UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සමස්ත ලංකා ගද්‍ය පද්‍ය ගායනා, රචනා, කථික හා චිත්‍ර තරගවලින් ජය ලද්දෝ

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සමස්ත ලංකා ගද්‍ය පද්‍ය ගායනා, රචනා, කථික හා චිත්‍ර තරගවලින් ජය ලද්දෝ

ඔක්තෝබර් 04 වනදා පත්‍රය හා සම්බන්ධයි
 

සමස්ත තරගාවලියේ විශිෂ්ටතමයා ලෙස විනිශ්චය මණ්ඩලය විසින් තෝරාගෙන ‘බුදුසරණ’ පුවත්පත මඟින් ප්‍රදානය කරනු ලබන කුසලානයට හිමිකම් ලැබුවේ මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහා විද්‍යාලයේ පී.ඩබ්. චමිඳු පින්සර විතානගේ සිසුවා ය. කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති සුමේධ අමරසිංහ, ප්‍රධාන අමුත්තා වූ මහාචාර්ය සම්පත් අමරතුංග සහ සිංහල සාහිත්‍ය කමිටුවේ ලේකම් හා සංගමයේ උප සභාපති කුසුමබන්දු සමරවික්‍රම යන මහත්වරුද ඡායාරූපයේ සිටිති.
දහම් පාසල් ගුරුභවතුන් සඳහා පවත්වන ලද සමස්ත ලංකා ගද්‍ය රචනා තරගයේ ප්‍රථම ස්ථානය, මණ්ඩාවල, මාහේන, ශ්‍රී ජයවර්ධනාරාම දහම් පාසලේ, ආර්.එම්.එස්. හර්ෂනී රත්නායක මහත්මිය තරුණ බෞද්ධ සංගමයේ සිංහල සාහිත්‍ය කමිටුවේ ලේකම් හා සංගමයේ උප සභාපති කුසුමබන්දු සමරවික්‍රම මහතා අතින් කුසලානය ලබාගත් අයුරු.
සමස්ත ලංකා ගද්‍ය, පද්‍ය රචනා තරගයේ කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය දිනාගත්තේ මාතලේ, සිරි ධම්මිස්සර දහම් පාසලේ එම්.ජී. ඉෂිනි පබසරා මානම්ගොඩ සිසුවිය විසිනි.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය දිනාගත් නාත්තන්ඩිය, විද්‍යාරත්න දහම් පාසලේ, බී. සංචිලා තරූෂි සිසුවිය තමාට හිමි කුසලානය තරුණ බෞද්ධ සංගමයේ සභාපති සුමේධ අමරසිංහ මහතාඅතින් ලබාගත් අයුරු.
සමස්ත ලංකා කථික තරගයේ ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ තලාතුඔය, හපු/ උඩුගම ශ්‍රී / සාරානන්ද දහම් පාසලේ, වී.එම්.සංඛ දමින්ද නිසිඳු බණ්ඩාර සිසුවා ය. තරුණ බෞද්ධ සංගමයේ සභාපති සුමේධ අමරසිංහ, මහාචාර්ය සම්පත් අමරතුංග සහ සිංහල සාහිත්‍ය කමිටුවේ ලේකම් හා සංගමයේ උප සභාපති කුසුමබන්දු සමරවික්‍රම යන මහත්වරුද ඡායාරූපයේ සිටිති.
සමස්ත ලංකා කථික තරගයේ කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගනු ලැබුවේ නැගෙනහිර උඩුගම, ශ්‍රී ගුණානන්දාරාම දහම් පාසලේ ඒ.එල්.ජී. මධුෂිකා සත්සරණී සිසුවිය විසිනි. තරුණ බෞද්ධ සංගමයේ සභාපති සුමේධ අමරසිංහ, මහාචාර්ය සම්පත් අමරතුංග සහ කුසුමබන්දු සමරවික්‍රම යන මහත්වරු ද ඡායාරූපයේ සිටිති.
සමස්ත ලංකා පද්‍ය රචනා තරගයේ ප්‍රථම ස්ථානය අම්පාර, අම්/ බණ්ඩාරනායක බාලිකා මහා විද්‍යාලයේ ජී.පී. දේශානි පබෝධා ගජනායක සිසුවිය තරුණ බෞද්ධ සංගමයේ සිංහල සාහිත්‍ය කමිටුවේ ලේකම් හා සංගමයේ උප සභාපති කුසුමබන්දු සමරවික්‍රම මහතා අතින් තම කුසලානය ලබාගත් අයුරු.
සමස්ත ලංකා චිත්‍ර තරගයේ ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය දිනාගත් කුරුණෑගල, මලියදේව විද්‍යාලයේ, එස්.එම්.යූ.අයි. සේනාධිපති සිසුවා තමාට හිමි කුසලානය. තරුණ බෞද්ධ සංගමයේ කුසුමබන්දු සමරවික්‍රම මහතා අතින් ලබාගත් අයුරු .
සමස්ත ලංකා චිත්‍ර තරගයේ කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය හක්මණ, සිරි සිදුහත් දහම් පාසලේ එම්.ඒ. තඹර සහස්සක සිසුවා විසින් තම කුසලානය . තරුණ බෞද්ධ සංගමයේ උප සභාපති කුසුමබන්දු සමරවික්‍රම මහතා අතින් ලබාගත් අයුරු.
ගද්‍ය පද්‍ය ගායනා අවසාන මහා තරගයේ ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය රාජ නීතිඥ එරික් එස්. අමරසිංහ ජය සංකේතය හා රුපියල් 15000 ක මුදල් ත්‍යාගයක් හිමිකර ගනු ලැබූ මතුගම සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ පී.ඩබ්. චමිඳු පින්සර විතානගේ සිසුවාට ප්‍රධාන අමුත්තා වූ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ත්‍යාගය පිරිනමන අයුරු. තරුණ බෞද්ධ සංගමයේ සභාපති සුමේධ අමරසිංහ සහ සංගමයේ උප සභාපති කුසුමබන්දු සමරවික්‍රම යන මහත්වරුද ඡායාරූපයේ සිටීති.

 

 

     ‍ බිනර අමාවක පෝය  

බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 12 වැනිදා සඳුදා පූර්වභාග 2.58 ට ලබයි. 13 වැනිදා අඟහරුවාදා පූර්වභාග 5.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 12 වැනිදා සඳුදාය.

මීළග පෝය
ඔක්තෝබර් 20 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 12

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27

Second Quarterඅව අටවක

නොවැම්බර් 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]