UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය – බ්‍රාහ්මණ ධර්මයට අනුව පුද්ගල ජීවිතය අවස්ථා 04 කට බෙදා දක්වන ලදී. මේවා චතුරාශ්‍රම ධර්ම යන නමින් ද එකල ව්‍යවහාර විය. මොනවාද මේ චතුරාශ්‍රම ධර්ම.

පිළිතුර – 1. බ්‍රාහ්මචාරී - තරුණ වියට පත්වන තුරු චාරිත්‍ර ගරු කරමින් අධ්‍යාපනය ලබමින් දෙමව්පියන් ඇසුරෙහි කුමරි බඹසරින් යුතු ගත කිරීම පළමු ආශ්‍රම ධර්මය.

2. ගෘහස්ථ, සොළොස් විය ඉක්මවා තරුණ අවධියට පත්ව විවාහ ජීවිතයට ඇතුළත්වීමත් ස්වාධීන ජීවිතයක් හා ගුරු දෙගුරුන් ගේ ආශ්‍රයෙන් ඈත්ව අඹු දරු පෝෂණය කරමින් සැප විඳිමින් ගත කරන ජීවිතය.

3. වානප්‍රස්ථ – මධ්‍යම වයසට පත්වීමත් ගෘහ බන්ධනවලින් නිදහස්ව වනගත ව විමුක්තිය සොයමින් ගත කරන අවධිය.

4. සන්‍යාසී – නිදහස් ව සංචාරක ජීවිතයක් ගත කරන අවසාන අවස්ථාවය.

ප්‍රශ්නය – බුද්ධ කාලය වන විට බලවත් ප්‍රධාන රාජ්‍ය 04 ක් දක්නට ලැබුණි. නමින් සඳහන් කරන්න.

පිළිතුර – 1 මගධ රාජ්‍යය 2. කෝසල රාජ්‍යය, 3. වත්ස රාජ්‍යය 4. අවන්ති රාජ්‍යය.

ප්‍රශ්නය - මේ නමින් සඳහන් රාජධානි මතකයට ගන්න. මේවායෙහි පැවති පාලන ක්‍රමය සහ පාලකවරු පිළිබඳව හැඳින්වීමක් කරන්න. කපිලවස්තුව, වෙසාලිය, කුසිනාරාව සහ පාවා, කෙසපුත්ත, පිප්ඵලී වනය.

පිළිතුර – කපිල වස්තු ශාක්‍යවරු වෙසාලිය ලිච්ඡවි කුසිනාරා සහ පාවා මල්ලරජවරු කෙසපුත්ත කාලාමවරු පිප්ඵලී වනය, මෞර්යයවරු.

ප්‍රශ්නය – බ්‍රාහ්මණ ධර්මයට පටහැනි ව ගිය ආගමික දෑ බුද්ධකාලීන භාරතය තුළ දක්නට ලැබෙයි. මේ සම්ප්‍රදායන් සියල්ල එක්කොට ශ්‍රමණ යන පොදු නාමයකින් ද හඳුන්වා ඇත. මෙම කණ්ඩායම් බුද්ධ කාලය වන විට කොපමණ තිබුණාද? ඒ අය නමින් හඳුන්වන්න.

පිළිතුර - ෂට් ශාස්තෘවරු වශයෙන් හය දෙනකු දී.නි. සාමඤ්ඤඵල සූත්‍රයෙහි දක්නට ලැබෙයි. ඒ අය නම් පූරණ කස්සප, මක්ඛලිගෝසාල, අජිත කේසම්බල, පකුධ කච්චායන, සංජය බෙල්ලට්ඨිපුත්ත, නිගණ්ඨනාථ පුත්ත.

ප්‍රශ්නය – නිගණ්ඨනාථ පුත්ත බුද්ධ කාලයේ විසූ විශේෂිත ශාස්තෘවරයෙකි. ඔහු පිළිගත් ආගමික දර්ශනය පැහැදිලි කරන්න.

පිළිතුර – පරම අහිංසාවාදියෙකු වූ නිගණ්ඨනාථ පුත්ත ජෛන මහා වීර නමින් ද හඳුන්වයි. අංග 04 කින් යුත් සීල සංවරයෙන් යුක්ත වූයේ වෙයි. ශ්වේතමවර හා දිගමවර යනුවෙන් ඔහුගේ ශ්‍රාවක පිරිස කොටස් 02 කි.

ප්‍රශ්නය - මෙම ෂට් ශාස්තෘවරුන් බෞද්ධ සූත්‍රවල දී හඳුන්වා තිබෙන්නේ තීර්ථක යන නාමයෙනි. මේ හැරුණු විට ශ්‍රමණ සම්ප්‍රදායට අයත් තීර්ථක යන නාමයින් ද හඳුන්වන වෙනත් අනගාරික තවුස් පිරිසක් බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල දක්වා ඇත. ඒ අය කවුද?

පිළිතුර – පරිබ්‍රාජක - ජම්බුක ආජීවක, සුන්දරී පරිබ්‍රාජිකාව මෙම පිළිවෙත අනුගමනය කළ දෙදෙනෙකි.

අචේලක - මොවුහු නිරුවත් සාදුවරයෝ වූහ. මොවුහු ද අත්තකිලමතානුයෝගී ව විවිධ දුෂ්කර ක්‍රියා අනුගමනය කළ අනගාරික පිරිසක් විය.

ආජීවක - මේ අය ද නිරුවත් අනගාරික පිරිසකි. උපක මෙහි අනුගාමිකයෙකි.

ජටිල - සංචාරක පැවිදි පිරිසකි. ආරාම ද තිබුණි. රාජ සම්මානලාභී මොවුන් උරුවෙල, නදී, ගයා යන නමින් සිටි තිදෙනා පිළිබඳව විස්තර බෞද්ධ ග්‍රන්ථවල ද එයි.

ප්‍රශ්නය – යම් සේ නූල් පන්දුවක් උස්තැනක සිට දමාගැසූ විට නූල දිග හැර ගොස් නූල අවසන් වූ විට නවතීද එසේ ම බාල පණ්ඩිත සියල්ලෝ ම ඉබේම සසර ගමන් කොට දුක් කෙළවර කෙරෙත්. මේ බුද්ධ කාලීන එක් ශාස්තෘවරයෙකු ගේ ඉගැන්වීමක්. මේ තැනැත්තා කවුද?

පිළිතුර – මක්ඛලීගෝසාල ශාස්තෘවරයා.

බුද්ධ චරිතය හා ශාසනික ඉතිහාසය

ප්‍රශ්නය – බුදුරජාණන් වහන්සේ හතළිස් පස්වන අවසාන වස් කාලය ගත කළේ කොහිදී ද?

පිළිතුර – විශාලව අසල වූ වේල්වන නම් ග්‍රාමය.

ප්‍රශ්නය – මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ අසරණ වූ දරුවකු දැක අනුකම්පාව උපදවා ආලෝකය පතුරුවා ඔහුට පියවි සිහිය ලබා දී දරුව මෙහි එව. තථාගතයන් දෙස බලව. රාහුගෙන් සඳ මිදුනාක් මෙන් මම නුඹ මුදාගන්නෙමි වදාළ සේක. විපතට පත් මේ දරුවා කවුද?

පිළිතුර – රජගහනුවර සැඩොල කුට දාව පුක්කුස කුලයට අයත් කාන්තාවක ගේ කුසින් උපන් සෝපාක.

ප්‍රශ්නය – උරුවෙල් දනව්වේ ගයා නුවර බමුණු ගෙයක මෙහෙ කළ දාසියක් ස්වාමි දුව ගේ වධහිංසා ඉවසා ගත නොහැකි ව සිය දිවි නසා ගැනීම සඳහා වනරොදකට පිවිසියාය. මගඵල පසක් කර ගැනීමට හේතු සම්පත් ඇති ඇය කෙරෙහි කාරුණික වූ බුදුරජාණන් වහන්සේ ඇයට පෙනෙන සේ රුක් සෙවණක වැඩ සිට දහම් දෙසා සෝවාන් ඵලෙහි පිහිටුවන ලද්දාහ. මේ තැනැත්තිය කවුද?

පිළිතුර - ස්වාමි දුව ගේ හිරිහැර නිසා ජීවිතය අමිහිරි වූ රජ්ජුමාලා දාසිය.

ප්‍රශ්නය – “මහණෙනි යම් කෙනෙක් මට උවටැන් කෙරත් නම් හේ ගිලනාට උවටැන් කෙරේවා” මේ බුද්ධවවාදය පිළිබඳ ව ඔබ උගත් යමක් කියන්න.

පිළිතුර – ගිලන් භික්ෂුවක් අරභයා දෙසන ලද්දකි.

ප්‍රශ්නය – මහා ධර්මපාල ජාතක කතාව අසා අනාගාමී ඵලයට පත් වූ රජතුමා කවුද?

පිළිතුර - සුද්ධෝදන මහරජතුමා

ප්‍රශ්නය – බුද්ධ ධර්මයෙහි සඳහන් වෙන ඉරියාපථ ඉරියව් 04ක් ගැන සඳහන් වෙනවා. මොනවාද ඒ?

පිළිතුර - සිට ගැනීම, ගමන් කිරීම, හිඳ ගැනීම, නිදා ගැනීම, තිට්ඨං චරං නිසින්නොවා සයානොවා.

ප්‍රශ්නය - ශාක්‍ය, කෝලිය දෙපිරිස අතර ඇති වුණු යුද්ධය නිසා සිදුවීමට ගිය ජීවිත විනාශය බුදුරජාණන් වහන්සේගේ මැදිහත්වීම නිසා සමථයකට පත්වුණා. කුමක් නිසා ද මේ අරගලය ඇතිවීමට හේතු වුණේ?

පිළිතුර - රෝහිණි නදියේ ජල ප්‍රශ්නය නිසා.

ප්‍රශ්නය - ලෝකෝපකාර කාව්‍ය ග්‍රන්ථයේ කතුවරයා කවුද?

පිළිතුර – රණස්ගල්ලේ මාහිමියන්.

ප්‍රශ්නය - සිව්මහා ගංගාවන් ගලා අවුත් මහ මුහුදට එක් වූ විට එක ම ලුණු රසයෙන් යුක්ත වෙයි. මේ උපදේශය බුද්ධ ශාසනයේ කුමන කරුණක් හෝ අවස්ථාවක් සඳහා ගැළපෙන්නේ කෙසේ ද?

පිළිතුර – කුල, ජාති, වර්ණ ආදී ප්‍රභේදයකින් තොරව භික්ෂු සාසනයේ ඒකග්‍රතාවය හා සමඟ

ප්‍රශ්නය – ජාතක කතා ඇසීමට කැමැත්තක් දැක් වූ අය වෙනුවෙන් ලියූ අමාවතුර කාගේ කෘතියක් ද?

පිළිතුර – ගුරුළුගෝමී පඬිවරයාගේ.

ප්‍රශ්නය – බුදුරජාණන් වහන්සේ සඳකිඳුරු ජාතකය දේශනා කළේ කුමන කරුණක් මුල්කරගෙන ද?

පිළිතුර – යශෝධරා දේවිය ගේ ගුණ ප්‍රකාශ කිරීමට.

 

    වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් මස 10 වැනිදා අඟහරුවාදා අපරභාග 09.23 ට ලබයි. 11 වැනිදා බදාදා අපරභාග 11.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් මස 11 වැනිදා බදාදා ය.

මීළඟ පෝය නොවැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 11

First Quarterපුර අටවක

නොවැම්බර් 19

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]