UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බලංතොට ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරය

බලංතොට ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරය


විහාරාධිපති හඟරාපිටියේ නන්දසාර හිමි

මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය පස්බාගේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බලංතොට ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරය ගම්වාසීන්ගේ මුදුන් මල්කඩයි. දිවංගත පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. අලුත්ගමගේ මහතා ජීවත්ව සිටි කාලයේ, 1973 වසරේ ඒ.ඒ. ඇක්මන් සිඤ්ඤෝ මහතා ඇතුළු දායක පිරිසක් විසින් මෙම භූමිය එළිපෙහෙළි කර තනාගත් පොල්අතු මඩුවකින් විහාරය ආරම්භ කරන්නට යෙදුණි.

අද වන විට ගම්වාසීන් හට ඉමහත් ආගමික සේවාවක් සලසමින් ගෞරවාන්විතව වැජඹෙන මේ විහාරස්ථානය ඇසුරෙන් බොහෝ දෙනාට හිත වැඩ සැලසෙයි. සිරි පා කරුණා කරන්නට වන්දනාවේ යන සැදැහැවතුනට හා විදෙස් සංචාරකයන්ටද මෙපින් බිම ගිමන් නිවා ගැනීමටද කදිම තෝතැන්නක් වන්නේ එම ගමන් මාර්ගය අතරමඟ පිහිටි නිසාය. නිහඬ බව රජයන සුවදායි පරිසරය සදහම් මඟ වඩනවුනට මනා සේ ගැළැපේ.

ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය ආරම්භයේ සිට විහාරාධිපතින් වහන්සේ කිහිප නමක් වැඩ වාසය කළහ. පරණගම නාරද හිමි, මඩකුඹුරේ ධම්මාරාම හිමි සහ වෑතලාවේ ඥානාලෝක හිමි මෙසේ විහාරාධිපති ධුරයෙහි කටයුතු කළ ස්වාමින් වහන්සේ වූහ . ඉන්පසුව දායක සභාවේ සභාපතිව සිටි ඒ.ඒ. ටිකිරිබණ්ඩා මහතා ඇතුළු දායක පින්වතුන්ගේ ආරාධනයෙන් අඹගමුව ශ්‍රී විජයබා පරිවෙණාධිපතිව වැඩ සිටි උඩබුලත්ගම පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක මලවිට ධම්මපාල නා හිමියෝ විහාරස්ථානයේ කටයුතු භාරගත් අතර ඉමහත් ශාසනික සේවාවක් ඉෂ්ඨ සිද්ධ කළහ. උන්වහන්සේ අපවත්වීමෙන් පසු වර්ෂ 2000 සිට උඩබුලත්ගම පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක අඹගමුව ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ සභාපති සාම විනිසුරු හඟරාපිටියේ නන්දසාර හිමියෝ විහාරාධිපති ලෙස කටයුතු කරති. උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් නූල්කඩ ජිනරතන හිමි ඇතුළු විහාරවාසී භික්‍ෂූන් වහන්සේ ප්‍රදේශවාසී ජනතාව කෙරෙහි මෙත් සිතින්, ඔවුන්ගේ ධර්මකාමිත්වය වඩවාලීමෙහිලා උත්සුකව කටයුතු කරති.

වත්මන් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්දසෝම යන මහත්වරු දායක සභාව සමඟ එක්ව විහාරයේ සංවර්ධන කාර්යයෙහිලා ප්‍රධානත්වයෙන් කටයුතු කරති.

 

 පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 22 වෙනිදා සෙනසුරාදා අපරභාග 08. 53 ට ලබයි.
23 වෙනිදා ඉරිදා අපරභාග 05. 03 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජුනි 23 වෙනිදා ඉරිදා ය.

මීළඟ පෝය
ජුනි 30 වෙනිදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 23

Second Quarterඅව අටවක

ජූනි 30

New Moonඅමාවක

ජූලි 07

First Quarterපුර අටවක

ජූලි 16


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]