UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කතරගම කිරිවෙහෙරේ පින්කම්

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති අපවත් වී වදාළ ඌව විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ 71 වන ජන්ම දිනය නිමිත්තෙන් කතරගම කිරිවෙහෙර රාජමහ විහාරස්ථානයේ දී අප්‍රේල්  මස 05 දින ගුණ සමරු පින්කම් කටයුතු දවස පුරා පැවැත්වීමට කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව කටයුතු සංවිධානය කර ඇත.

ඉතිරිය»

කිසිඳු වේදනාවක් නොදැනෙන්නේ ඇයි?

තාත්තා කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ ලැබුණු එකම දරුවාට බොහෝ සෙයින් ආදරය කරන්නාසේම බිම්බිසාර රජතුමා ද සිය පුත්‍රයාට එලෙසම ආදරය කළේය. අජාසත්ත කුමරු මව්කුසේ සිටියදී මව්කුස පරීක්‍ෂා කර බැලූ ඇතැම් නිමිති පාඨකයන් ප්‍රකාශ කරනු ලැබුවේ මේ මව් කුසෙහි සිටින පිරිමි දරුවා අනාගතයෙහි තමන්ගේ පිය තුමන් මරණයට පත්කරනු ලබන බවයි. මහ රජතුමා දරුවාගේ අතෙහි හටගෙන පීඩා විඳින සැරව ගෙඩිය සහිත ඇඟිල්ල තමන්ගේ කට ඇතුළට දමා ගත්තේය. වේදනාවෙන් කෑගහන දරුවාගේ අතෙහි වූ විසර ගෙඩිය රජතුමාගේ කට ඇතුළේදීම පිපිරී ගියේය. දරුවාගේ ඇඬීම නතර විය. කට ඇර ඇඟිල්ල එළියට ගතහොත් නැවතත් දරුවාට වේදනාව දැනේවි යැයි සිතු රජතුමා විසර ගෙඩියෙහි වූ සියලු සැරව පිළිකුලෙන් තොරව ගිල දැම්මේය. පියතුමා එසේ කළේ මේ දරුවා ලොකු වී කවදා හෝ දවසක රජකම ලබාගැනීමේ තණ්හාවෙන් තමා මරණයට පත්කර දමනු ලබන බව හොඳ හැටි දැනගෙනය

ඉතිරිය»

ධර්ම දේශනාව:

ප්‍රඥාලෝකය

තමන්ට මෙන්ම සමස්ත මිනිස් සමාජයටම වැඩදායී වන ලෙසට ජීවිතය හැඩ ගස්වා ගැනීම ඉතා වැදගත්. මේ මිනිස් ජීවිතය ඉතා දුර්ලභ වටිනා එකක්. ජීවිතයේ වටිනාකම හෝ නොවටිනාකම මතුවන්නේ ස්වකීය ජීවන රටාව අනුවයි. තම තමන් විසින් පුරුදු පුහුණු කරන ලද ජීවන ප්‍රතිපදාවට අනුකූලවයි.

ඉතිරිය»

ආධ්‍යාත්මය සනහාලන අමා දිය දහරකි තොලුවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ

තොලුවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය වන්නේ ක්‍රි.ව පස්වන සියවසේ දී පමණ බව කියැවෙයි. මෙය ශිලාමය ප්‍රතිමාවකි. උස අඩි පහයි අඟල් 4ක් පමණ වන අතර දෙදන හරහා අඟල් 9 ක් ද උරහිස හරහා අඩි 3 යි අඟල් 5ක් ද වෙයි. අනුරාධපුරයේ තොලුවිලින් මෙම ප්‍රතිමාව හමු වී තිබේ. ඒ තොලුවිල අද හඳුන්වන්නේ නිවත්තක චේතිය යන නාමයෙනි.

ඉතිරිය»

 

අම්බලන්ගොඩ මාදම්පේ චේතියගිරි විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායා -ජනක ‍ෙවත්තසිංහ

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අප්‍රේල් මස 07 වැනිදා සඳුදා පූර්ව භාග 00.56 ට ලබයි.
08 වැනිදා අඟහරුවාදා පූර්වභාග 03.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 07 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 14 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22

New Moonඅමාවක

අප්‍රේල් 28


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]