UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි

බෞද්ධ දර්ශනයේ ආභාෂය ලබන නව ශ්‍රී ලාංකේය ජාතියක් ගොඩනැගීමට අවශ්‍ය වන පදනම සකසා ගනිමින් යහපත් රාජ්‍යකරණයක් මත ගොඩනැගුණු ශ්‍රී ලංකාවක් බිහිකිරීම උදෙසා ආරම්භ කෙරුණු ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 05 දා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස්විය. ජාතික වශයෙන් වැදගත්වන අවස්ථාවල සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික කරුණුවලට අදාළව බෞද්ධ දර්ශනය මත පදනම් වූ ඉගැන්වීම් මත පිහිටා තීරණ ගැනීමට අවශ්‍ය කෙරෙන දායකත්වය ලබාදීම ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයේ කාර්ය භාරයයි.

ඉතිරිය»

2017 එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් නිල උළෙල හා ජාත්‍යන්තර බෞද්ධ සමුළුව මෙරටදී පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබේ - අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යාංශය

ථේරවාදී නිර්මල බුදුදහම ස්ථාපිත රටක් වශයෙන් ශ්‍රී ලංකාව ලෝක බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම, බුදුදහමේ චිරස්ථිතිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පවතින කැපවීම පිළිබඳ ලෝක බෞද්ධ ජනතාව වෙත නැවුම් පණිවිඩයක් දීම හා ලෝක බෞද්ධ රටවල් අතර පවතින ආගමික සබඳතා ශක්තිමත් කිරීම ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල හා ලෝක බෞද්ධ මහා සම්මේලනය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුවට අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට නිල අනුමැතිය ලැබී ඇති බැවින් එම උළෙල සංවිධානය කිරීම සඳහා සත්කාරක රට වශයෙන් ශ්‍රී ලංකාව ක්‍රියා කිරීම සම්බන්ධව අතිගරු ජනාධිපතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමන් හා බුද්ධ ශාසන අමාත්‍යතුමන් විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුමැතිය ලැබී ඇතැයි අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යංශය පවසයි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

පෙර නොඇසූ විරූ දහම

ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතෙ න සේවිතබ්බා, කතමෙ ද්වේ, යොචායං කාමෙසු කාමසුඛල්ලිකානු යොගෝ හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියෝ අනත්ථසංහිතො. යො චායං අත්තකිලමථානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතො. එතේ තේ භික්ඛවේ උභෝ අන්තෙ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා, චක්ඛුකරණී, ඤාණකරණී, උපසමාය, අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බාණාය සංවත්තති. ශාන්තිනායක ලොව්තුරා බුදුපියාණන් වහන්සේ දේශනා කළ ධම්මචක්ක පවත්වන සූත්‍ර දේශනාවේ පාඨයක් මා මාතෘකා කර වදාළේ ඇසළ මස පුර පසළොස්වක දිනක ඉසිපතනයේ මිගදායේදී පස්වග භික්ෂූන්ට දේශනා කළ වදාළ මෙම දේශනය මුළු බුද්ධ දේශනාවම අකුලා දැක්වූ දේශනයක්.

ඉතිරිය»

ප්‍රථම ධර්ම දේශනාව පැවැත් වූ අසිරිමත් ඇසළ පොහොය

බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහි දී පස්වග මහණුන් අරභයා බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පැවැත්වූහ. ඇසළ පුර පසළොස්වක පොහොය දිනය හා සබැඳි සෑම සිදුවීමක් අතරම එය වඩාත් ප්‍රමුඛත්වය ගනියි. ශාසන ඉතිහාසයත්, ලංකා ඉතිහාසයත් පිළිබඳ විමසීමේදී ඓතිහාසික වූත් පූජනීය වූත් තවත් අසිරිමත් සිදුවීම් රැසකට මුල් වූ දිනයක් ලෙසද ඇසළ පොහොය දිනය හඳුන්වා දිය හැකිය.  ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීමට අමතරව ශාසන ඉතිහාසයෙහිලා ඇසළ පොහොය වැදගත්වීමට මුල් වන කරුණු මෙසේ ගොනුකොට පෙන්වා දිය හැකිය.

ඉතිරිය»

මිද්දෙණිය ග්‍රාමීය රෝහලට පහසුකම් සලසාදෙමින් මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන් කළ සේවය අනූපමේයයි -පරවාහැර චන්දරතන නා හිමි

මිද්දෙණිය ග්‍රාමීය රෝහලට රුපියල් තුන්කෝටියක් පමණ වැය කර අංග සම්පූර්ණ වාට්ටු සංකීර්ණයක් ඉදිකරදීමෙන් මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන් කළ මෙහෙවර ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන්නක් බව ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමියෝ පැවසූහ.

ඉතිරිය»

සිතුවම - සරත් නන්ද කුමාර

 

  ඇසළ පුර පසළොස්වක පෝය

  ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 19 වනදා අඟහරුවාදා පූර්ව භාග 4.40 ට ලබයි. 20 වනදා බදාදා පූර්ව භාග 04.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 19 වනදා අඟහරුවාදා.

මීළඟ පෝය ජූලි 26 වනදා අඟහරුවාදාය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 19

Second Quarterඅව අටවක

ජූලි 26

Full Moonඅමාවක

අගෝස්තු 02

First Quarterපුර අටවක

අගෝස්තු 10


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]