UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා මහා සෑයේ චූඩාමාණික්‍ය නිරාවරණය කෙරේ

ඓතිහාසික මිහින්තලා මහ සෑයට චූඩා මාණික්‍යය පැළඳවීම මහා සංඝරත්නය හා මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 22 වැනිදා සිදු කෙරිණ. වසර තුනකට පෙර මිහින්තලා මහ සෑයේ කොත් කැරැල්ලේ චූඩා මාණික්‍යයට අකුණුසැර වැදී ආපදාවට ලක්විය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් මත මර්වින් සිල්වා ඇමැතිතුමාගේ මැදිහත්වීම මත කිරිබත්ගොඩ පදිංචි ආතර්. සේනානායක මහතා විසින් චූඩා මාණික්‍යය පරිත්‍යාග කර තිබුණි. කිලෝ 40ක් බරැති මේ චූඩා මාණික්‍යය චෙක් රාජ්‍යයෙන් වැඩමවා තිබූ අතර මහජන කටයුතු හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් චූඩා මාණික්‍යය පැළඳ වූ කොතෙහි රන් ආලේපනයක් කර තිබුණි. ඇසළ පුර පසළොස්වක දා මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් ප්‍රමුඛ මහ සංඝරත්නයද උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන්, මහජන සම්බන්ධතා හා මහජන උපයෝගිතා ඇමැති මර්වින් සිල්වා, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති එස්.එම්. චන්ද්‍රසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ, ශෙහාන් සේමසිංහ, පළාත් සභා සෞඛ්‍ය අමාත්‍ය එච්.ඒ. පේමසිරි මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහසෑයේ චූඩා මාණික්‍යය පැළඳවීම සිදුවිය. - මිහින්තලේ සමූහ, හිදෝගම සමූහ

මහනුවර ඇසළ පෙරහර

අගෝස්තු මස 07 දිනට යෙදෙන සුබ මොහොතින් සතර මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් මෙවර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර ආරම්භ කෙරේ. එදින සිට අගෝස්තු 10 දා දක්වා දේවාල අභ්‍යන්තර පෙරහරත් 11 දා සිට 15 දා දක්වා කුඹල් පෙරහරත්, 16 දා සිට 20 දා දක්වා රන්දෝලි මහ පෙරහරත් වීදි සංචාරය කෙරේ. දිය කැපීමේ මංගල්‍යය 21 දා අලුයම් කාලයේ යෙදෙන සුබ මොහොතින් පේරාදෙණිය – ගැටඹේ මහවැලි නදී තොටුපලේ දී සිදු කෙරෙන අතර එදින පැවැත්වෙන දවල් පෙරහරින් අනතුරුව ඓතිහාසික ඇසළ පෙරහර නිමාවට පත්වනු ඇත.

ඉතිරිය»

 

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය අගෝස්තු 06 වැනි දා අඟහරුවාදා පූර්වාභාග 01.33 ට ලබයි.
07 වැනිදා බදාදා පූර්වභාග 03.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 06 වැනිදා අඟහරුවාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 14 වැනිදා බදාදා ය.

 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 06

First Quarterපුර අටවක

අගෝස්තු 14

Full Moonපසෙලාස්වක

අගෝස්තු 20

Second Quarterඅව අටවක

අගෝස්තු 28‍


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]