UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

United Nations Day of Vesak 2560 B.E./2017 SRI LANKA

පහන් සිත ගෙනෙයි යහපත

පවෙහි විපාක දුක් සහිතයි. මෙලොව දී දුක් දෙනවා. පරලොව දීද දුක් දෙනවා. නිවන් දක්නා ජාති දක්වාම, උපනුපන් හැම භවයකම විපාක දෙනවා. අන්සතු දේ තමන් සතු කරගන්නට උපදින්නේ ලෝභ සිතයි. අන් ජීවිත විනාශයට, චරිත ඝාතනයට , හිත් රිදවන්නට ද්වේශය මුල් වෙනවා. අනේක පව්කම් සැලසුම් කරන්නට මෝහ සිත මුල් වෙනවා. සිත,කය, වදනින් මෙසේ රැස් කරන අකුසල කර්ම භවයෙන් භවයට ගෙන යනවා. දුක් විපාක ලබනවා. බුදුදහමට අනුව අප කරන කියන සෑම දේටම මුල් වන්නේ සිතයි. සිත අපිරිසුදු කරගෙන, නරක් කරගෙන කියන දේත්, කරන දේත්, හිතනදේත් අනුව අපිරිසුදු විපාක ලැබෙනවා. නරක විපාක ලැබෙනවා. හිත නරක් වන්නේ ලෝභයෙන් ,ද්වේශයෙන් හා මෝහයෙන්, කෙනෙක් එබඳු අකුසල සිතිවිල්ලකින් යම් දෙයක් කළොත් පව් සිදුවෙනවා. යම් වචනයක් ප්‍රකාශ කළොත් පව් සිදුවෙනවා. යම් සිතක් පහළ කර ගත්තේ නම් පව් සිදු වෙනවා.

ඉතිරිය»

 

මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු 27 වන දා සඳුදා පූර්ව භාග 10.44 ට ලබයි. 28 වන දා අඟහරුවාදා පූර්ව භාග 08.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 27 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය අප්‍රේල් 03 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 10

Second Quarterඅව අටවක

අප්‍රේල් 19


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]