුදුසසුනේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා බුදුසසුනේ පැවැත්මට පුරෝගාමි මෙහෙවරක් කළ භික්ෂු භික්ෂුණී , උපාසක උපාසිකා යන සිව් පිරිස්වල ප්‍රතිමා මෙහි නිර්මාණය කොට ඇත. එමෙන්ම විහාරය වටා අටවිසි මහා බෝධි වෘක්ෂයන්ද රෝපණය කර තිබීම සද්ධාරංසි නාහිමියන්ගේ තවත් ශාසනික මෙහෙවරකි.

අනුරාධපුර තන්තිරිමලේ මාර්ගයේ නෙල්ලිකුලමෙහි අක්කර 10 ක් පමණ වූ වනගත භූමිභාගයක නිර්මාණය කර ඇති ‘සිරිසම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමය” විශිෂ්ඨ නිර්මාණයකි. බුදුන් වහන්සේ පන්සියයක් මහරහතුන් සමඟ සදහම් චාරිකාවේ නිරතවන අයුරු මෙහි මුර්තිමත් කර ඇත. එමෙන්ම බුදුන් වහන්සේ සමනොල කන්දේ සිරිපා සටහන් තබා කඳු මුදුනේ සිට බැස එන අයුරුත් මෙහි මූර්තිමත් කර තිබීම තවත් විශේෂත්වයකි. පුද බිම තුළ ලෙන් ඉදිකොට ඇති අතර ඒවායේ විවිධ කථාවස්තු නිර්මාණය කොට තිබේ. මේ මහා පින්කෙත අස්වැද්දූ සද්ධාරංසි නාහිමියෝ ලෝකයට පසක් කළේ මහ කලු ගල්වල මහා කරුණාගුණය නිරූපණය කළ හෙළකලා පරපුරේ උරුමය අදට ද අප සතුව පවතින බවය. සොබාදමට නතු වූ අව්ව, වැස්ස, පින්න නොබලා නගර ගම් දනව් සැරිසරා උත්තම ධර්ම ප්‍රචාරයෙහි යෙදුන සම්බුදුන් වහන්සේ නිරූපණය කිරීමට නම් මෙවැනි ස්වාභාවික පාරිසරික වටපිටාවක් තෝරාගැනීම බෞද්ධ ලෝකයට ආදර්ශයකි.

තුන්වැනි පුදබිම පිහිටා ඇත්තේ අනුරාධපුර තන්තිරිමලේ මාර්ගයේ කොක්කිච්චිය වනගත භූමිභාගයකය. ශාන්ත පරිසරයකින් යුතු අක්කර දහයක් පමණ වු සුන්දර වන ලැහැබක් මැද නිර්මාණය කොට ඇති කොක්කිච්චිය ‘සිරිසම්බුද්ධ ප්‍රාතිහාර්ය විහාරයද විශිෂ්ඨ නිර්මාණයකි. බුදුසිරිතේ එන ප්‍රාතිහාර්යාත්මක අවස්ථා රැසක් මෙම වන ලැහැබ තුළ නිර්මාණය කොට ඇති අයුරු දක්නට ලැබේ. සතාසිව්පාවාට , ගහකොළවලට, පරිසරයට කිසිදු හානියක් නොවන අයුරින් මෙම පුද බිම නිර්මාණය කොට තිබීම තවත් විශේෂත්වයකි.

මෙම පුණ්‍ය භූමිය තුළ දෙමහල් විහාර මන්දිරයක්ද ඉදිකොට තිබේ. මෙහි දහසක් බුදුන් බුදුවු වග මූර්තිමත් කිරීමේ කටයුතුද දැන් සිදුවෙමින් පවතී.

ඒ සමඟ සද්ධා රංසි නාහිමියන්ගේ මූලිකත්වයෙන් පවත්වාගෙන යන අනුරාධපුර රජරට ශීල භාවනා මධ්‍යස්ථානයද සෑම පුර පසළොස්වක පෝ දාකම සැදැහැවතුන් වෙනුවෙන් විවෘතව පවතී. අටසිල් සමාදන් වන උපාසක උපාසිකාවන්ට මෙහි පහසුම් සපයා තිබේ. මෙවර පොසොන් පෝදා මෙහි භාවනා වැඩසටහන් ,ධර්ම සාකච්ඡා , ධර්ම දේශනා ආදි වැඩසටහන් පැවැත්වීමටද සද්ධාරංසි නාහිමියන් සියලු කටයුතු යොදා තිබේ.


 

පොසොන්
අව අටවක පෝය


පොසොන් අව අටවක පෝය ජුනි 17 වන දා සෙනසුරාදා පූර්ව භාග 05.15 ට ලබයි. 18 වන දා ඉරිදා පූර්ව භාග 04.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 17 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය
ජුනි 23 වන දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]