UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

නාගදීප පුරාණ රජමහා විහාරාධිපති උතුරු පළාතේ ප්‍රධාන සංඝ නායක නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන් වෙත අක්ත පත්‍ර ප්‍රදානය කතානායක කරු ජයසූරිය මහතා සිදුකළ අවස්ථාව. එහිදී මාධ්‍යවේදී අනුර හොරේෂස් මහතා විසින් රචිත ‘උතුරු දීපයේ ප්‍රදීපය’ චරිතාපදාන කෘතිය පිළිගැන්වීමද සිදු කෙරිණි.
 

තලගල සුමනරතන නා හිමියන්ගේ මෙහෙයවීම යටතේ ශ්‍රී සිද්ධාර්ථ පදනම මගින් 2003 වසරේ සිට දුෂ්කර පළාත්වල විහාරස්ථානවලට අවශ්‍ය භාණ්ඩ පූජා කිරීමේ ගිරිභණ්ඩ පූජා වැඩසටහනේ 7 වන ගිරිභණ්ඩ පූජාව මහරගම නගර සභා පිටියේදී පැවැත්විණ. 2003 වසරේ සිට 2016 දක්වා පැවැත්වු ගිරිභණ්ඩ පූජාවලදි දුෂ්කර පන්සල් 1000 කට එක් විහාරස්ථානයකට රු. 50,000 ක් වටිනා භික්ෂු පරිහරණ භාණ්ඩ බෙදාදී ඇත. මෙරට පැවැත්වූ ගිරිභණ්ඩ පූජාවට සිංගප්පූරුවේ පදිංචි බෞද්ධ පිරිසක් සහ තායිලන්තයේ බෞද්ධ පිරිසක්ද ආධාර කළහ. ආබාධිතයින් සඳහා වන ආරෝග්‍ය පදනමේ අධ්‍යක්ෂ ජනරාල් උණපානේ අරියධම්ම හිමියන් සිද්ධාර්ථ පදනමේ අධ්‍යක්ෂ තලගල සුමනරතන හිමියන්ට සිංගප්පූරුවේ බෞද්ධයින් පරිත්‍යාග කළ ආධාර භාරදුන් අවස්ථාව

මහරගම විශේෂ වාර්තාකරු –වේහැල්ලේ පියතිලක

 
 

    වප් මස
පුර අටවක පෝය

 වප් මස පුර අටවක පෝය ඔක්තෝබර් 08 වනදා සෙනසුරාදා අපරභාග 09.24 ට ලබයි.
9 වනදා ඉරිදා අපරභාග 10.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 09 වනදා ඉරිදාය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 15 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22

Full Moonඅමාවක

ඔක්තෝබර් 30


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]