UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සාධු ජනයන්ගේ නිහඬ හඬ"ප්‍රත්‍යවේක්ෂා" ප්‍රතිපත්ති සංවර්ධන වැඩසටහන

සාධු ජනයන්ගේ නිහඬ හඬ"ප්‍රත්‍යවේක්ෂා" ප්‍රතිපත්ති සංවර්ධන වැඩසටහන

වර්තමානයේ බොහෝ වශයෙන් ධර්මය සාකච්ඡා කළ ද බොහෝ පුද පූජාවන් සිදු කළද අවංකවම ප්‍රතිපත්තියට දක්වන නැඹුරුතාවයේ ඌනතාවයක් බෞද්ධ ජනතාව තුළ ඇති බව විමසිල්ලෙන් බලන්නෙකුට පෙනේ. ඒ සඳහා වන නිවැරදි මඟ පෙන්වීම්ද අල්ප ප්‍රමාණයකි. පන්සිල් රකින අය කෙසේ වෙතත් ඒ සඳහා අවශ්‍යතාවය ඇති අය පවා අතලොස්සකි. මෙසේ දුස්සීල වන සමාජ, ආගම්, ජාති, කුල, ගෝත්‍ර වශයෙන් පිරිහෙමින් පවතී. එනම් රටක් වශයෙන්ම පිරිහීම සිදුවෙමින් පවතී. මව, පියා , දරුවා, සහෝදරයාගේ සුරක්ෂිතබව දේවත්වයෙන් සැලකූ අප ජාතිය, තිරිසන්කම ද ඉක්මවා යන තත්ත්වයකට පත්වෙමින් තිබෙන අතර හොර රහසේ කලාතුරකින් සිදුවු රටට, සංස්කෘතියට නොගැලපෙන බොහෝ දේ ප්‍රසිද්ධවේදිකාවේ රඟ දැක්වෙන්නේ විටෙක වගකිය යුත්තන්ගේද අනුග්‍රහයෙනි.

දිනෙන් දින පිරිහෙන, පවෙහි විපාක නොදන්නා,අවවාදයන්ට නොදැමෙන, අධම, සිල්වන්තකම්, ගුණවන්තකම්වල වටිනාකම නොදන්නා පිරිස් බහුලවන විට ඔවුන්ගේ බලය වැඩිවී, යහපත් හඬ යටපත් වී යයි. මෙවැනි තත්ත්වයන් යටතේ කලකිරීම් ඇතිව නිහඬවම නොසිට හානිය හෝ අවම කර ගැනීමට සමාජය යම් පමණකට හෝ නිවැරැදි කර ගැනීමට උත්සාහ දැරිය යුතුවේ.

මඩෙහි උපන්නද මඩ තවරා නොගන්නා නෙලුම් මල මෙන්, දූෂිත පරිසරයක, දුස්සීල මිනිසුන් අතර, සීලවන්ත ජීවිතයක් ගත කිරීමට බෝධිසත්වයෙකුවන් ජවයක් තමන් තුළ උපදවා ගත. යුතුය. තමන් නිවැරදිවීම සමාජ මෙහෙවරක් බව සිතිය යුතුය. එයම ජාතික හා ආගමික හැඟීම බව සිතිය යුතුය. ඒ සඳහා අන් අයටද මඟ පෙන්විය යුතුය. යහපත් ක්‍රියාවන් අගය කරන, වටිනාකම හුවාදක්වන, අයහපත් දේ හෙලා දකින, ලජ්ජාවට පත් කරන, නීති ගරුක සමාජයක් බිහිකර ගැනීමට නම් ඒ සඳහා අවශ්‍යතාවය හා හැකියාව තිබෙන පුද්ගලයන් එකමුතු විය යුතුය.

චිත්ත විශුද්ධි පදනම යනු එවන් වූ වගකීමක් ඉටු කිරීම වස් එකිනෙකා සහයෝගයෙන් කටයුතු කරන්නා වූ කල්‍යාණ මිත්‍ර එකමුතුවකි. “ප්‍රත්‍යවේක්ෂා” ප්‍රතිපත්ති සංවර්ධන වැඩසටහන යනු නැවත නැවත තමන් පිළිබඳව සත්‍යවාදීවම විමසමින්, වරදට නැඹූරුවන හිත නිවැරදි කරගනිමින්, අන් අයත් වරදින් මුදමවාලීම සඳහා චිත්ත විශුද්ධි පදනම විසින් සිදුකෙරෙන එක් මෙහෙයුමකි. දීප ව්‍යාප්තව අඛණ්ඩව සිදුකිරීමට බලාපොරොත්තු වන මෙම වැඩපිළිවෙලේ ආරම්භක ක්‍රියාකාරකම් මෙම 08 වන දින, ස්වර්ණමාලි චෛත්‍යරාජයාණන් වහන්සේ අබියසින් ආරම්භ කිරීමට නියමිතව ඇත.

මෙම 08 වන දින, රැය පහන් වන තුරු ප්‍රත්‍යවේක්ෂාව මූලික කරගත් තම චරිත පාරිශුද්ධිය ඇති කර ගැනීම සඳහා බෙහෙවින් උපකාරි වන, අරියවංශිකයෙකු තුළ තිබිය යුතු ප්‍රතිපත්තිය පිළිබඳ කියැවෙන දම් දෙසුමකි. එම ධර්ම දේශනාවට ප්‍රථමයෙන් සතියක් පිළිවෙත් පුරා පූජා භූමියට පැමිණෙන උවැසි උවැසියන්ගේ, තම ප්‍රතිපත්තිය පරාමර්ශනය කර ගනිමින්, ප්‍රතිපත්තියෙන් බුදුන් පුදන සත්‍ය ක්‍රියාමය මහා ආනිශංස ගෙන දෙන අධිෂ්ඨාන බුද්ධ පූජාවකි. සුගතචීවර පූජාවක් සහිත මෙම බුද්ධ පූජාවට, පූජා භූමියට බැතිමතුන් සතිමත්ව පැමිණෙන සක්මනකි. ධර්ම මනසිකාරයෙන් යුතුව, ධර්ම ශ්‍රවණයෙන් පහන්වන රාත්‍රියේ හිමිදිරි උදෑසන ආශිර්වාදාත්මක සෙත් පිරිත් සජ්ඣායනයකි.

මෙම ගුණාත්මක,ආනිශංස බහුල පින්කම් මාලාවට සක්‍රියව සම්බන්ධ වන්නන්, 01 දින සිට තමන් සමාදන් වන ශීලයක් (පඤ්ච සීලය හෝ) වෙනදාටත් වඩා අධිෂ්ඨානයෙන් සමාදන් වී ආරක්ෂා කළයුතුවේ. කඩ වුවහොත් එසේවන වාරයක් ගානේ නැවත සමාදන් විය යුතුවේ. එසේ සමාදන්ව එදින වැඩසටහනට සම්බන්ධ වීමෙන් ශීලානුස්සති ,චාගානුස්සති, සහිත ප්‍රතිපත්තිය පරාමර්ශනය කෙරෙන භාවනාමය බුද්ධ පූජාවන් උපරිම ආනිශංස ඇති කරගත හැක. එයින් පසු අරියවංස දේශනාව ඇසුරින් සිදු කෙරෙන ධර්ම දේශනාව, දිවිය පුරා මෙවැනි පිරිසුදු ජීවිතයක් ගත කිරීමට මග පෙන්වන්නකි. තමනුත් හැදී රටත් හදන බෞද්ධ ප්‍රතිපත්තියට අනුවම කටයුතුකර දෙලොවම අභිවෘද්ධිය ඇති කරගන්නා වැඩපිළිවෙළක ආරම්භය මහා සංඝරත්නයේ ආශිර්වාදයත් සහිතව මෙම උතුම් පින්කම් මාලාවත් සමඟ සිදු කෙරේ.

“ප්‍රත්‍යවේක්ෂා” ප්‍රතිපත්ති සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ ලේඛකාධිකාරි මහාචාර්ය අත්තංගනේ රතනපාල නා හිමියන්ගේ ගෞරවනීය අනුශාසකත්වයෙන් ආරම්භක පින්කම් මාලාව 08 දින ස්වර්ණමාලී චෛත්‍යරාජයාණන් වහන්සේ අභියස දී පැවැත්වේ. ප්‍රතිපත්තියෙන් බුදුන් පුදන මහා ප්‍රතිපත්ති පූජාව සවස 6.00 ට පූජාව මෙහෙහවීම මැදමහනුවර සඳසිරි දුනුවිල සඳගිරි තපෝවන පිරිවෙනෙහි ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කලුගල සුධම්ම හිමියන් විසිනි.

මහා අරියවංස දේශනාව සවස 7.30 ට පරිත්‍රාණ දේශනාව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උතුරු මැද පළාත් සංඝ-නායක පොතානේ ධම්මානන්ද නා හිමියන් පද භාණක දේශනාව රාජගිරිය දහම් මැදුර සේනාසනයෙහි අනුශාසක විනයාචාර්ය මකුලෑවේ සුදස්සන හිමි, අඛණ්ඩව රැය පහන් වනතුරු සිදු කෙරෙන සූත්‍ර විවරණ දේශනාව වෑඋඩ දොඩම්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය උඩුදුම්ර කාශ්‍යප හිමි

වැඩසටහන මෙහෙයවීම උඩුදුම්බර සෝභිත හිමි. තඹුත්තේගම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ සිට අනුරාධපුර සාරානන්ද මහ පිරිවෙන දක්වා රිය පෙරහර ආරම්භය සවස 4.00 ට අනුරාධපුර සාරානන්ද මහ පිරිවෙනේ සිට රුවැන්වැලි සෑ මලුව දක්වා මහා සතිමත් සක්මනෙහි ඇරඹුම සවස 5.00 ට

 

    වප් මස
පුර අටවක පෝය

 වප් මස පුර අටවක පෝය ඔක්තෝබර් 08 වනදා සෙනසුරාදා අපරභාග 09.24 ට ලබයි.
9 වනදා ඉරිදා අපරභාග 10.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 09 වනදා ඉරිදාය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 15 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22

Full Moonඅමාවක

ඔක්තෝබර් 30


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]