බෞද්ධ ධර්මාචාර්ය විභාගය - 2015
			ථෙරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් ආදර්ශ ප්‍රශ්නෝත්තර 
			
			 
			 
			 කුරුණෑගල දඹුල්ල පාර ශ්‍රී සාරානාත් මහාවිහාරාධිපති 
			 
			ශාස්ත්‍රපති 
			උප්පලවත්තේ විමලානන්ද හිමි 
			 
			ii අභ්‍යාසය  
			 
			1) වරහන තුළ දී ඇති පදවලින් ඒ ඒ ආර්ය සත්‍යයට ගැලපෙන පදය තෝරා හිස්තැන් 
			පුරවන්න.  
			(ප්‍රහාණය කළ යුතුය. සාක්ෂාත් කළ යුතුය. පිරිසිඳ දත යුතුය. වැඩිය 
			යුතුය)  
			(අ) දුඞඛාර්ය සත්‍ය (..............) 
			(ආ) දුඞඛ සමුදයාර්ය සත්‍යය (...........) 
			2) හිස්තැන් පුරවන්න  
			නිවන යනු ..............යි  
			3) භාව රූප දෙක නම් කරන්න  
			4) යේ ධම්මා හේතුප්පභවා................මෙම ගාථාව සම්පූර්ණ කර ලියන්න
			 
			5) පටිච්ච සමුප්පාදයට අයත් අංග දොළහ නම් කරන්න  
			6) ලොව නියාම ධර්ම පහක් ක්‍රියාත්මක වේ. ඒවා ලියා දක්වන්න.  
			7) කරුණු තුනක් නිසා ආර්ය අෂ්ඨාංගික මාර්ගය එම නම ලබයි. ඒ කරුණු තුන 
			ලියන්න  
			8) පඨවි ආදි දස කසිණ නම් කරන්න  
			9) ශීල විසුද්ධිය ආදි විශුද්ධි ධර්ම හතකි. ඒවා නම් කරන්න.  
			10. සති ආදි බොජ්ඣංග ධර්ම හත ලියා ඒවායේ කාර්යයන් දක්වන්න.  
			 
			පිළිතුරු   
			 
			II අභ්‍යාසය   
			1) (අ) දුඞඛාර්ය සත්‍යය පිරිසිඳ දත යුතුය  
			(ආ) දුඞඛ සමුදයාර්ය සත්‍යය ප්‍රහාණය කළ යුතුය  
			2) නිවන යනු රාග, දෝස, මෝහ ක්ෂය වීමයි  
			3) 1.ඉත්ථි භාව 2. පුරිස භාව  
			4) යෙ ධම්මා හෙතුප්පභවා – 
			තෙසං හෙතුං තථාගතො ආහ  
			තෙසංසඤ්ච යො නිරොධො–එවං වාදී මහාසමණො  
			5) අවිජ්ජා, සංඛාර, විඤ්ඤාණ , නාමරූප, සලායතන, ඵස්ස, වේදනා, තණ්හා, 
			උපාදාන, භව,ජාති. ජරා, මරණ  
			6) උතුනියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම  
			7) 1.සෝවාන් ආදී සතර ආර්ය ඵලය ලබා දෙන නිසාත්  
 
			2. ආර්ය නම් වූ ගුණාංග අටකින් යුක්ත වූ නිසාත්  
 
			3. නිවන් අරමුණු කරගත්තවුන් විසින් සේවනය කළ යුතු පිළිවෙත නිසාත් ආර්ය
			අෂ්ටාංගික මාර්ගය නම් වේ.  
			8) පඨවි, ආපෝ, තේජෝ, වායො, නීල, පීත, ලෝහිත, ඕදාත, ආකාස, ආලෝක  
			9) සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කංඛා විතරණ 
			විසුද්ධි, මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධි. පටිපදා ඤාණ දස්සන විසුද්ධි, 
			ඤාණ දස්සන විසුද්ධි  
			10) සති සම්බොජ්ඣංගය – 
			කමටහනෙන් සිත බැහැරව යන්නට නොදී පාලනය කිරීමයි  
			ධම්මවිචය සම්බොජ්ඣංගය – 
			කමටහන ප්‍රකට කර දෙයි  
			විරිය සම්බොජ්ඣංගය – 
			අත්නොහැර භාවනාව දිගටම කරගෙන යාමට සිතට රුකුල් දෙයි.  
			පීති සම්බොජ්ඣංගය – 
			භාවනා කාය පිළිබඳ සිත පිනවයි  
			පස්සද්ධි සම්බොජ්ඣංගය – 
			කාය චිත්ත පීඩාවන් සන්සිඳවයි  
			සමාධි සම්බොඣංගය – 
			භාවනා අරමුණෙහි සිත නොසැලෙන ලෙස පිහිටුවයි  
			උපේක්ඛා සම්බොඣංගය – 
			සියලු බොජ්ඣංගයන් සමතාවයෙන් පවත්වා ගැනීමයි.  
			 
			III  අභ්‍යාසය 
			1) ධම්මචක්කප්පවත්වන සූත්‍රයේ එන “ඉදං ඛෝ පන භික්ඛවේ දුක්ඛ සමුදයං 
			අරියසච්චං.......” යනාදී පාඨය සම්පූර්ණ කරන්න.  
			2) කාම තණ්හා ආදි තෘෂ්ණාවේ ප්‍රභේද තුන දක්වා සැකෙවින් පැහැදිලි කරන්න.
			 
			3) උච්ඡේද වාදය හා ශාස්වත වාදය සැකෙවින් පැහැදිලි කරන්න.  
			4) චක්ඛු ආදි අටළොස් ධාතු නම් කර ඉන්ද්‍රිය – අරම්මණ ඉන්ද්‍රිය 
			විඤ්ඤාණය යන අංශ තුනට වගු ගතකොට දක්වන්න.  
			5) පටිච්ච සමුප්පාදයේ ද්වාදසාංගය ප්‍රතිලෝම වශයෙන් දක්වන්න  
			6) “තණ්හා පච්චයා උපාදානං” මෙයට කෙටි විවරණයක් සපයන්න  
			7) ආසන්න කර්මය හා ආචිණ්ණ කර්මය සැකවින් පැහැදිලි කරන්න  
			8) දස අකුසල් නම් කොට ද්වාරත්‍රයට බෙදා දක්වන්න  
			9) “න තං කම්මං කතං සාධු...” ගාථාව සම්පූර්ණ කර අරුත් දක්වා දේශිත 
			ධර්මය පැහැදිලි කරන්න.  
			10) බොජ්ඣංග ධර්ම හත නම් කරන්න.  
			 
			පිළිතුරු   
			 
			III අභ්‍යාසය   
			 
			1) “ඉදං ඛෝ පන භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සච්චං යායං තණ්හා,පෝනෝභවිකා
			 
			නන්දිරාග සහගතා, තත්‍රා තත්‍රාභි නන්දනී සෙය්‍යථිදං කාමතණ්හා, භවතණ්හා, 
			විභවතණ්හා
			 
			2) තෘෂ්ණාවේ ප්‍රභේද තුන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යනුයි.  
			කාම තණ්හා – පංච කාම වස්තූන් කෙරෙහි ඇලීම්, බැඳීම් වශයෙන් ඇතිවන 
			ආශාවයි.  
			භව තණ්හා – භවය පැතීම වශයෙන් උපන් ශාස්වත දෘෂ්ටිය සමඟ පැවති රූප අරූප 
			භවයන්හි ඇල්ම හා ධ්‍යාන සැප පිළිබඳ සියුම් ඇල්මයි.  
			විභව තණ්හා – සත්වයා මරණින් මතු ඉපදීමක් නොවන්නේය. මේ ජීවිතයෙන් අවසන් 
			වන්නේය යන උච්ඡේද දෘෂ්ටිය සමඟ අතිවන තණ්හාවයි.  
			3) උච්ඡේද වාදය – ආත්මයක් තිබී මරණයෙන් එය විනාශ වේ යැයි පැවසීමය. 
			සත්වයා මේ භවයෙන්ම වැනසේ. මින් මතු ඉපදීමක් නැත.  
			ශාස්වත වාදය – ආත්මය මරණින් මතු ද නිත්‍ය වශයෙන් පවතීයයි පැවසීමයි. 
			නොනැසෙන වෙනස් නොවන ආත්මයක් ගැන කියවෙන ආත්මවාදය ද ශාස්වත දෘෂ්ටියකි. 
			 
			ඉන්ද්‍රීය ආරම්මණ ඉන්ද්‍රීය විඤ්ඤාණය  
			චක්ඛු ධාතු රූප ධාතු චක්ඛු විඤ්ඤාණය ධාතු  
			සොත ධාතු සද්ද ධාතු සොත විඤ්ඤාණය ධාතු  
			ඍණ ධාතු ගන්ධ ධාතු ඍණ විඤ්ඤාණය ධාතු 
			ජීව්හා ධාතු රස ධාතු ජීව්හා විඤ්ඤාණය ධාතු  
			කාය ධාතු පොට්ඨබ්බ ධාතු කාය විඤ්ඤාණය ධාතු  
			මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඤ්ඤාණය ධාතු  
			 
			5) අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ  
			සංඛාර නිරෝධා විඤ්ඤාණ නිරෝධෝ  
			විඤ්ඤාණ නිරෝධා නාමරූප නිරෝධෝ  
			නාම රූප නිරෝධා සළායතන නිරෝධෝ  
			සළායතන නිරෝධා ඵස්ස නිරෝධෝ  
			6) තණ්හා නම් ලෝභ චෛතසිකයයි. එය රූප තණ්හාදි වශයෙන් සය වැදෑරුම් ද කාම 
			භව විභව වශයෙන් තුන් වැදෑරුම් ද වෙයි. උපාදාන නම් බලවත් වී වර්ධනය වූ 
			තෘෂ්ණාවයි. එය සත්ත්ව සන්තානයෙන් ඉවත් කිරීමට දැඩි උත්සාහයක් ගත යුතුය. 
			තෘෂ්ණාව ප්‍රත්‍යය කොට ගත් උපාදානය 4 ආකාරය 1. කාම උපාදානය 2 දිට්ඨි 
			උපාදානය 3 සීලබ්බත උපාදානය 4 අන්තවාද උපාදාන යනුවෙනි.  
			7) ආසන්න කර්මය මරණයට ආසන්න අවස්ථාවේදි සිදු කළා වූ හෝ මරණයට ආසන්න 
			අවස්ථාවේ සිතට පැන නැගුන කුසල අකුසල චේතනා ආසන්න කර්ම නම් වේ. 
			මට්ටකුණ්ඩලී මරණ මංචකයේ බුදුන් කෙරෙහි පැහැදී දෙව්ලොව උපත ලැබීම 
			නිදසුන් වේ.  
			8. ප්‍රාණඝාතය, අදත්තාදානය ,කාම මිථ්‍යාචාරය යන තුන කාය ද්වාරයෙන්ද 
			මුසාවාදා, පිසුණාවාචා, ඵරුසාවාචා, සම්පප්ඵලාපා යන හතර වාග් ද්වාරයෙන්ද 
			අභිජිඣා ව්‍යාපාද මිච්ඡාදිට්ඨි යන තුන මනෝ ද්වාරයෙන් ද සිදු කරන 
			අකුසල්ය.  
			9) නතං කම්මං කතං සාධු යං ඛත්වා අනුතප්පති  
			යස්ස අස්සුමුඛො රොදං විපාකං පටිසේවති  
			10) සති, ධම්ම විචය, වීරිය, පීති, පස් සද්ධි, සමාධි, උපේක්ඛා යනු 
			බොජ්ඣංග ධර්ම 7 යි.   |