UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරයේ නවම් පෝදා වැඩසටහන මෙසේ ය. පෙරවරු 6 – 6.30 සීල සමාදානය මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී රන්දිලිගම මහින්ද හිමි 8 – 9 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණී උභය රාජ මහා විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි 9 – 10 දම් දෙසුම නාලන්දේ විමලසිරි හිමි 10 – 11 ධම්මපදයෙන් බිඳක් දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 11 දවල් බුද්ධ පූජාව පස්වරු 12.15 – 2 සීල භාවනා , 2 – 3 වෛද්‍ය විද්‍යා දේශනය 3 – 4 දහම් දෙසුම බණ්ඩාරවෙල නාරද හිමි, 4 – 5 පිරිත් දේශනය මහ සඟරුවන සමඟ පෙහෙවස් සමාදන් වූ සියලු දෙනා 5 – 6 භාවනා වැඩසටහන මෙහෙයවීම මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6 – 7 ගිලන්පස පූජාව රාජමහා විහාරවාසී ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 7 – 8 දහම් දෙසුම පරවාහැර වජිරරතන හිමි.


බම්බලපිටියේ වජිරාරාමය

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත තිරිකුණාමලයේ ආනන්ද මහ නාහිමි, 8.00 – 9.00 ගිහි දේශනය ෂේන් බ්ලොක් මහතා, 9.00 – 10.00 ධර්මානුශාසනාව මාකදුරේ ධම්මභාසිත හිමි, 10.00 – 11.15 භාවනාව, අනුශාසනාව සහ බුද්ධ පූජාව ගම්පහ පාසාදික හිමි, පස්වරු 12.15 – 1.00 සෙත් පිරිත් ශාස්ත්‍රවේදී කඹුරුගමුවේ මහානාග හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව මීගොඩ සුඛිත හිමි, 2.00 – 3.00 ධර්මානුශාසනාව ශාස්ත්‍රපති කොටනෙලුවේ පුඤ්ඤානන්ද හිමි, 3.15 – 4.15 ධර්මානුශාසනාව රාජකීය පණ්ඩිත වතුරවිල සිරිසුජාත හිමි, 4.15 – 5.15 භාවනාව සහ අනුශාසනාව පිටිපන ශාසනරතන හිමි, 5.15 – 6.15 ධර්මානුශාසනාව රාජකීය පණ්ඩිත රණස්ගල්ලේ ඤාණවීර හිමි, 6.15 – 6.30 සිල් අලුත් කිරීම හා අටවිසි බුද්ධ වන්දනාව කුරුණෑගල චරණධම්ම හිමි.


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත, ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ නවම්මස, පුර පසළොස්වක පොහෝ දා ශීල, භාවනා, ධර්ම දේශනා මාලාවක් ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 6.00 සිට 6.30 ට උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව, විහාරාධිපති ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 ට භාවනා වැඩසටහන, ශ්‍රී ජයශේඛරාරාමවාසි, කන්තලේ සුමිත්ත හිමි, 9.15 – 10.15 ධර්ම දේශනාව, ජයවර්ධනපුර(කෝට්ටේ) ශ්‍රී ජයශේඛරාරාමාධිපති ශාස්ත්‍රපති, රජවත්තේ වප්ප නාහිමි, 10.30 – 11.00 දහවල් සම්බුද්ධ පූජාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 12.15 – 12.45 සෙත් පිරිත් දේශනාව ශ්‍රී ජයශේඛරාරාම ස්වාමීන් වහන්සේලා විසින් 1.00 – 2.00 මාසික රැස්වීම තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15 – 3.15 ට ධර්ම දේශනය, ශ්‍රී ජයශේඛරාරාමවාසී ගැට්ටුවානේ සුමේධ හිමි, 3.30 – 4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 ධර්ම දේශනය කන්තලේ සුමිත්ත හිමි, 6.00 සිල් පවාරණය තලල්ලේ සිරි මහින්ද නාහිමි, 6.45 – 7.45 ගිලන් පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව 8.00 සිට 9.00 රාත්‍රී ධර්ම දේශනය (පටිගත කරන ලද දේශනයක්).


අනුරාධපුර මහා විහාරය

ඓතිහාසික මහා විහාරයේ පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන් මාලාවේ නවම් පුන් පොහොය වැඩසටහන මෙම පෙබරවාරි මස 22 වැනි පොහෝ දින දවස පුරා මහාවිහාරයේ ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ (බෝමළුව පන්සලේ) සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. ආචාර්ය පල්ලේගම සිරිනිවාස අටමස්ථානාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි, බෝමළුව විහාරවාසී කණුබිච්චියේ රතනජෝති හිමියෝ පොහොය වැඩසටහන සම්බන්ධීකරණය කරති. මෙවර වැඩසටහන පහත දැක්වේ.

පෙරවරු 6.00 අටසිල් සමාදන් වීම, 6.30 උදෑසන බුද්ධ පූජාව, පෙරවරු 8.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති වව්නියාවේ පඤ්ඤාසේකර හිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා 10.15 දේශනයට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 10.30 දවල් බුද්ධ පූජාව දවල් 12.00 ජාතක කතා දේශනාව, රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි, පස්වරු 1.00 ධර්ම දේශනාව පණ්ඩිත ඉහළහල්මිල්ලෑවේ රතනපාල නාහිමි, 2.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම, 2.45 දම්සභා මණ්ඩපය, පණ්ඩිත වැල්ලගිරියේ සීලසුමන හිමි, ආචාර්ය කේ.එම්.අයි. ස්වර්ණසිංහ මහතා, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා 4.00 භාවනා වැඩසටහන, මෙහෙයවීම, පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි ප.ව. 5.00 බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රවේදී කෙහෙල්වල රේවත හිමි, ප.ව. 5. 55 සිල් පවාරණය, ප.ව. 6.00 නිමාව.


කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී නවම්පෝදා පින්කම් රැසක් කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම, මල් පහන් ගිලන්පස කිරි ආහාර පූජාව, ශබ්ද පූජාව මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍ය වටා ෂඩ් වර්ණ සාටකයක් පැළඳවීමේ කංචුක පූජාව පැවැත්වේ. උදේ ධර්ම දේශනාව විහාරස්ථ ධර්මශාලාවේ පැවැත්වෙන අතර භාවනා වැඩසටහන චෛත්‍යමලුවේ දී පැවැත්වේ.

නවම්පෝදා බත් දන්සැල කිරිවෙහෙර ප්‍රධාන වාසල් දොරටුව ඉදිරිපිට දාන ශාලාවේ පැවැත්වේ. සවස කිරිවෙහෙර රාජ මහා විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව බෝධි පූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී තලගල ඤාණින්ද හිමියන් විසින් සිදුකරනු ලැබේ.

සවස 7.00 ට අටවිසි බුදුවරුන් වෙනුවෙන් බෝධි පූජාව අටවිසි බෝමළුවේදී පැවැත්වේ. කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක, කතරගම බෞද්ධ සංගමය, ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය විහාරස්ථ දායක සභාව එම පින්කම් කටයුතු සංවිධානය කර ඇත.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

වැඩිහිටි සීල සමාදාන වැඩ සටහන

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, කැනඩාවේ බෞද්ධ විහාරයේ විහාරාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කීඹිඇළ කස්සප හිමි, 8.00 – 9.00 භාවනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 9.00 – 10.00 සූත්‍ර දේශනාව වැලිමඩ පසන්න මානස හිමි, 10.00 – 11.00 අභිධර්ම සාකච්ඡාව පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව පන්නිපිටියේ සමිත හිමි, පැනසිහගම ඛේම හිමි, පස්වරු 12.30 – 12.35 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.35 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ මීගොඩ මධුභානී හිමි, මාතලේ සුමානිත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව බුත්තල බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනවාසී ත්‍රිපිටකාචාර්ය නාවලගම අමිතදස්සන හිමි, 3.00 – 3.45 ධර්ම දේශනය මාකඳුරේ ධම්ම භාෂිත හිමි, 4.00 – 5.00 ධර්ම දේශනය අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය පාතේගම ඤානිස්සර හිමි, 5.00 – 6.00 ධම්මපදය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.

තරුණ සීල සමාදාන වැඩ සටහන

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව රන්වල ඤාණාවාස හිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති තල්ගමුවේ සුධීරානන්ද හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ අරණායක බුද්ධරක්ඛිත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ගිහි දේශනය නෙවිල් ගුරුගේ මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 4.15 – 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්මදේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.


කොළඹ 07 ශ්‍රී ලංකා ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය

පෙරවරු 6.15 – 7.00 සිල් සමාදන් කරවීම බුද්ධ පූජාව මීතලාවේ විනීත නාහිමි, 8.00 – 9.30 ධර්ම දේශනාව මීතලාවේ විනීත නාහිමි, 9.30 – 11.00 ධර්ම දේශනාව නාමල්ගමුවේ පඤ්ඤාසේකර හිමි, 1.00 – 2.30 ගිහි දේශනය වෛද්‍ය කුමුදු කුරුප්පු මහතා, 3.00 – 5.00 ධර්ම දේශනාව තල්ගමුවේ සුධිරානන්ද හිමි.


තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

පෙරවරු 6.00 – 7.00 කිරිපිඬු පූජාව සීල සමාදානය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව බොරැල්ලේ කෝවිධ හිමි, 9.00 – 9.30 භාවනාව, 9.30 – 10.30 ධර්ම දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 10.30 – 11.00 දෙතිස් ව්‍යාංජන සහිත සම්බුද්ධ පූජාව, පස්වරු 12.15 – 1.00 ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාව, 1.00 – 2.00 ධර්ම දේශනාව තල්ගමුවේ සුධිරානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව දොළොස්වළ උදිතධීර හිමි, 3.30 – 4.30 ධර්ම සාකච්ඡාව මීතලාවේ විනීත නාහිමි සමඟ මහකෙළියේ නාහිමි. 4.30 - 5.15 සිල් පවාරණය සහ කරණීයමෙත්ත සූත්‍ර දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි.


තෙලවල විජයරූපාරාම ධර්මායතනය

මොරටුව, කටුබැද්ද,තෙලවල විජයරූපාරාම ධර්මායතනාධිපති, කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් පුර පොහෝදින වැඩසටහන සිදු කරනු ලැබේ.

අලුයම 5.30 කිරිපිඬු දානය සහිත පෙරහර, 6.30 – 7.30 උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව දම්පහළ ඤාණරතන නා හිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 9.30 – 10.30 ජාතක කතා දේශනාව නිමල් අමරවංශ මහතා, 10.30 – 11.00 භාවනාව වඳුරඹ ඤාණාලෝක හිමි, 11.00 – 12.00 දවල් සම්බුද්ධ පූජාව, දම්පහළ ඤාණසුධීර හිමි. පස්වරු 1.00 – 2.30 නවම්පුර පොහොය පිළිබඳ දේශනය ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා, 3.00 – 4.00 ධර්ම දේශනය ඌරුබොක්කේ ඤාණසුබෝධ හිමි, 4.00 – 5.00 මහපිරිත් දේශනාව සහිත මහාසමය සූත්‍ර දේශනාව ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා, 5.00 ට සිල් පවාරණය සිදු කිරීම දම්පහළ ඤාණරතන නා හිමි, 6.30 – 7.30 අෂ්ටපාන සහිත සම්මා සම්බුද්ධ අටවිසි ගිලන්පස බෝධි පූජාව සහ පුණ්‍යානුමෝදනාව දම්පහළ ඤාණරතන නා හිමි, ප.ව. 12.15 ට ‘බුදුසරණ පුවත්පත’ ධර්මදානයක් ලෙස බෙදාදීම, දායකත්වය ඔක්කම්පිටිය, බුරුතගොල්ල පදිංචි චමිලා පි‍්‍රයදර්ශනී මෙනවිය විසිනි.


ශ්‍රී සම්බෝධි විහාරය

පෝදා පෙරවරු 5.30 – 6.00 කිරි ආහාර බුද්ධ පූජාව බෞද්ධයා රූපවාහිනී, නාළිකාවේ සභාපති සහ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති, ලන්ඩන් නුවර ප්ලාස්ටෝව්හි ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානාධිපති ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමි, 6.00 – 7.30 සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව මෙහෙයවීම දරණාගම කුසලධම්ම නාහිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව බුද්ධංගල ආරණ්‍ය සේනාසනවාසී බුද්ධංගල ආනන්ද හිමි, 9.30 – 10.30 ධර්ම දේශනාව මහාචාර්ය පාතේගම ඥාණිස්සර හිමි, 11.00 – 11.30 ව්‍යාංජන තිස් දෙකක් සහිත සම්බුදු පූජාව, මෙහෙයවීම ශ්‍රී සම්බෝධි විහාරවාසී අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු, 12.30 – 2.00 “දම්සභා මණ්ඩපය” සාකච්ඡාව ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සේනාරත්න කාරියවසම් මහතා, මෙහෙයවීම නීතීඥ ශෂික ජයතිලක මහතා, 2.00 – 3.00 ධර්ම දේශනාව අම්බලන්ගොඩ ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමවාසී ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකාරී, ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ නාහිමි, 3.30 – 4.30 ධර්ම දේශනාව බියගම කොට්ටුන්න දම්මධස්සී බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක දොළොස්වල උධිතධීර හිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව අත්තනගල්ල බෝපාගම මිගදාය තපෝවනයේ ප්‍රධාන අනුශාසක ගම්පහ පාසාදික හිමි, 5.30 – 6.00 මහා ඖෂධ පූජාව සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය මෙහෙයවීම කළුබෝවිල සමාධි චිත්ත විවේකාශ්‍රමයේ අනුශාසක මහරගම පදුම හිමි.


අනුරාධපුර බෞද්ධ මණ්ඩල පරිශ්‍රය

අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ සාමාජිකත්වය ලබමින් සිට මිය ගිය සියලුම සාමාජික සාමාජිකාවන්ටත්, රට වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ටත්, පින් අනුමෝදන් කිරීම හා දැනට ජීවත්ව සිටින අයට නිදුක් නිරෝගී සුව පැතීම අරමුණු කොට වසරක් පාසා පවත්වනු ලබන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය 21 වෙනි දින බෞද්ධ මණ්ඩල පරිශ්‍රයයේදී පැවැත්වේ.තිි‍්‍රපිටකවේදී පොතාතේ ධම්මානන්ද නාහිමියන් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය විසින් පවත්වන එම පිරිත් දේශනයෙන් පසු පිරිත් පැන්, පිරිත් නූල් බෙදා දෙනු ලැබිණි.පහළොස් නමකට හීල් දානයත්, පනස් නමකට අධික මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් නවම් පුර පොහොයදා සිදු කෙරේ.පෙහෙවස් සමාදන් වූ සියලු සැදැහැවතුනට හීල් දානයත් දවල් දානයත් පිරිනමන අතර, එදින දවස පුරාම ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ භාවනා වැඩසටහන් ද සිදු කෙරේ.


කතරගම කිරි වෙහෙරේ වාර්ෂික පින්කම් මාලාවක්

රුහුණු මහා කතරගම කිරි වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේට කොත පැළැන්දුව දිනය සිහිපත් කරමින් කතරගම කිරි වෙහෙර රාජ මහා විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති කොබවක ධම්මින්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි, කැප්පෙටිපොල ශ්‍රී සතර මහා දේවාලය මඟින් වාර්ෂිකව පවත්වන මහා පින්කම් මාලාව 46 වෙනි වරටත් පෙබරවාරි මස 26 – 27 යන දෙදින කිරි වෙහෙර අබියස දී පැවැත්වේ.පෙබරවාරි මස 26 දින සවස කතරගම කිරි වෙහෙර අබියස අෂ්ඨඵල මහා බෝධි පූජාව, මහා පහන් ආලෝක පූජාව, සර්ව රාත්‍රික පිරිත් ධර්ම දේශනාවක් ද 27 වන දින හීල් දානය, දවල් දානය සඟසතු කොට පිළිගැන්වීම, ඊශ්වර ශ්‍රී ස්කන්ධකුමාර, ශ්‍රී ගණදෙවි, දැඩිමුණ්ඩ, පත්තිනි යන දෙවිවරු උදෙසා මුළුතැන් පූජාවක් ද පැවැත්වීම සිදුකරන අතර මෙම පින්කම් මාලාවේ නිර්මාතෘ වන අපවත්වී වදාළ හිමිපාණන් වහන්සේලාට පින් අනුමෝදනා කිරීම ද මියගිය සියලුම දෙනාට පින්දීම ද ජීවත්ව සිටින අයට ආසිරි පැතීම ද අතිගරු ජනාධිපතිතුමාට, ලක් රජයට, ත්‍රිවිධ හමුදාවට සෙත් පැතීම ද එම පින්කමට ඇතුළත් වේ.


කළුතර බෝධිය

කළුතර බෝධි පරිශ්‍රයේදී කළුතර බෝධි භාරකාර මණ්ඩලය මෙහෙයවීමෙන් නවම් පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේ ය. පෙරවරු 6.15 – 7.15 සිල් සමාදන්කරවීම හා තෙරුවන් වන්දනාව වැලිකල පඤ්ඤාකර හිමි, 7.30 – 9.45 දහම් දෙසුම වතුරුගම නන්දසිරි හිමි, 10 – 11.30 දහම් දෙසුම පලාතොට පඤ්ඤානන්ද හිමි පස්වරු 1 – 3 ධර්ම සාකච්ඡාව ශේන් බ්ලොක් මහතා 3.15 – 4.15 දහම් දෙසුම මොරකැටිආරේ ධම්මික හිමි, 4.30 – 6.00 දහම් දෙසුම ගම්පහ මහානාම හිමි, 6.30 – 7.45 පානදුරේ අරිධම්ම හිමියන් පැවැත්වූ බෝධි පූජාව (පටිගත කළ එකකි) 8 – 9 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව.


කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනය

පෙරවරු 6.00 උපෝසථ ශීල සමාදානය සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව මෙහෙයවීම සිරි ගුණසේකර ධර්මායතනාධිපති රම්මලේ අරියවිසුද්ධි හිමි, 8.00 වෙසෙසි දෙසුම මෙහෙයවීම දර්ශනපති කථිකාචාර්ය ආනන්ද සිල්වා මහතා, 9.30 බුදුගුණ භාවනාව මෙහෙයවීම රත්නසිරි මහතා, 11.00 දවල් සම්බුද්ධ පූජාව මෙහෙයවීම පොල්වත්තේ ධම්මවිසුද්ධි හිමි, පස්වරු 12.45 තෙරුවන් වන්දනාව සහ පිරිත් සජ්ඣායනය ධර්මායතනවාසී සඟරුවන සමඟින් සිල් පිරිස 1.15 විශාඛා කුළඟන සමිතියේ විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා ඉදිරිපත් කිරීම, ප.ව. 2.00 ධර්ම දේශනය විදුරපොල ආනන්ද හිමි, 3.00 ධර්ම දේශනය රාජකීය පණ්ඩිත කුටිට්කුලමේ පේමාලංකාර හිමි, 4.00 ධර්ම දේශනය රම්මලේ අරියවිසුද්ධි හිමි.

අපවත් වී වදාළ ලේනබටුවේ මිත්තාලෝක නාහිමිපාණන්ගේ ගුණානුස්මරණ පින්කම් මාලාවේ මාසික ධර්ම දේශනාව පෝදා දියතලාවේ පියදස්සී හිමි රාත්‍රී 7.00 ට පැවැත්වේ.


මාතර තරුණ බෞද්ධ සමිතිය

මාතර තරුණ බෞද්ධ සමිති ශාලාවේ දී පසළොස්වක පෝදා පැවැත්වෙන මෙම වැඩසටහන හොරපාවිට ගුණසිරි, දෙහිගස්පේ සිරිවිමල, හෝකන්දර පඤ්ඤාවංශ, ගම්මැදගම චන්ද්‍රජෝති, දෙනියායේ විමල ධම්ම, කුඩාගොඩ ඤාණවංශ යන හිමිවරු පින්කම් මෙහෙයවති. නීතිඥ නිලන්ත හෙට්ටිගේ, දේශමාන්‍ය කාවින්ද සිරිවර්ධන, දොස්තර එස්.පී. කුලරත්න ගුණ සැමරුම,


මාතර සිරිවජිරඤාණ ධර්මායතනය

මෙම වැඩසටහන ශාස්ත්‍රපති පණ්ඩිත පැලෑනේ සුවීනිත මහා ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි කපුගම සුගතසාර, යටිරාවණ ධම්මාරාම, මාකඳුරේ ධම්මභාෂිත, කොලොන්නාවේ හේමසිරි, මීවල සුදස්සි යන හිමිවරු පින්කම් මෙහෙයවති.


මාතර වල්පල සිරිමංගල පිරිවෙන් විහාරය

වලස්ගල පුන්නජි මයුරවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි වලස්ගල පඤ්ඤාසිරි, කැලණියේ අජිත, හොරපාවිට ධම්මිස්සර, කුඩාගොඩ ඤාණවංශ, බලංගොඩ ශාන්ත, තණමල්විල මුදිත, සෙවණගල ධම්මික, හිනිදුම අස්සජි යන හිමිවරු පින්කම මෙහෙයවති.


උයන්වත්ත වාලුකාරාම මහා විහාරය

බඹරැන්දේ රාහුල හිමියන්ගේ අනුශාසනා පරිදි පසළොස්වක පෝදා දවස පුරා පැවැත්වේ. රොටුඹ සෝමරතන, විටියල තුසිතරතන, තවලම සුමනරතන, ගාල්ලේ නන්දරතන, අලුත්වැව රතනසාර, කාම්බෝජයේ ධම්මරුචි, දබෝගල සමිතරතන යන ස්වාමීන් වහන්සේලා පින්කම් මෙහෙයවති.


මාතර වෙල්ගොඩ සුදස්සනානන්ද මහා විහාරය

වෙලේගොඩ අමරවංශ මාහිමිගේ අනුශාසනා පරිදි කඹුරුගමුවේ පඤ්ඤාජීව, කෝන්ගහදෙණියේ පාලිත හිමි පින්කම් මෙහෙයවති. ධර්ම දේශනය රොටුඹ සෝමරතන හිමියන් විසිනි.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 7.00 – 7.30 තෙරුවන් ගුණ සජ්ඣායනාව, 8.15 – 10.00 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 10.00 – 11.00 ධර්ම දේශනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, පෙ.ව. 11.00 – 11.30 තෙරුවන් ගුණ සජ්ඣායනාව, පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව ශාස්ත්‍රපති අලුත්වෙල ධම්මසති හිමි, 1.00 – 2.00 ධර්ම දේශනාව සෝමපුර සිරි සුධම්ම හිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති රණස්ගල්ලේ ඤාණවීර මාහිමි, 4.00 – 5.00 ධර්මදේශනාව ශාස්ත්‍රපති පොත්තේවෙල විනීත නාහිමි, 5.00 – 6.00 ධර්මදේශනාව ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස මාහිමි, රාත්‍රී 7.00 අටවිසි බුද්ධ වන්දනාව. ආචාර්ය මිරිස්සේ ධම්මික හිමියන් විසින් රචිත මාසික ධර්ම ග්‍රන්ථයක් මෙදින සියලු උපාසක, උපාසිකාවන්ට පරිත්‍යාග කෙරේ.


හුණුපිටිය විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථනයෙහි නවම් පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමි යන්ගේ අනුශාසනා පරිදි අම්බලන්ගොඩ සුමනනන්ද, දේවගොඩ පියරතන, ඇලපිටිවෙල නන්දවිමල, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, වේවැල්දූවේ ධම්මකිත්ති යන හිමිවරුන්ද ගාල්ලේ සුදම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිතය.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

උදේ 4.00 සිට 6.00 දක්වා ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාව, අසූමහා ශ්‍රාවක පූජාව (ඕපනායක නිරාශා දසසිල් මෑණියන්) උදේ 8.00 – 10.00 මහමෙවුනා, අමාවතුර අසපුවාසි ස්වාමීන්වහන්සේ නමක් විසින් පවත්වන ධර්ම දේශනය පෙරවරු 10.15 – 11.00 ධම්මපදය, පස්වරු 12.00 – 1.00 ධම්මචක්කපවත්තන සූත්‍රය, 1.00 – 3.00 ධර්ම දේශනය ශාස්ත්‍රවේදී බඹරැල්ලේ වජිර හිමි 3.00 – 5.00 ධර්ම දේශනය අතුරුගිරියේ ධම්මවිහාරි හිමි 6.00 අපවත් වී වදාළ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපතිව වැඩ විසූ සෝභිත ස්වාමීන් වහන්සේට පිං පිණිස පවත්වන මල්, පහන්, ගිලන්පස අටවිසි බුද්ධ පූජාව සහ අසූමහා ශ්‍රාවිකා පූජාව ඇරුව්වල තිසරණි මෑණියන් විසින් පැවැත්වෙයි.


සිරිපා වන්දනාකරුවන්ට කටුකිතුල වංගුවේ දී දන්සලක්

පානදුර දිබ්බැද්ද ශ්‍රී සුමණ වන්දනෝපකාර සමිතිය සිරිපා වන්දනා කරන සැදැහැවතුන් වෙනුවෙන් 50 වෙනි වරටත් දෙනු ලබන මහා බත් දන්සැල මෙවරත් රත්නපුර ශ්‍රීපාද ගමන් මාර්ගයේ කටුකිතුල වංගුවේ එහි සමිති දාන ශාලාවේ දී මෙම මස 21,22 හා 23 යන දිනවල උදේ සිට දිවා රාත්‍රි පැවැත්වේ. 21 වන දින අලුයම 5.00 කිරි අම්මාවරුන් වෙනුවෙන් කිරි දානය හා දේවදානයක් පැවැත්වේ.


දහම් දෙසුමක්

පැපිලියාන සුනේත්‍රාදේවි රජමහා විහාරස්ථානයේ 2016 වසරේ සිට සෑම මසකම හතරවන ඉරුදින ධර්ම දේශනාවක් පැවැත්වේ. පෙබරවාරි 28 වන දා සවස 6ට ධර්ම දේශනාව මහව ඉහළ ගල්ලෑවවෙහෙර පුරාණ ආරණ්‍ය සේනාසනාධිපති උඩුදුම්බර කාශ්‍යප හිමියන් විසින් පැවැත්වීමට නියමිතය.එම ධර්ම දේශනාව තුම්බෝවිල ශාන්ති නිකේතනාරාමාධිපති වල්පොල ගෝතම හිමියන්ගේ 26 වන දිනට යෙදෙන 27 වන ජන්ම දිනයට ආශිර්වාද කිරීම ප්‍රධාන අරමුණ කොටගෙන පවත්වනු ලැබේ.


ධර්ම දේශනාවක් හා භාවනා වැඩසටහනක්

කොබවක, ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරත්න හිමියන්ගේ අනුශාසනා පරිදි මේ මස 22 වන පසළොස්වක පෝයදා කොබවක, ශ්‍රී සුමනාරාම මහා විහාරස්ථානයේදී ධර්ම දේශනාවක් පැවැත්වේ. ශාස්ත්‍රපති හොරණ ජිනානන්ද හිමියන් දම් දෙසුම පවත්වන අතර භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ගාල්ල උළුවිටිකේ සුධීරා සිල්මාතාව විසිනි.


කඩවත සමාධි මැදුර

නවම් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් කඩවත සමාධි මැදුරේ දී රාජකීය පණ්ඩිත පයාගල නන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් දවස පුරා සීල භාවනා පින්කම් පැවැත්වේ. සීල සමාදානය හා වන්දනා මකුල්ඇල්ලේ සිරිනන්ද හිමි, භාවනා පුහුණුව පයාගල නන්ද හිමි, 10.00 – 11.00 ධර්මදේශනාව නිකපොත සුමිත්ත හිමි, 12.30 – 1.30 සීල භාවනා සමිතියේ රැස්වීම, 1.30 – 3.00 ධර්ම සාකච්ඡාව, 3.30 – 4.30 ධම්මපද විවරණය හා සිඟාලෝවාද සූත්‍රය, පයාගල නන්ද හිමි, 4.30 – 6.00 බෝධි වන්දනා, බුද්ධ පූජා පිරිත් දේශනය, 6.00 සීල පවාරණ පුණ්‍යානුමෝදනාව.

 

 නවම් පුර පසළොස්වක පෝය

   නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 21 වන දා ඉරිදා අපරභාග 10.34 ට ලබයි. 22 වනදා සඳුදා අපරභාග 11.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 22 වනදා සඳුදාය.

මීළඟ පෝය මාර්තු 01 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01

Full Moonඅමාවක

මාර්තු 08

First Quarterපුර අටවක

මාර්තු 15


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]