UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අසිරිමත් ධාතු පුරාණය 17 කොටස : ද්‍රෝණයක් ධාතුන් වහන්සේ මහා සෑයේ තැන්පත් කළේ දුටුගැමුණු නරේන්ද්‍රයාණෝ ය

ඊර්ෂ්‍යා කරන්නා විශාල හානියක් තමාට වන බව ඔහු නොදනී

මෙහි පළමු කොටස නවම් පුර අටවක පෝදා පත‍්‍රයේ පළ විය.

ඊර්ෂ්‍යා සහගත මනෝභාවයන්ගෙන් පීඩා විඳින තැනැත්තකු මෙලොවදීම අසාර්ථක වනු ඇත. භෞතික ජීවිත තුළ ඊර්ෂ්‍යා කරන පුද්ගලයන් සෑම විටම භෞතික ජයග්‍රහණයන් තුළදී ද පහළට වැටෙනු ඇත. ඊර්ෂ්‍යාව විසින් ඔහුට හෝ ඇයට ඒ පිළිබඳව නිවැරැදිව වටහාගැනීමට නිවැරැදිව දැකීමක් කරා යැමට ඉඩ තබන්නේ නැත.

සේරි වාණිජ ජාතකය තුළදී සේරි වෙළෙන්දාට බෝධිසත්ව වෙළෙන්දාගේ වාණිජමය හැකියාව උහුළාගත නොහැකි තත්වයක් උදාවිය. ඔහුගේ අසාර්ථක තත්වයක් ලෙස ඔහුට එය පෙනෙන්නට පටන් ගනී. ඊර්ෂ්‍යාව යන මනෝභාවය ඇති පුද්ගලයා තමාගේ අසාර්ථකත්වයට හේතු වනුයේ අනෙකාගේ තත්වයක් ලෙස දකියි. අපගේ අසතුට නිර්මාණය වීම සඳහා හේතුවක් ලෙස වෙනම පිරිසක් හේතු කරගනී.අනෙකාගේ පොහොසත්කම තමාගේ දුප්පත්කම හේතුවක් විය හැකි බවට දුප්පතකුට සිතිය හැකියි. මේ අය ටැක්ස් නොගෙවා නිකන් ඉන්න නිසා අපට විෙවිකයක් නොමැතිව වැඩ කිරීමට සිදුවෙලා තිබෙන්නේ.නිකන් සිටින අයටත් එක්ක ටැක්ස් ගෙවීමට සිදුවී තිබෙන බවට ඇතැමෙකුට සිතිය හැකියි. යනුවෙන් අපගේ අසහනයට වෙන පිරිසක් හේතුකර ගනී. ඊර්ෂ්‍යාව චෛතසිකය පැමිණුනාට පසුව සාමාන්‍යයෙන් මිනිසුන් තුළ හැසිරෙනුයේ එවැනි ආකාරයකයි. ඒ නිසා මෙවැනි මනෝභාවයන් තුළ යම් පුද්ගලයකු අඛණ්ඩව සිටිය හොත් ඔහු එයට හුරු පුරුදු කරගෙන ඊළඟ භවය කරා ගමන් කරනු ලබයි. ඊළඟ භවය තුළත් ඔහු යම්කිසි කුසලතාවයන් ඇතිකර ගන්නේ නැතිව ඉතාම දුර්වලයකු ආකාරයට නොසිතා තමන්ට ලැබුණ දෙයින් තමා තෘප්තිමත්ව තමා සාර්ථක නොවී කුසල් උපදවා නොගෙන ඊළඟ භවය කරා ගමන් කළ හොත් ඊළඟ භවය තුළ ඔහු අල්පේශාක්‍ය වීම අනිවාර්ය වේ. පුරුඳු පුහුණු කරන ලඳ යම් කිසි කුසල් ප්‍රමාණයක් සමඟ අප මේ භවය නිමාකළ හොත් පමණි. අපට ඊළග භවය තුළ සාර්ථකත්වතය කරා ගමන් කළ හැකි වන්නේ, සාර්ථක ස්ථානයකින් ආරම්භ කෙරුවකු මහේශාක්‍ය ලෙස හදුන්වනු ලබයි. අසාර්ථකත්වයේ සිටින පිරිස අල්පේශාක්‍ය ලෙස හදුන්වනු ලබයි. මේ ආත්මය තුළ ඇතිකර ගනු ලබන ඊර්ෂ්‍යාව නිසා අපේ සිත කරනු ලබන හැසීරීම් අප තුළ ඇතිවන අකාර්යක්ෂම කම වගකීම් විරහිත කම සිල්වත්භාවයත් නොමැතිකම එයට අදාල වන ප්‍රතිපත්ති නොරැකීම තුළ ඊළඟ ආත්මභවය ඉතාම දුක්ඛිත පරිසරයකට වැටීමට තිබෙන ඉඩකඩ වැඩිෙවියි. අප පුහුණුකරනු ලබන දෙය අනුව ඊළඟ භවය නිර්මාණය වනු ඇත. ඊර්ෂ්‍යාවෙන් ජීවත්වන අයෙකු යහපත් කුසල්, යහපත් හැකියාවන් මෙම භව ගමනේ නිර්මාණය කරගනු ලබන බවට විශ්වාස කළ නොහැකියි. සතුටින් ජීවත්වන මිනිසුන් ඉතාම නිර්මාණශීලි වුවන් වෙයි. තමන් පිළිබඳ තෘප්තිමත් පුද්ගලයා මේ භවය තුළ ඉතාම සාර්ථක වුවන් වෙයි. ඒ තමන්ට ලැබෙන ඕනෑම දෙයක් තෘප්තිමත්ව බාරගන්නා පුද්ගලයන් අඛණ්ඩව ඇතිකරගනු ලබන්නා වූ කුසලතා සමඟ ඊළඟ භවය කරා ගමන් කරනු ලැබුවහොත් ඔවුන්ගේ ඊළඟ භවය ආරම්භ කරන්නෙම මහේශාක්‍ය ආකාරයට අනෙකාට වඩා ඉදිරියෙන් ආරම්භය පටන් ගනී.

යමිකිසි පුදුගලයකු ඊර්ෂ්‍යාව යන මනෝභාවය ඇතිකර ගැනීමත් සමඟම ඔහු ඔහුගේ විනාශය උදාකර ගැනීමට පටන් ගනී. තමා තුළ ඇතිකර ගනු ලබන ඊර්ෂ්‍යාව නිසා තමාට පමණක් හානියක් නොවන අතර එම ඊර්ෂ්‍යා සහගත පුදුගලයන් විශාල වශයෙන් අනෙකා හානිකරනු ලැබූ අවස්ථාවන් බොහෝ පවතී.තමාගේ අසාර්ථකභාවය මත පදනම්ව ඔහු තුªළ ගොඩනැගෙන දීර්ඝ කාලීන වෛරය දැවැන්ත මිනිස් සංහාරවලට නායකත්වය සපයනු ලැබු අවස්ථා ඉතිහාසය තුළ නැතුවා නොවේ. අනෙකා සතුටින් සිටීම උහුලාගත නොහැකිවීම ඔවුන් තුළ පවතින මනෝභාවයයි. පරාර්ථකාමී ස්වභාවයක් පෙන්නුම් කරම්න්ම ඊ්ර්ෂ්‍යාව ඇතිවිය හැකියි. අනුන් පිළිබදව සිතන ස්වභාවයෙන්ම තමා තුළ ඇති ඊර්ෂ්‍යාව එළියට පැමිණුනද එය බැලූ බැල්මට පරාර්ථකාමී වේ. අනුන් පිළිපඳව සිතන ස්වභාවයක් පෙන්නුම් කළද එය ඇතුළත ඉතාම දැඩි ඊර්ෂ්‍යාව පැවතිය හැකිය.පරාර්ථකාමී ස්වභාවයෙන් ඊර්ෂ්‍යාව පැමිණෙන විට එය අනෙකාට වටහා ගැනීමද අපහසු විය හැකියි. ඔහුගේ හෝ ඇයගේ අසාර්ථකත්වය පිළිබඳව හෝ අඩුපාඩු පිළිබඳව ඔහු හෝ ඇය තුළ පවතින අසාර්ථකභාවය පිළිබඳව ප්‍රශ්නය අනෙකාගේ සාර්ථකත්වයට එරෙහිව එළියට පනියි. මම මේ සියල්ල කරනු ලැබුයේ සමස්තයේ යහපත වෙනුවෙන් බව පිටතට පෙන්වමින් සමහර විට මරණයට පත්වන තුරුම මෙම ලේබලය ගසාගෙන ක්‍රියාකාරී විය හැකියි. ඇතුළත වැඩකරනු ලබන්නේ හීනනමානයක් වුවද තමා තරම් පරාර්ථකාමියකු වෙන නොමැති බවට තමාද සිතීමට පෙළඹෙනු ඇත. ඔහුගේ අසාර්ථකත්වය පිළිබඳව ඔහු තුළ පවතින තරහව පරාර්ථකාමී ස්වභාවයෙන් එලියට පැමිණිමට ඉඩ ඇත.

මෙම මනෝභාවයෙන් ඔබ ඉතාම ප්‍රවේසමි විය යුතුයි. අප රැවටීමට අපව වංචා කිරීමට මෙම මනෝභාවයන්ට විශාල ශක්තියක් පවතී. මගේ අසාර්ථකත්වය නිසා මා තුළ ගොඩනැගෙන අසහනය මිස මගේ අඩුව සම්බන්ධව තිබෙන අසහනය බව වටහා ගත යුතුයි. එම තත්වය හඳුනාගත්තාය යනු ඔහු එම මනෝභාවයෙන් ඉවත් වීමට පටන් ගැනීම වේ. පරාර්ථකාමයේ වේශය වැනි වෙනත් රූපවලින් ඊර්ෂ්‍යාව කියන මනෝභාවය අප ජීවිතය තුළ වරින් වර එළියට පැමිණිමේ හැකියාව තියෙනවා. දේවදත්ත පංචවර නමින් ලස්සන කාරණා පහක් ඉල්ලමින් පෙන්නුම් කරනුයේ බොහොම යහපත් අයෙකුගේ යහපත් යෝජනා ආකාරයෙනි. එවැනි පොදු කාරණා තුළින් බුදුහිමියන්ට පහර දිය හැකි බවද, බුදු හිමියන් එවැනි අන්තවල ට අවසර නොදෙන බව දන්නා දේවදත්ත බුදුහිමියන්ට එරෙහිව යම් පිරිසක් පෙළ ගස්වාගැනීමට ඔහුට තිබෙන අවශ්‍යතාවය, බුදුහිමියන් සමීපයෙහි දේවදත්ත කුඩා කල සිටම දක්වනු ලැබූ අසාර්ථකත්වය, සංසාරයේ ගමන් තුළ හැම ආත්මයක් තුළදීම බුදුහිමියන් සමීපයෙහි අසාර්ථක වූ ප්‍රශ්නය ඔහු තුළ ක්‍රියාත්මක වේ. බුදුහිමියන් සම්බන්ධව පැවතුණ තරහව එළියට පැමිණෙනුයේ නිවන් මඟට විශාල උපකාරයක් වෙන හැසිරීමක් ලෙසයි. මෙම චෛතසිකය තේරුම් නොගත හොත් අපටම අප වසඟ වේ.

භාවනා කිරීම නමි, හොඳයි ඔහු හෝ ඇය ඇත්තටම භාවනා කරනවාද? ඕවාට කලබල වන්න එපා. ඔයවැනි අය කලිනුත් ඉඳල තියෙනවා. බුදුහිමියන් වදාළ දහමට අනුව ප්‍රත්‍යක්ෂ වූවාට පසු පිළිගැනීමට සූදානම් වන බව පෙන්නුම් කළාට අනෙකා ගේ යහපත් ජයග්‍රහණය නොරිස්සීම ඒ තුළ පවතී. බුදුහිමියන් දෙස බලාගෙන මද වේලවකට හෝ භාවනාකිරීමට නොහැකි වීමේ අසහනය අසාර්ථකත්වයයි. ඔබ අනෙකා සම්බන්ධව සොයමින් පර්යේෂණ කිරීමේ ස්වභාවයෙන්ම ඔබ තුළට ඊර්ෂ්‍යාව පැමිණිය හැකියි. එම පර්යේෂණයේ අවසාන සෙවීම යනු අනෙකාගේ ජයග්‍රහණයට තාවකාලිකව කළ හැකි දෑ කුමක්ද? යන්න සීතීමයි. මෙරමා පිළිබඳව සොයනවා නම්, අනෙකාගෙන් යම් කිසි ආදර්ශයක් ගත හැකි නම්, පමණක් සොයන්න. එසේ නොමැතිව අනෙකා පිළිබඳව සොයන්නට කිසිවිටෙකවත් පෙළඹෙන්න එපා. ඔබට ඒ තුළින් යහපතක් වන්නේ නැත. ඔහු ගුණවත්ද, සිල්වත්ද යන්න මට අදාළ වන කාරණාවක් නොවේ. අනෙකාගේ සාර්ථකත්වය සොයමින් සිටීමේ පලක් නැත. ඔබ අනෙකා පිළිබඳව සොයන්න ආරම්භ කරන්නේම ඔබ තුළ පවතින ඊර්ෂ්‍යාව නිසයි.

ඔබ තුළ ආගම් පිළිබඳව හීනමානයක් ඇතිකර නොගත යුතුයි. ඔබ ඒ තුළ පීඩාවක් ඇතිකර නොගත යුතුයි. තමන් උප්්පත්තිය ලැබූ කුලය හෝ ජනවර්ගය ඇතුළත තමන් පහත්ය යන මනෝභාවය පැමිණුනහොත් ඒ ආශ්‍රිතව සිටින අනෙක් පිරිස කෙරෙහි ඊර්ෂ්‍යා කිරීමට පෙළඹේ. බුදුපියාණන් වහන්සේ ගේ ධර්මය තුළ එවැනි කරුණු කාරණා සංසාරික වන බව පැහැදිළි කර වදාරා ඇත. ජාති ආගම් කුªල භේද කිසිවක් අප විසින් තෝරාගනු ලබන්නාවූ කාරණා නොවේ. කුලය කාගේ හෝ තෝරාගැනීමක් නොවේ. අප ඉපදෙන විටම කර්මය විසින් අප ඒ තත්වයට පත් කරයි. එය කර්මානුරූපව වන දේවල් බව බුදුපියාණන් වහන්සේ වදාරා ඇත. දෛවෝප-ගතව සිදුවූ දේ පිළිබඳව අප අතෘප්තිකර වීමට කාරණාවක් නොවන්නේ එය ඔබගේ තෝරා ගැනීමක් නොවන නිසයි. අප ඉපදෙන විටම ලැබෙන කාරණාවක් පිළිබඳව කලබල නොවිය යුතුයි. එය අපගේ තෝරාගැනීම නොවන නිසාම ඒ පිළිබඳව අප අසහනයට පත් නොවිය යුතුයි. එය පින් පව් බව වටහා ගත යුතුයි.

ඔහු පිළිබඳව අප තුළ පවතින ඊර්ෂ්‍යාව නිසාම යමෙකු පැරදවීමට සිතුවහොත් ඔහු කරනු ලබන ක්‍රියා මාර්ගය තුළ තව බොහෝ දේ විනාශ කර දැමිය හැකියි. මිනිස් ජීවිතය හා බැඳුණු කාරණා සම්පූර්ණයෙන්ම නැතිකර දැමීමට පෙළඹිය හැකියි. ඔබට වඩා ඉහළින් සිටින පිරිස් හා ඔබට වඩා පහළින් සිටින පිරිස් පිළිබඳව මගේ පැවැත්මට මෙම හැමෝම සම්බන්ධ වන බවයි.

ඊර්ෂ්‍යාවට ප්‍රතිපක්ෂව වැඩිය යුතු කුසල චෛතසිකය ලෙස මුදිතාව වැඩිය යුතු බවට බුදුපියාණන් වහන්සේ වදාරා ඇත. මුදිතාවේ ආරම්භය තමා පිළිබඳව තෘප්තිමත් වීමයි. තමා පිළිබඳව සතුටක් තිබෙනවා නම් පමණයි අනෙකාගේ ජයග්‍රහණයන් අනෙකා විඳින දේ පිළිබඳව සතුටට පත්විය හැකිවන්නේ. එනිසා තමා සම්බන්ධව මුදිතාව උපදවා ගත යුතුමයි. තමා තුළ මුදිතාව වැඩිය යුතුයි. මව පියා පළමුවෙන්ම තමාගේ දරුවන් පිළිබඳව මුදිතාව ඇතිකර ගත යුතුයි. තමාගේ දරුවන්ගේ සාර්ථකත්වය තමාගේ සාර්ථකත්වය ලෙස සිතිය යුතුයි. මවක් ලෙස තමා සතුටුවනවා නම්, පියකු ලෙස තමා සතුටු වනවා නමි, තමන්ගේ සතුට ඇතුළත අනෙකාගේ ජයග්‍රහණය උහුළාගත හැකියි. මුදිතාව නම්, අනෙකාගේ දියුණුව සම්බන්ධව නිරාමිසව සතුටු වීමයි. බලාපොරොත්තු තබාගෙන සතුටු නොවිය යුතුයි. මුදිතාව වර්ධනය කරගැනීමට නම් තමා පිළිබඳව සතුටු වීම ආරම්භ කළ යුතුයි.

 

 නවම් පුර පසළොස්වක පෝය

   නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 21 වන දා ඉරිදා අපරභාග 10.34 ට ලබයි. 22 වනදා සඳුදා අපරභාග 11.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 22 වනදා සඳුදාය.

මීළඟ පෝය මාර්තු 01 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01

Full Moonඅමාවක

මාර්තු 08

First Quarterපුර අටවක

මාර්තු 15


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]