UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සුවිසෙස් දන්සැල් ඇගයුම

සුවිසෙස් දන්සැල් ඇගයුම

දන්සැල් සත්කාරය සඳහා මෙරට බෞද්ධ දානපති පින්වතුන් මෙන්ම සැදැහැති බොහෝ දෙනාගේ දායකත්වය ද ප්‍රමුඛ වේ. ඔවුන්ගේ දෛනික ජීවන රටාවේ කොපමණ හැල හැප්පීම් ඇතිවුවද, ගම වටා යමින් මේ පුංචි මිනිසුන් දක්වන ක්‍රියාව සැබැවින්ම පැසසුම් ය.

එනිසා දන්සැල් ක්‍රියාවලියටද යම් අගැයීමක් ලබා දිය යුතුව ඇත. දන්සැල් ක්‍රමවත්ව පවත්වාගෙන යාමට ද එයින් ලැබෙනුයේ ඉමහත් පිටුවහලකි.

Telak Extea ආයතනය සිය සමාජ සත්කාරක සේවාවක් වශයෙන් දීපව්‍යාප්තව පවත්වන දන්සැල් ඇගයීම සඳහා “සුවිසෙස් දන්සැල්” නමින් නව වැඩ පිළිවෙළක් පසුගිය පොසොන් පොහෝදින නිමිති කර ගනිමින් අරඹන ලදී.

ඒ අනුව ආහාර සැකසීම, ඒවා තැන්පත්කර තැබීම, පිළිගැන්වීම, දන්සැල් පවත්වාගෙන යන ස්ථානයේ පිරිසුදුතාවය, සද්භාවය, අරමුණ හා උපයෝගිතාවය පිළිබඳව මූලික අවධාන යොමු කරමින් නිරීක්‍ෂණ කටයුතු දියත් කෙරුණි. මෙයින් තෝරා ගන්නා ලද හොඳම දන්සැල් සඳහා වටිනා තෑගි හා ඇගයීම් සහතික පත්‍ර පිරිනැමීමටද Telak Extea ආයතනය සැළසුම් කර ඇත. එම ප්‍රණාම උළෙල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජනකලා කේන්ද්‍රයේ දී මෙම 10 වන දා පස්වරු 4 ට පැවැත්වේ.

 

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය අගෝස්තු 06 වැනි දා අඟහරුවාදා පූර්වාභාග 01.33 ට ලබයි.
07 වැනිදා බදාදා පූර්වභාග 03.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 06 වැනිදා අඟහරුවාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 14 වැනිදා බදාදා ය.

 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 06

First Quarterපුර අටවක

අගෝස්තු 14

Full Moonපසෙලාස්වක

අගෝස්තු 20

Second Quarterඅව අටවක

අගෝස්තු 28‍


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]