UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බිනර අමාවක 2015.10.12

මව්පියවරුන් වෙත සැළකීම

වකගේ සෙනෙහස, පියෙකුගේ සෙනෙහස අන් සියල්ලටම වඩා දරුවෙකුට වටිනා ම සෙනෙහසකි. මවකගෙන්, පියෙකුගෙන් ලැබෙන එම සෙනෙහස දරුවකු වෙත අන් කවර අයුරකින් වත් ලැබිය නොහැකිමය. මව්පියවරු දරුවන්ට සිව්බඹ විහරණය පතුරවනුයේ ද ඒ නිසාමය. එසේ සිව් බඹ විහරණයෙන් හෙබි දෙමාපියන්ටද ඇති වටිනාම සම්පත දරු සම්පතය.

දරුවන්ටද මෙලොව වටිනාම වස්තුව ස්වකීය මව්පියවරුමය. සමාජයේ වෙසෙන දරුවන්ට හෝ මව්පියවරුන්ට මව්පියවරුන්ගේ හෝ දරුවන්ගේ වටිනාකම පිළිබඳ අමුතුවෙන් පැහැදිලි කර දිය යුතු නොවේ. ඊට හේතුව නම් පරපුරෙන් පරපුරට පවත්වාගෙන එන උසස් ගුණ දහම් අතර මව්පියවරු තම දරුවන් නැණ ගුණයෙන් මෙන්ම ගුණ දහමෙන්ද ඔවුන් පෝෂණය කිරීමට නිරන්තරයෙන් පෙළඹී ඇති හෙයිනි. එමෙන්ම එබඳු ගුණවත් මව්පියවරුන්ගේ දරුවන්ද වැඩිවියට පත් වී මව්පිය සමාජයෙන් ලද ආදර්ශයට අනුව ස්වකීය මව්පියවරුවෙත ජීවිත පරිත්‍යාගයෙන් රැක බලා ගන්නා හෙයිනි.

එබඳු උදාර ආදර්ශ බෞද්ධ සාහිත්‍යය පුරාම පැතිරී පවතී. අසිරිමත් බෝසත් සිරිත මෙන්ම අසිරිමත් සම්බුදු සිරිත අනුගමනය කරන බෞද්ධ ජනතාව එබඳු දෑ අධ්‍යයනය කරමින් ආදර්ශයට ගැනීම උදාර බෞද්ධ සම්ප්‍රදායයි. ඒ අපගේ පෞරාණික උරුමයයි.

කලාතුරකින් මවක්, පියෙක් තම නෙත් දෙකවන් දරුවාට විවිධ කරදර හිංසා කරන ලද අවස්ථා වරින්වර මාධ්‍ය වාර්තාකරනු පෙනේ. එමෙන්ම තමන් හදා වඩා පෝෂණය කළ මව්පියවරු වෙත කලාතුරකින් හෝ නොසලකා හරින ලද අවාසනාවන්ත දරුවන් ගැන ද වාර්තාවන අවස්ථාද නැතුවාම නොවේ. මෙලොව බිහිවන දරුවකු කලාතුරකින් හෝ මව්පිය වරදින් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වන්නේ නම් එය අවාසනාවන්ත අවස්ථාවකි. එමෙන්ම ආදරණීය මවකගෙන් දරුවා බිව් කිරි කඳුලක ණයෙන් නිදහස්වීමට මව්පිය දෙපළට ජීවිතාන්තය දක්වා සැලකිලි සංග්‍රහ කළ ද ඉන් නිදහස් විය හැකි නොවේ. එබඳු ගුණ ඇති මව්පියවරු දරුවන්ට ද වාසනාවකි.

දරුවන්ගේ දියුණුවට නිරන්තරයෙන්ම මව්පියවරුන්ගේ රැකවරණය, ආශීර්වාදය අත්‍යවශ්‍යය. මව්පියවරු අසරණ වූ විට දරුවන්ද මව්පියවරු වෙනුවෙන් දිවි පරදුවට තබා කටයුතු කිරීම පැසසිය යුත්තකි.

කලාඔයේ දිය නාමින් සිටි මවක් මිනීමරු කිඹුලකු විසින් සිය ගොදුරක් බවට පත්කර ගැනීමට උත්සාහ කළ සුළු මොහොතකින් තම දිවි දෙවැනි කොට සලකා සෙනෙහෙබර පුතනුවන් මිනීමරු කිඹුලාගෙන් ආදරණීය මෑණියන්ගේ ජීවිතය ජීවත් කරවීමට කලාඔයට පැන්නේ ය. සිය පුතා උත්සාහය අත් නොහැරියේ ය. ආදරණීය අම්මාගේ ජීවිතය වෙනුවෙන් ඒ දහනව වියැති තරුණ පුතා ජීවිතය පරදුවට තැබුවිය. දැඩි සේ වෙර යොදා ගත් ඒ උත්සාහයෙන් ආදරණීය අම්මාගේ ජීවිතය ජීවත් කරවීමට ඒ පුතාට ශක්තිය ලැබිණි. එබඳු පුතුන් දික්වැව සේනපුරට පමණක් නොව රටට සමාජයට මෙන්ම ලෝකයටම ආදර්ශයකි. එබඳු වීර පුතුන් රටට සමාජයට සම්පතකි.

මව්පියවරුන්ට නොසලකා හරින දරුවන්ට එම තරුණ පුතා නිහඬව ම මහත් ආදර්ශයක්ම සපයනු ලැබේ. එබඳු බෝසත් ගුණැති දරුවන් වෙත සමාජයේ අවධානය යොමුවීම පමණක් ප්‍රමාණවත් නොවේ. එබඳු පුතුන් ඇගැයීමට ද ලක් කළ හැකිවන්නේ නම් බෝසත් ගුණැති දරුවන් පහළවීමට එය හේතු විය හැකි ය. මව්පිය වැඩිහිටි ආදීන්ගේ ගුණ නිතර දෙවේලෙහි දරුවන්ගේ හදවත් තුළ තැන්පත්ව තිබිය යුතු වේ. එවිට කලාතුරකින් හෝ මව්පියන්ට නොසලකා හැරීමට දරුවන්ට ඉඩක් නොලැබෙනු ඇත.

 

     ‍ බිනර අමාවක පෝය  

බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 12 වැනිදා සඳුදා පූර්වභාග 2.58 ට ලබයි. 13 වැනිදා අඟහරුවාදා පූර්වභාග 5.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 12 වැනිදා සඳුදාය.

මීළග පෝය
ඔක්තෝබර් 20 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 12

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27

Second Quarterඅව අටවක

නොවැම්බර් 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]