UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අ.පො.ස. (සා. පෙළ) විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014 බුද්ධ ධර්මය -1 අභ්‍යාසය - 05

අ.පො.ස. (සා. පෙළ) විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014

බුද්ධ ධර්මය -1 අභ්‍යාසය - 05

වඩාත් නිවැරැදි පිළිතුර තෝරා ලකුණු කරන්න.

01.ඇසළ පොහොය දිනය ශාසනික වශයෙන් වැදගත් වීමට හේතු වන්නේ මින් කුමක්ද?

(1).සිදුහත් බෝසතුන් බුද්ධත්වයට පත්වීමයි (2)බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ලංකා ගමනයයි (3).රුවන්මැලිසෑයට මුල්ගල තැබීම නිසයි (4).බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනය පැවැත්වීම නිසයි

02.බුදුරජාණන් වහන්සේ සත් සතිය ගත කරන විට පළමු සතියේදී සිදු වූ වැදගත්ම සිදුවීම වනුයේ,

(1).ධර්මය ගුරු තනතුරෙහි තබා ගැනීමයි (2). අභිධර්මය දේශනා කිරීමයි (3).පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කිරීමයි (4).බෝධිය දෙස ඇසිපිය නොහෙළා බලා සිටීමයි.

03. ත්‍රිපිටකය පුස්කොළ පොත් වල ලියා තබන ලද්දේ,

(1).පළමු ධර්ම සංගායනාවේදීය (2).සිව්වන ධර්ම සංගායනාවේදීය (3) දෙවන ධර්ම සංගායනාවේදීය (4) තුන්වන ධර්ම සංගායනාවේදීය

04.බුදුරදුන්ගේ ගුණ ගයා උන්වහන්සේ වර්ණනාවට ලක්කළ පුද්ගලයා වන්නේ මින් කවරෙක්ද?

(1) පංචසිඛයි (2) මාතලීයි (3) උග්ගසේනයි (4) මාරදිව්‍ය පුත්‍රයායි

05.නිවන් දැකීම සඳහා පිරිය යුතු පාරමිතා ගණන 10 කි. පාරමිතාවක් සම්පූර්ණ වීමට කරුණු 5 ක් තිබේ. එයට අයත් නොවන කරුණ කුමක්ද?

1) තෘෂ්ණාවෙන් තොර බව (2) උපාය කුසලතාවෙන් තොර බව (3) මානයෙන් තොර බව (4) වැරැදි දෘෂ්ඨියෙන් තොර බව

06.පළමු ධර්ම සංගායනාවේ දී සිදු වූ වැදගත්ම දෙයකි. ත්‍රිපිටක පොත් එක් එක් තෙරවරුන්ට පවරා දීම එහිදී අනුරුද්ධ තෙරුන්ට පවරන ලද්දේ,

(1) අංගුත්තර නිකායයි (2) සංයුක්ත නිකායයි (3) ඛුද්දක නිකායයි (4) මජ්ක්‍ධිම නිකායයි

07.මිනිස් වර්ගයා අතර පහළ වූ අති ශ්‍රේෂ්ඨ පුරුෂෝත්තමයා බුදුරජාණන් වහන්සේය. මෙම ප්‍රකාශය කරන ලද්දේ,

(1) එච්.ජී. වේල්ස්ය (2) උපාලි ගෘහපතියාය (3) අබ්දුල් අතාහිලාය (4) එඩ්වින් ආර්නෝල්ඩ්ය

08.සිංහල බෞද්ධ දරුවන් සඳහා පාසල් නොතිබුණ බැවින් පරම විඥානාර්ථ බෞද්ධ සංගමය පිහිටුවා එමගින් බෞද්ධ පාසල් ආරම්භ කරන ලද්දේ,

(1) හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාය (2) අනගාරික ධර්මපාල තුමාය (3) හික්කඩුවේ ශී‍්‍ර සුමංගල නාහිමිය (4) මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමිය.

09.මෛතී‍්‍ර වැඩීමෙන් ලැබෙන ආනිසංස ගණයට ඇතුළත් නොවන කරුණු වන්නේ,

(1) මුහුණ පැහැපත් වීමයි (2) සිහිමුළාව කලුරිය කිරීමයි.(3) නපුරු සිහින නොදැකීමයි (4) මිනිසුන්ට පි‍්‍රය වීමයි

10. “සල්ළේඛ” ප්‍රතිපදාව යනුවෙන් හඳුන්වා ඇත්තේ,

(1) සැහැල්ලුවෙන් ජීවිතය ගතකිරීමයි (2) අන් අය සමඟ පී‍්‍රතියෙන් ජීවිතය ගත කිරීමයි (3) සමාජය අකුසල ධර්මයන්ගෙන් අපිරිසුදුව සිටියත් ඒවායින් වැළකී වාසය කිරීමයි (4) ආහාරපාන අඩුවෙන් ගෙන වාසය කිරීමයි

11. බෞද්ධ රාජ්‍ය පාලනය පිළිබඳව උපදෙස් අන්තර් ගත සූත්‍ර දේශනාව ලෙස සැලකිය හැකි වන්නේ,

(1) මංගල සූත්‍රයයි (2) පරාභව සූත්‍රයයි (3) සිඟාලෝවාද සූත්‍රයයි (4) චක්කවත්තිසීහනාද සූත්‍රයයි

12. “දරුව මෙම චක්‍රවර්ති රාජ්‍යය ඔබට පිය උරුම ලෙස ලැබෙන්නක් නොවේ” මෙම ප්‍රකාශය කරන ලද්දේ

(1) විජිතාවී රජතුමා තම වැඩිමහලු පුතාටයි

(2) දල්හනේමි සක්විති රජු තම වැඩිමහල් පුතාටයි

(3) බ්‍රහ්මදත්ත රජු තම වැඩිමල් පුතාටයි

(4) මහා මන්ධාතු රජු තම වැඩිමහල් පුතාටයි

13. කාලාම සූත්‍රයෙන් බුදුරදහු අපට පෙන්වා දෙන වැදගත්ම කරුණ නම්,

(1) ජීවිතය මැනවින් පවත්වාගෙන යාමට උපදෙස් දීමයි

(2) කාලයෙන් නිසි ප්‍රයෝජන ගත යුතු බවයි.

(3) කාලාම සූත්‍රය නිතර ශ්‍රවණය කළ යුතු බවයි

(4) සැක ඇතිවිය යුතු කරුණු පිළිබඳව සැක කිරීමට ශ්‍රාවකයන්ට නිදහස ඇති බවයි .

14.බුදුරදුන්ගේ රූප සම්පත්තිය කෙරෙහි ප්‍රසාදයක් ඇති කරගත් හිමිනමක් වූයේ මින් කවරෙක්ද?

(1) සෝණ හිමියන්ය (2)මේඝිය හිමියන්ය (3) වක්කලී හිමියන්ය (4) අස්සජි හිමියන්ය

15.රාජ්‍ය සේවයෙහි යෙදෙනු කැමති අයට ආහාර හා වේතන ලබා දිය යුතුය. මෙසේ සඳහන් වන්නේ,

(1) කූටදන්ත සූත්‍රයේය (2) චක්කවත්ති සීහනාද සූත්‍රයේය (3) වේලුද්වාර සූත්‍රයේය (4) පත්තකම්ම සූත්‍රයේය

16. කුසලාකුසල කර්ම වලට අනුව මනසින් කරන කර්මයෝ

(1) දෙකකි (2) තුනකි (3) හතකි (4) ප්‍රමාණය කළ නොහැකි

17. සමාජයේ ඇතැමුන් සෝභාසම්පන්නව ඉපදීමට හේතු වන්නේ,

(1) සතුන්ට තාඩන පීඩන නොකිරීමයි (2) උතුමන්ට ගරු බුහුමන් කිරීමයි (3) අනුන්ගේ සැපයට ඊර්ෂ්‍යා නොකිරීමයි (4) කිසිම තැනකදී නොකිපී සිටීමයි

18.බෝසතුන්ට දස පාරමිතා ධර්මයන් පූර්ණය කරන විට උපේක්ෂා පාරමිතාව සම්පූර්ණ කළ බව දැක්වෙන ජාතක කථාව දැක්වෙනුයේ ,

1) තේමීය ජාතකය (2) ලෝමහංස ජාතකය (3) මඛාදේව ජාතකය (4) මඝ මානවක ජාතකය

19.ධාතුන් වහන්සේලා යනු බුදුරදුන්ගේ අස්ථිවල නොදැවුණු කොටස්ය. ඒ අතරින් ගී‍්‍රවා ධාතුව නිධන් කොට ඇත්තේ කුමන ස්ථානයේද?

(1) සේරුවාවිල චෛත්‍යයේය (2) මහියංගණ චෛත්‍යයේය (3) ථූපාරාම චෛත්‍යයේය (4)නාගදීප චෛත්‍යයේය

20.ගංගාරෝහන නමින් පූජා උත්සවයක් ලංකාවේ පළමු වරට පවත්වන ලදැයි සඳහන් වන්නේ මින් කිනම් රජු දවසද?

(1) පළමු උපතිස්ස රජු දවසය (2) මහා දාඨික රජු දවසය (3) මහා නාගරජු දවසය (4) කිත්සිරි මෙවන් රජු දවසය

පිළිතුරු

01.(4) බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනය පැවැත්වීම නිසයි.

02.(3) පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කිරීමයි

03.(2) සිව්වන ධර්ම සංඝායනාවේදීය

04.(1) පංචසිඛයි

05.(2) උපාය කුසලතාවෙන් තොර බව

06.(1) අංගුත්තර නිකායයි

07.(3) අබ්දුල් අතාහිලාය

08.(1) හෙන්රි ඕල්කොට් තුමාය

09. (2) සිහිමුළාව කලුරිය කිරීමයි

10.(3) සමාජය අකුසල ධර්මයන්ගෙන් අපිරිසුදුව සිටියත් ඒවායින් වැළකී වාසය කිරීමයි

11.(4) චක්කවත්තීසීහනාද සූත්‍රයයි

12.(2) දල්හනේමි සක්විති රජු තම වැඩිමහල් පුතාටයි

13.(4) සැක ඇති විය යුතු කරුණු පිළිබඳව සැක කිරීමට ශ්‍රාවකයන්ට නිදහස ඇති බවයි.

14 (3) වක්කලී හිමියන්ය

15.(1) කූටදත්ත සූත්‍රය

16.(2) තුනයි

17.(4) කිසිම තැනකදී නොකිපී සිටීමයි

18.(2)ලෝමහංස ජාතකය

19.(2) මහියංගණ චෛත්‍යයේය

20.(1) පළමු උපතිස්ස රජු දවසය

 

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය නොවැම්බර් මස 21 වැනි දා සිකුරාදා අපරභාග 06.39 ට ලබයි. 22 වැනිදා සෙනසුරාදා අපරභාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 22 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
නොවැම්බර් 29 වැනි දා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 22

First Quarterපුර අටවක

නොවැම්බර් 29

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 06

Second Quarterඅව අටවක

දෙසැම්බර් 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]