UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

කුරුණෑගල ,මාඑළිය, බලගොල්ල සිරි සෙවන ලිපිනයෙහි පදිංචි එස්.බී. සිනලි සඳූපමා බුද්විනී සේමසිංහ යන අවුරුදු 04 ක් පමණ වයසැති දියණියගේ උපතින් ම වකුගඩු සිහින්ව ඇති අතර දැනට පේරාදෙණිය මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව එම දියණියගේ පියා කියයි. ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇත.

ඒ සඳහා ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වත් අයෙකු හෝ මුදල් ආධාරයක් ලබා දීමට කැමති පින්වතෙකු ඉදිරිපත් වන ලෙසත්, පහත සඳහන් දුරකතන අංකයන්ට අමතා හැකි උපකාරයක් කරන ලෙසත් ඉල්ලීමක් කෙරේ. ලංකා බැංකුව කුඹුක්ගැටේ ශාඛාව

ගිණුම් අංකය :–73675859

දුරකථන අංක :–0718340548,0718579184 වේ.


මොරටුව, කොරළවැල්ල පාරේ අංක 30/7, ලිපිනයේ පදිංචි දිල්හාන් ඔෂාන්ත කුලසේකර මහතා (43) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව වෛද්‍ය රුෂිකා ලැනරෝල් මහත්මිය නිගමනය කර ඇතැයි.

ඔෂාන්ත කුලසේකර මහතාට ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇති බැවින් වකුගඩුවක් ලබාදීමට පරිත්‍යාගශීලි අයෙක් වෙතොත් 077-7792496 දුරකතන අංකයට තොරතුරු ලබාදෙන මෙන් ඥාතීහු ඉල්ලීමක් කරති.


ගම්පහ මුදුන්ගොඩ 195/7 බදුවත්ත ලිපිනයේ පදිංචි කේ.එල්. රේණුකා පෙරේරා වකුගඩු දෙකම අක්‍රිය තත්ත්වයට පත්ව ඇති බැවින් ඇයගේ ජීවිතයේ පැවැත්ම සඳහා වකුගඩුවක් බද්ධ කිරීමට වකුගඩු දානපතියකුගේ සහාය අවශ්‍යව ඇතැයි කියයි.

ඒ සඳහා “ඒ” හෝ “ඕ” රුධිර ගණයට අයත් පරිත්‍යාගශීලියෙකුගෙන් වකුගඩුවක් පිරිනැමීමට කැමැති අයෙක් වෙතොත් 0758648848 හෝ 0728759011 දුරකතන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.


බේරුවල මොරගල්ලේ පොලිස් බංගලාව පාර අංක 55 නිවසේ පදිංචි යුද හමුදා විශ්‍රාමික නිලධාරියෙකු වන ටී.ඩී.පී. මැන්දිස් මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී ඇතැය කියයි.

ඒ සඳහා බී පොසිටිව් , බී නෙගටිව් හෝ ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයට අයත් වකුගඩුවක් දිය හැකි පරිත්‍යාගශීලියකු වේනම් පහත ඇති අංකයන් අමතන ලෙස ඉල්ලීමක් කරයි.

දුරකතන අංක 0778636809 හෝ 0342277141 වේ.


මොරටුවේ පදිංචි සමන්ත ප්‍රනාන්දු නමැති අයගේ අවුරුදු 05 ක් වයසැති චතුමි දියණිය වකුගඩු ආශි‍්‍රත රෝගාබාධයකින් උපන්දා පටන්ම පීඩා විඳින බව කියයි. ඒ සඳහා උපන්දා සිට මේ දක්වාම ප්‍රතිකාර පරීක්ෂණ ආදියට වියහියදම් කරන බවත්, පසුගිය දිනවලදී ශල්‍යකර්මයක්ද කරන ලද බවත් කියයි. තවත් ශල්‍ය කර්මයක්ද කිරීමට ඇති බවද කියයි. මේ හේතුවෙන් අධික වියදම් පියවා ගැනීම සඳහා කාරුණික අයගෙන් උදව් උපකාර ලබා ගැනීමට බලාපොරොත්තුවන හෙයින් ඒ සඳහා වැඩි විස්තර දැන ගැනීමට 0719689131 දුරකතනයෙන් හැකි අතර ගිණුම් අංකය :– මහජන බැංකුව ,මොරටුව (091-200-15-280 9132) ගිණුමට ආධාර කළ හැකි බව කියයි.

නො. 450/1 දුටුගැමුණු මාවත, තලංගම උතුර, තලංගම ලිපිනයේ පදිංචි, 53 වියැති, ගමගේ ශ්‍රීමති පි‍්‍රයමාලා මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඇයට ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට විශේෂඥ වෛද්‍ය එස්.එම්. සෙනෙවිරත්න මහත්මිය නිර්දේශ කර ඇතැයි කියයි. ඇයට අවශ්‍ය ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් රුධිර ගණයේ වකුගඩුවක් දියහැකි පරිත්‍යාගශීලියෙකු වේ නම් 0112791212 හෝ 0722791212 දුරකථන අංකවලට දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කැරේ.

කිරිබත්ගොඩ ජාතික නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි 45 හැවිරිදි දෙදරු මවක් වන ප්‍රදීපා කුමුදිනී සමරසිංහ මහත්මිය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන හෙයින් ඇයට වහාම වකුගඩුවක් බද්ධ කළ යුතුබව විශේෂඥ වෛද්‍ය එරංග විජයවික්‍රම මහතා නිර්දේශ කර ඇත. ඇයට අවශ්‍ය “ඒ” වර්ගයේ හෝ “ඕ” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයකු වෙතොත් පහත දුරකථන අංකවලට දැනුම් දෙනමෙන් කාරුණිකව ඉල්ලමු.

0776705530,0775417441,0777623519


කේ.බී. සුරංගනී (වයස 51) අබගහවිල ,හොරංගල්ල, තල්ගස්වල

යන අය වකුගඩු රෝගයකින් පෙළෙන අතර වෛද්‍ය නාලක මහතා මඟින් ගාල්ල ශික්ෂණ රෝහල තුළ ප්‍රතිකාර ලබාගනිමින් සිටින හෙයින් හැකි ඉක්මනින් ඇය හට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ලබා දීමට කැමැති අයෙක් වෙතොත් පහත දුරකථන අංකයන්වලට කතා කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලීමක් කෙරේ.

0915687048,0722730022

 

  පොසොන් අව අටවක පෝය

  පොසොන් අව අටවක පෝය ජුනි 27 වනදා සඳුදා අපරභාග 12.44 ට ලබයි. 28 වනදා අඟහරුවාදා පූර්වභාග 10.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 27 වනදා සඳුදා ය.

මීළඟ පෝය ජූලි 04 වනදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11

Full Moonපසෙලාස්වක

ජූලි 19


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]