UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

චීනයේ ගුවන්ඩොං බෞද්ධ සංගමයේ මීං ෂෙං ස්වාමින් වහන්සේගේ ආරාධනය පරිදි ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් දූත පිරිසක් ෂැංහයි, හංෂවූ සහ ගුවාංඩොං වෙත සංචාරය කරන ලදී .එම පිරිසට
තිනියාවල පාලිත හිමි ,රත්ගම උපනන්ද හිමි, නෙළුව ධම්මානන්ද හිමි, සුමති ධර්මවර්ධන මහතා ලේකම්, ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍ර සංගමය, කුකුලේවිතාන දයානන්ද මහතා චොං යෙමි මැතිණිය – දෙවැනි ලේකම්, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය, සංස්කෘතික අංශය ඇතුළත් විය.
ශ්‍රී ලංකා බෞද්ධ දූත පිරිස 2016 සැප් 16 වැනි දින චීනයේ ෂැංහයි වල ඡේච් පාෂාණවලින් සැදු විහාරස්ථානයට පැමිණ ඉතා වන්දනීය සම්බුද්ධ ධාතු වන්දනාමාන කළහ. ඉන් පසු එම විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ වන චීනයේ බෞද්ධ සංගමයේ සභාපති තැන්පත් ජුක්ෂිං ස්වාමින් වහන්සේ සමග මූලික සාකච්ඡා පවත්වන ලදී. සැප්තැම්බර් 11 වැනි දින දූත පිරිස ෂෙජියැං පළාතේ ඇති හැන්ෂවූ නගරයේ ඓතිහාසික ලිං යිං විහාරස්ථානයට ළඟා වූහ. එම විහාරස්ථානයේ නායක අති පූජ්‍ය ෂී ගුන්ක්වැන් ස්වාමින් වහන්සේ දූත පිරිස මහත් හරසරින් පිළිගෙන ඉතා සුහද සාකච්ඡාවක් ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක ස්වාමින් වහන්සේ සමඟ පැවැත් වූහ. ඉන් පසු එම දූත පිරිස ගුවාන්ඩුං පෙදෙස් ගුවාන්ෂවු සහ වූහායි විහාරස්ථානවලට ගියහ. පූජ්‍ය මිං ෂෙං සහ ගුවාං ඩුංබ බෞද්ධ සංගමයේ නිලධාරිහු දූත පිරිස සුහදව පිළිගත්හ.
එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා සහ චීන බෞද්ධ නායකයින් විසින් අති පූජ්‍ය ෆාහියන් සහ අමෝග්වජ්ර ස්වාමින් වහන්සේලාගේ අගනා කැපවීම ගැන සාකච්ඡා කරන ලදී. එහිදී චීනයේ බුදු දහම ප්‍රචලිත කිරීම පිණිස පුරාණ සාමුද්‍රීය සේද මාවත භාවිත කළ ආකාරය සලකා බලන ලදී. නව චීනයේ බුදු දහම සංවර්ධනය කිරීමේ උපක්‍රම ගැන ද සාකච්ඡා කරන ලදී.

 

ගල්මඩුව රජමහා විහාරයේ දී අසූමහා ශ්‍රාවක පූජාවක්

ඓතිහාසික ගල්මඩුව රජමහා විහාරයේ දැනට ඉදිකරමින් පවතින ධර්මශාලාවට ආධාර ලබා ගැනීම නිමිත්තෙන් අසූ මහා ශ්‍රාවක පූජාවක් මෙම මස 8,9 යන දිනවල සවස 6.00 පැවැත්වේ. විහාරාධිපති, කර්මාචාර්ය ගම්මුල්ලේ සුමංගල නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ කාර්යසාධක සමිතියේ මූලිකත්වයෙන් එම වැඩසටහන සිදුකෙරේ.

ඉතිරිය»

 

    වප් මස
පුර අටවක පෝය

 වප් මස පුර අටවක පෝය ඔක්තෝබර් 08 වනදා සෙනසුරාදා අපරභාග 09.24 ට ලබයි.
9 වනදා ඉරිදා අපරභාග 10.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 09 වනදා ඉරිදාය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 15 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22

Full Moonඅමාවක

ඔක්තෝබර් 30


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]