UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වතුලියද්ද ශ්‍රී මහින්ද දහම් පාසල

වතුලියද්ද ශ්‍රී මහින්ද දහම් පාසල

අභිනව සෑරදුන් වහන්සේ

මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තලාතුඔය කලාප ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් වතුලියද්ද ශ්‍රී සුගත බිම්බාරාම විහාරස්ථානයට අනුබද්ධිත වතුලියද්ද ශ්‍රී මහින්ද දහම් පාසලින් බොදු දරුවන්ට සිදුවන්නේ සුවිශේෂී මහෙවරකි.

මේ සදහම් තක්සලාව 1984 සැප්තැම්බර් 10 වන දින එවකට විහාරාධිපති ධුරය හා ප්‍රධානාචාර්ය ධුරය දැරූ උඩුවෙල මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති නාවලපිටියේ සෝරත හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිසු සිසුවියන් 295 ක් හා ආචාර්ය මණ්ඩලය දහ දෙනකුගෙන් ඇරැඹිණි.

1990 නැවත දහම් පාසල අක්‍රීයව පැවැති අතර නැවත එය 2001 දී වර්තමාන ප්‍රධානාචාර්ය හා විහාරාධිපති ගැවිලිපිටියේ පාලිත හිමියන් විසින් ආරම්භ කරන ලදී. මේ වන විට සිසු දරු දැරියන් 400කට අධිකව දහම් අධ්‍යාපනය හදාරන අතර පැවිදි ගුරු භවතුන් 06 නමකගෙන් සහ ගිහි ගුරු භවතුන් 14 දෙනෙකුගෙන් සමන්විතය. 2010 දී දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරය දරමින් කටයුතු කළ වාරියගල මංගල හිමියන්ගෙන් දහම් පාසලට විශාල දියුණුවක් ලැබුණ අතර ඉන්පසු මේ දක්වාම ප්‍රධානාචාර්ය ධුරය දැරූ ගැවිලිපිටියේ පාලිත හිමියන්ගේ මූලිකත්වයෙන් දහම් පාසල හා විහාරස්ථානයද තව තවත් දියුණු විය. විහාර මැදුර, රන්වැට සහිත බෝධි ප්‍රාකාරය දෙමහල් ධර්ම මන්දිරය, දහම් පාසලට අවශ්‍ය ගොඩනැගිල්ල චෛත්‍යයන් වහන්සේ, ධාතු මන්දිරය මෑතකදී ඉදිකළ ශ්‍රී සංඝමිත්තා විහාර මන්දිරය ඇතුළු විදුලිය, ජලය හා දුරකථන ආදී පහසුකම් රැසකින් විහාරස්ථානය පරිපූර්ණ කෙරිණි.

මෙලෙස විහාර සංවර්ධනය කරමින් ගමේ දායක දායිකාවන්ගේ ආගමික හා ආධ්‍යාත්මික දියුණුව මෙන්ම දහම් පාසලේ දියුණුවද ඇති කරමින් විශාල දරු දැරියන් පිරිසකට දහම් පිපාසය මේ තුළින් සංසිඳුවාලන අතර සෑම සිංහල අලුත් අවුරුද්දකම ගමේ හා ආදි ශිෂ්‍ය සැමගේ සහායෙන් බක්මහ උළෙල පැවැත්වීම කාගේත් පැසසුමට භාජනය වී ඇත. වාර්ෂික පිරිත් ධර්ම දේශනාව මිහිඳු පෙරහර, ශ්‍රමදාන, සීල, භාවනා වැඩසටහන් රාශියකින් සමන්විතය.

මෙම දහම් පාසලේ දරු දැරියන් තලාතුඔය කලාපයේ ශාසනාරක්ෂක බල මණ්ඩලය මඟින් පවත්වනු ලබන දහම් පාසල් තරගාවලින්ද විවිධ දක්ෂතා දක්වමින් ප්‍රථම ස්ථාන රාශියක් දිනා ගැනීමට සමත් විය. දිස්ත්‍රික් මට්ටමේ ජයග්‍රහණ හා සමස්ත ලංකා ජයග්‍රහණ ද දිනා ඇති වතුලියද්ද ශ්‍රී මහින්ද දහම් පාසලේ වර්තමාන ශිෂ්‍ය පිරිස 400 ක අධික වීම නිසා කනිෂ්ඨ අංශය හා ජ්‍යෙෂ්ඨ අංශය වශයෙන් බෙදා ඇත. ජ්‍යෙෂ්ඨ අංශය භාර ප්‍රධානාචාර්ය ගැවිලිපිටියේ පාලිත හිමියන් වන අතර කනිෂ්ඨ අංශය භාර හා අංශ ප්‍රධානී ලෙස එම්. රේණුකා පියමාලි මෙනවිය කටයුතු කරයි. උඩුවෙල කලාපයේ දීප්තිමත් දහම් පාසලක් ලෙස වතුලියද්ද ශ්‍රී මහින්ද දහම් පාසලේ වැඩිහිටි සැමගේ පැසසුමට ලක්වී ඇත. විහාරස්ථානයද එලෙස බැබලීමට දිවා රාත්‍රී වෙහෙසව කටයුතු කරන ගැවිලිපිටියේ පාලිත හිමියන් ගමේ සියලු සමිති සමාගම්වලද විවිධ නිලතල දරමින් තලාතුඔය කලාපයේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ උප ලේඛකාධිකාරීන් වහන්සේ ලෙසද රටේමුල්ල ජන උදානගම ශ්‍රී මහින්දාරාම විහාරාධිපති ධුරය හන්තාන මොරගොල්ල ශ්‍රී මා බෝධි විහාරයේ ද විහාරාධිපති ධුරය දරමින් ප්‍රදේශයේ මෙන්ම චතුර ධර්ම දේශකයන් වහන්සේ නමක් ලෙස ගෞරවාදරයට පාත්‍රවනු නොඅනුමානය.

කාව්‍යමය ධර්ම දේශනා සුවිශේෂී බෝධි පූජා පින්කම් හා ශීල භාවනා වැඩසටහන් මෙන්ම කලා හැකියාවන් ඇති දක්ෂ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වන ගැවිලිපිටියේ රාහුල, උඩුවෙල සාරද උඩුවෙල සුමේධ, උඩුවෙල සුමංගල, කහටගස්දිගිලියේ ධම්මරක්ඛිත යන ස්වාමීන් වහන්සේලාගෙන් දහම් පාසලට ලැබෙන්නේ ඉමහත් රුකුලකි.

දහම් පාසල තව තවත් දියුණුවෙන් දියුණුවට පත් කරමින් ගමට රටට වැඩදායි ගුණ ගරුක දරු පිරිසක් බිහි කිරීමට විහාරාධිපති හා ප්‍රධානාචාර්ය ගැවිලිපිටියේ පාලිත හිමියන්ගේ නිබඳ පැතුමයි.

ප්‍රධානාචාර්ය හිමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලය දහම් පාසල් සිසු සිසුවියන්ගෙන් පිරිසක්
ශිෂ්‍ය නායක නායිකාවෝ
 

 නවම් පුර පසළොස්වක පෝය

   නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 21 වන දා ඉරිදා අපරභාග 10.34 ට ලබයි. 22 වනදා සඳුදා අපරභාග 11.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 22 වනදා සඳුදාය.

මීළඟ පෝය මාර්තු 01 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01

Full Moonඅමාවක

මාර්තු 08

First Quarterපුර අටවක

මාර්තු 15


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]