UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මොනරගල ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානය

මොනරගල ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානය

කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ආසනයේ මොනරගල නමැති කුඩා ග්‍රාමයේ අඩි පන්සියයක් පමණ උස විශාල ගල්තලාවක් මත මොනරගල ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානය පිහිටා තිබේ.

ශාස්ත්‍රවේදී පණ්ඩිත බෙලිගොඩ ශාන්තරතන ස්වාමීන් වහන්සේ මොනරගල ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ නිර්මාතෘවරයාණෝ වෙති. ඉතා දුෂ්කරතා මධ්‍යයේ ගම්වාසීන්ගේ ආධාරයෙන් ඉතා කුඩා සංඝාවාසයක් හා බණ මඩුවකින් උන්වහන්සේ 2008 වර්ෂයේ දී එම විහාරස්ථානය ආරම්භ කළහ.

නිස්කලංක, රමණීය පරිසරය හේතුවෙන් එම ස්ථානයේ විහාරස්ථානයක් ඉදිකිරීමට ඉතා යෝග්‍ය යැයි උන්වහන්සේ තීරණය කර ඇත. පර්චස් තිහක පමණ භූමි ප්‍රමාණයක මෙම විහාරස්ථානය පිහිටා ඇත. විහාරස්ථ භූමිය බණ භාවනා කටයුතු සඳහා කදිම පුදබිමකි.

බෝධීන් වහන්සේ, බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩවසන කුඩා බුද්ධ මන්දිරය හා බණ මඩුවකින් සමන්විත වේ. වර්තමානයේ මෙම ස්ථානයේ එක් භික්ෂුවකට පමණක් වැඩවිසිය හැකි කුඩා සංඝාවාසයක් ද වේ.

මෙහි අඩි පන්සියයක් පමණ උස කන්ද මුදුනේ සැදැහැති බෞද්ධයන්ට වැඳ නමස්කාර කිරීම් පිණිස චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකිරීමට අදහස් කරන ශාන්තරතන හිමියන් ඒ සඳහා මහත් පරිශ්‍රමයක් දරමින් සිටිති. ඒ සඳහා දායකවීමට කැමති පින්වතුන්ට ආරාධනා කරන බවට උන්වහන්සේ පවසති.

 

 නවම් පුර පසළොස්වක පෝය

   නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 21 වන දා ඉරිදා අපරභාග 10.34 ට ලබයි. 22 වනදා සඳුදා අපරභාග 11.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 22 වනදා සඳුදාය.

මීළඟ පෝය මාර්තු 01 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01

Full Moonඅමාවක

මාර්තු 08

First Quarterපුර අටවක

මාර්තු 15


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]