UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 61 - බුදුපියාණන් වහන්සේ බේලුව ගමින් සැවතට වැඩම කිරීම

බුදුපියාණන් වහන්සේ වස් කාලයෙන් පසු බේලුව ගමින් නික්ම සැවැත් පුරයට වැඩ එහි විසූ සේක. එහි දී බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා අමතා මාගේ පරිනිර්වාණය තවත් මාස හතරකින් සිදුවන බව භික්ෂූන් වහන්සේලාට දේශනා කරන ලදී. ඒ ඇසූ නොයෙක් දහස් ගණන් භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ සමඟ වැඩ වාසය කරන ලදී. පෘථග්ජන භික්ෂූහු කදුළු පිරුණු දෙනෙතින් බුදුරජාණන් වහන්සේ සමඟ සිටින ලදී. භික්ෂූන් වහන්සේලා තැනින් තැන රැස්වී දැන් කුමක් කරන්නේදැයි කතා බහ කරමින් වැඩ සිටින ලදී. එහෙත් ධර්මාරාම නම් භික්ෂුව සියලු භික්ෂූන් වහන්සේලාගෙන් මිදී හුදෙකලාව භාවනා කරමින් වැඩ වාසය කරන ලදී. අන් භික්ෂූන් කුමක් කරන්නේ දැයි විමසූ විට බුදුරදුන් ධරමාන කල්හි ම රහත් වන්නෙමියි හුදෙකලාව වසමින් බුද්ධ වචනය සිහිපත් කරමියි සිතයි. නැවැත නැවැත සිහි කරයි. භික්ෂූහු ගොස් ධර්මාරාම තෙරුන් තුළ ස්වාමීනී, ඔබ වහන්සේට කිසිදු ස්නේහ මාත්‍රයකුත් නැතැයි බුදුරජාණන් වහන්සේට දැන්වූහ. එවිට භාග්‍යවතුන් වහන්සේ ධර්මාරාම තෙරුන් කැඳවා ඒ සැබෑ දැයි විමසන ලදී. එවිට ධර්මාරාම තෙරණුවෝ තමන්ගේ අදහස ප්‍රකාශ කරන ලදී. මම ස්වාමීනී, ඔබ වහන්සේ පිරිනිවන් පෑමට පෙර රහත්වීමට උත්සාහ කරමි. එවිට භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, මට ස්නේහ ඇති තවත් අන්‍ය භික්ෂුවක් ඇත්නම් ඔවුන් ධර්මාරාම භික්ෂුව මෙන් විය යුතුය. ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිළිපැදි මා ප්‍රධාන පූජායෙන් පුදන්නෝ නම් වෙතියි වදාළහ.

අගසව් දෙනමගේ පිරිනිවන් පෑම


ධර්මාරාම භික්ෂුව බවුන් වැඩීම

භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ සැවැත්නුවර වැඩ වසන සමයෙහි දී සැරියුත් මහ රහතන් වහන්සේ එහි වැඩම කර තව සතියකින් පිරිනිවන් පාන්නෙමියි අවසර ගෙන උන්වහන්සේ උපන් ගමට වැඩම කර පිරිනිවන් පා වදාළහ. ඉන් දෙසතියකට පසු මුගලන් මහ රහතන් වහන්සේ ද වැඩමවා බුදුපියාණන් වහන්සේගෙන් අවසර ලබාගෙන කාලශිලා වනයට වැඩමවා පිරිනිවියහ. මෙම දෑගසව්වන් වහන්සේලාගේ ආදාහනයෙන් පසු එම ධාතූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙත ගෙනෙන ලද්දේය. උන්වහන්සේ එය පිළිගෙන ඒවා නිදන් කොට ස්තූප දෙකක් කරවා ඒ දෙනමගේ ගුණ වර්ණනා කොට දහම් දෙසූ සේක.

භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ සැවැත්නුවරින් නික්ම රජගහ නුවරට ද එතැන් සිට උක්කවේලා නියම් ගමට ද එතැනින් විසල් පුරයට ද වැඩම කළ සේක.


සැරියුත් මහරහතන් වහන්සේගේ ධාතු ස්තූපය - සැවැත්නුවර

උන්වහන්සේ විසාලා මහනුවරින් භණ්ඩ ග්‍රාමයටත් එතැනින් හස්ති ග්‍රාමයටත් එහි සිට භෝගනගරයටත් පිටත්ව පාවා නුවර චුන්දකර්ම පුත්‍රයාගේ අඹ උයනටවැඩම කරති. විසාලා මහනුවර පිඬුසිඟා වළඳා චාපාල චෛත්‍ය වෙත වැඩමකළ සේක.

සැදැහැවතුනි ඔබ විශාලා මහනුවරින් නික්ම යෑමට පෙර සන්සුන්ව එකත්පස්ව හිඳ මොහොතකට එම දර්ශනය ද සිත්හි මවා ගන්න.

බුදුරජාණන් වහන්සේ විසල් පුරයෙන් චාපාල චෛත්‍ය වෙත වැඩම කිරීම ඉල් පුර අටවක පොහෝදා නොවැම්බර් 19 වනදා පත්‍රයේ

 

 


පසුගිය සතියෙන් - සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 60

 

 

    වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් මස 10 වැනිදා අඟහරුවාදා අපරභාග 09.23 ට ලබයි. 11 වැනිදා බදාදා අපරභාග 11.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් මස 11 වැනිදා බදාදා ය.

මීළඟ පෝය නොවැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 11

First Quarterපුර අටවක

නොවැම්බර් 19

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]