UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ ධාතු මන්දිරය පසුගිය 02 වැනිදා සවස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත කර ආගමික වතාවත්වල නිරත විය.එහිදී බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කළ අයුරු. වාලුකාරාම විහාරාධිපති මහරගම නන්ද නා හිමියෝද මෙහි වෙති. ඡායාරූප - සමන්ත වීරසිරි

ජාත්‍යන්තර අමද්‍යප දින සැමරුම් උළෙල පසුගිය දා (3) කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි. එම උත්සවය අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය හා අමද්‍යප සභාව එක්ව සංවිධානය කරන ලදී. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ සන්නාම තානාපති ධූරයෙන් පිදුම් ලද ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර මහතා සහ ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමි, ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර, නීතිය හා සාමය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විද්‍යාකීර්ති දේශමාන්‍ය වෛද්‍ය තිලංග සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, චතුර සේනාරත්න මහත්ම මහත්මීහුද සහභාගි වූහ. සේයාරුව, විමල් කරුණාතිලක
 

අත්තනගල්ල හුණුපොල එක්සත් අවමංගල්‍යාධාර සමිතිය සංවිධානය කළ ගරුතර මහා සංඝරත්නය පනස් නමකින් සමන්විත වූ පිණ්ඩපාත පාද චාරිකාව පසුගිය 24 දා උදේ 9.00 ට අත්තනගල්ල නගරයෙන් ආරම්භකොට කඹුරගල්ල මාර්ගය, හුණුපොල ගම මැද පාර හරහා නැවත අත්තනගල්ල රාජමහා විහාරස්ථානය වෙත වැඩම කරන ලදී.
සේයාරුව ටිනිල් කරුණාරත්න මීරිගම සමූහ

 
 

     ‍ බිනර අමාවක පෝය  

බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 12 වැනිදා සඳුදා පූර්වභාග 2.58 ට ලබයි. 13 වැනිදා අඟහරුවාදා පූර්වභාග 5.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 12 වැනිදා සඳුදාය.

මීළග පෝය
ඔක්තෝබර් 20 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 12

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27

Second Quarterඅව අටවක

නොවැම්බර් 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]