UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිහි නුවණින් දුරු කළ යුතු රෝග

සිහි නුවණින් දුරු කළ යුතු රෝග

ශාරීරික හා මානසික නිරෝගී බව ඉගෙනීම සාර්ථක කර ගන්නට බෙහෙවින් උපකාරී වන බව බොහෝ අය නොදනී. අපගේ ශරීරය විටෙක දෙවියකු ලෙසද, තවත් විටෙක කරදරකාරී මාරයකු ලෙසද අර්ථ දැක්වේ. රෝග පීඩාදිය ගෙන දෙමින් වෙහෙසට පත් කරනු ලබන්නේ ඒ මාරයා විසිනි. මේ කරදර බාධක වලින් මිදීම සඳහා ශරීරාංග දෙතිසක් පිළිබඳව මනා සිහියෙන් කටයුතු කරන ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබේ.

සීත හා ගී‍්‍රස්ම සෘතු අතර වන කාලගුණ විපර්යාශ, ආහාර රටාව, විවිධ චර්යාවන් මනසට බලපෑම් කරන ආකාරය පවා උන්වහන්සේ පැහැදිලි කළහ. එම දේශනාවක් පිළිබඳව මනා සිහිය පවත්වා ගැනීමෙන් ශරීර සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීම පහසුය. ඉරුවාරදය සේම හිසරදය ද ඉගෙනීමෙන් පසු බැසීමට බලපාන පීඩාකාරී රෝගය. සාමාන්‍යයෙන් 40% - 60% ක ප්‍රමාණයක් ළමයි හිසරදය නිසා පීඩා විඳිති. එහෙත් ඉරුවාරදය ඇති ඇතැම් අයට හිසරදයක් නොදැනේ. හිසරදය නැති ඉරුවාරදය හඳුනා ගන්නේ ළමයින්ගේ හැසිරීමෙනි.

එක තැනෙක හිඳ වැඩ කිරීමට නොහැකි බව, නිතර රණ්ඩු කිරීමට පෙළඹීම, පාඩම් වැඩ අතපසු කිරීම, සාමාන්‍ය ළමයින්ගේ චර්යාවන්ට වෙනස්ව වැඩ කිරීම, පාන් වැනි ආහාර වර්ග පමණක් පි‍්‍රය කිරීම, ඇතැම් විෂයයන්ට දැඩි ලෙස අකැමැති වීම, නිතර උදරාබාධ ඇතිවීම, පාසල් නොයාම, අලස ගතිය, නිතර කෝපවීම ආදිය රෝග ලක්ෂණයන් ය.

වැඩිවියට පත් ගැහැනු දරුවන් ද, නිතර සෙම හෝ නාසයේ ආබාධ ඇති අයද ඉරුවාරදයෙන් පීඩා විඳින අවස්ථා තිබේ. මේ නිසා ඇතැම් ළමයි තුළ පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වීම, යහළුවන් සමඟ ඉගෙනීමෙන් බැහැර වැඩවල නිරතවීම, අන් අයට පාලනය කළ නොහැකි චර්යාවන්ට යොමු වීම, ආදී ලක්ෂණ දැකිය හැකි වේ. මේ අනුව සෙසු රෝගාබාධවලට වඩා ඉරුවාරදය කායිකව පමණක් නොව මානසික ගැටලු, චර්යා වෙනස්වීම්වලට බලපාන බව පැහැදිලිය.

එහෙත් මෙවැනි දරුවන් පසුගාමී සිතිවිලි ඇතිකර ගැනීම නුසුදුසු ය. මෙවැනි රෝගී අය උනන්දුව, උත්සාහය නිසා ඉතා ඉහළ මට්ටමින් විභාග සමත් වී තිබේ. ඉරුවාරදයේ බලපෑම වැඩිපුරම ඇති වන්නේ ඉගෙනීමෙහි දක්ෂ අයට වඩා අදක්ෂ අයටය. රෝග තත්ත්වය හඳුනා ගැනීමට ඉක්මන් වීමෙන් දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන හානිය වළක්වා ගැනීම අසීරු වන්නේ නැත.

යොවුන් වියේ හෝමෝන බලපෑම නිසා ඇතැම් ළමයින් අධ්‍යාපනයට වඩා විරුද්ධ ලිංගිකයන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරයි. මෙම කායික බලපෑම නිසා මානසික ගැටලුද ඇතිවේ. මේ නිසා එවැනි දරුවන් නිවැරැදි උපදේශයන්ට යොමු කිරීම වැදගත් වේ.

තයිරොක්සින්, යකඩ, විටමින ඌණතා නිසා ද මතක තබා ගැනීමේ හැකියාව අඩු වේ. දක්ෂ ලෙස වැඩ කළ ළමයින් හිටි හැටියේ දුර්වලවීමට මෙම ඌණතා බලපායි. ඉක්මන් ප්‍රතිකාර මඟින් ගැටලුව පහසුවෙන් විසඳගත හැකියි. ඇතැම් රෝගාබාධවලට ගන්නා ඖෂධ ප්‍රතිකාරවලටද නින්ද, මැළිකම ඇතිවී ඉගෙනීමේ දුර්වලතා ඇතිවීමට පුළුවන. එවන් රෝග තත්ත්ව පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වේ.

ඇදුම, සමහර ආසාදන තත්ත්වයන්, පීනස, ස්නායු ආබාධ මානසික ගැටලු ආදියට ගන්නා ඖෂධ සහ මෙම රෝග නිසා ඇතිවන මනෝභාවයන් වෙනස් වීම ගැන ද ළමයින් දැනුවත් කර සුබවාදී හැඟීම් වර්ධනය කිරීම ඉතා වැදගත් ය.

සමහර ළමයි තරබාරුකම, සිරුර කෙට්ටුවීම, ලිංගික පරිනත භාවයන්හි ගැටලු හෝ ගැටලු ඇතැයි සිතීමද නිසා ඉගෙනීමට බාධා කර ගන්නා අවස්ථා ඇත. ශරීයට අහිතකර දුම්වැටි, මත් වතුර, බීම වර්ග සහ ආහාර වර්ග භාවිතයට ද ඇතැම් ළමයි පෙළඹෙති. මේ නිසා කායික දුබලතා ද මානසික ගැටලු ද ඇති වී ඉගෙනීම අඩපණ වේ. මෙවැනි ගැටලු බොහෝ වැඩිහිටියෝ නොදනිති. ආහාර පාන, ඇඳුම් පැළඳුම්, අමතර පන්ති, පොත පත පමණක් ලබා දීමෙන් ඉගෙනීමෙන් උසස් ප්‍රතිඵල ලබාගත නොහැකිය. මේ ගැන වෙසෙස් අවධානයක් යොමු කළ යුතු ය. එමෙන්ම දරුවන් ආගම දහමට යොමු කොට ගුණ ධර්ම වර්ධනය කරවීම, උට්ඨාන වීර්ය ඇති කරවීම, ජීවිතාවබෝධ ලබා දීමද කළ යුතු ය. එවිට සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම අසීරු වන්නේ නැත.

 

පොසොන්
අව අටවක පෝය


පොසොන් අව අටවක පෝය ජුනි 17 වන දා සෙනසුරාදා පූර්ව භාග 05.15 ට ලබයි. 18 වන දා ඉරිදා පූර්ව භාග 04.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 17 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය
ජුනි 23 වන දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]