UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

පොසොන් පුර පසළොස්වක 2013 ජුනි 23 වන දා

අනුබුදු මාහිමියන්ගේ ලංකාගමනය

පොසොන් සඳ උදාවත්ම, මෙරට බෞද්ධ ජනතාවගේ සිහියට නැගෙනුයේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ය. එමෙන්ම අනුරාධපුර මිහින්තලා පුදබිම ය.

එදා අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන ඉට්ඨිය, උත්තිය , සම්බල, භද්ධසාල යන රහතන් වහන්සේ සිව් නමත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත්, භණ්ඩුක නමැති අනාගාමී උපාසක තුමාත් යන ධර්මදූත පිරිස දඹදිව “වේදිසගිරි” නුවරින් ලක්දිව මිස්සක පව්වට වැඩම කළහ.

ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රාවක වූ එම පිරිස මෙරටට වැඩම කළ ඓතිහාසික අනුස්මරණීය දිනය පොසොන් පුන් පොහොය දවස ය.

දඹදිව ධර්මාශෝක මහාධිරාජයාණන් දවස සිදු කළ තෙවන ඓතිහාසික මහා ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස මෙරට දේවානම්පියතිස්ස රජු දවස වැඩම වීමෙන් පසු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන ධර්මදූත පිරිස මහත් හරසරින් පිළිගෙන සුවිසල් රාජ මන්දිර , රාජකීය උද්‍යාන අප්‍රමාණ ජනී ජනයාගෙන් සපිරුණු දම්සභා මණ්ඩප ධර්මාලෝකයෙන් මෙරට ඒකාලෝකවත්වී ධර්මද්වීපයක් බවට පත්වීමට මූලිකවම හේතු වූයේ අසිරිමත් මහින්දාගමනයයි.

පංචශීල ප්‍රතිපදාවේ මූලාරම්භය පළමු මෙරට සිදුවූයේ ඓතිහාසික මිහින්තලා පුදබිමේදීය. එදා මෙරට පැවිදි උපසම්පදාව සිදුකරන ලද්දේද අදවන් දිනකදීය. මිහින්තලා කන්දෙන් පැන නැගී මෙරට දස දිසාවටම ගලාගිය නිර්මල සදහම් ගංගාව නිසා සියලු සිංහලයෝ බෞද්ධයන් බවට පත්වූහ.

එබැවින් මිහිඳු මහ රහතන් වහන්සේගේ අසිරිමත් ලංකා ගමනය සිහි කරනු ලබන අද වැනි දිනක මිහින්තලා පුදබිම සියැසින් දැක වැඳ පුදා ගැනීමට එදා මෙන් අදත් මතුවටත් මෙරට වැසියෝ කෘතවේදීව පැමිණෙන අයුරු මිහින්තලාවේදී දක්නට ලැබෙන සුලභ දසුනක් වේ.

මිහින්තලා රාජ මහා විහාරාධිපති වලවාහැංගණුවැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ඉකුත්දා මිහින්තලා පුදබිමේදී සති පිරිත් දේශනාවක් පවත්වන ලදී. ඒ නව චූඩා මාණික්‍යය නිරාවරණය කිරීමේ මහඟු පින්කම අරමුණු කර ගෙනය.

මිහින්තලා පුදබිම දිගුකලක සිට සංරක්ෂණය හා සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය තිබූ බව වත්මන් මිහින්තලා රජමහා විහාරාධිපති නා හිමියන්ගේ අදහසය. උන්වහන්සේගේ එම අදහස මෙවර මල්ඵල ගැන්වී ඇති බවද උන්වහන්සේ ඉතා කෘතවේදීව සිහිපත් කරති.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි මිහින්තලා පුදබිම නව සංවර්ධන කටයුතු රැසකින් අලංකාරවීම මිහින්තලා පුදබිමේත් මෙරට අනාගත පරපුරේත්, වාසනාවක් යැයිද විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අදහසය.

මිහින්තලා පුදබිමේදී වාර්ෂිකව සිදුකෙරෙන මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ද තෙදිනක් පුරා මෙවරද පැවැත්වේ. මෙරට අඩ සියවසකටත් අධික කාලයක සිට පවත්වා ගෙන එනු ලබන එම ආලෝක පූජාව පත්තර මහ ගෙදර මගින් සිදු කරන සද්කාර්යයන් අතර ප්‍රධාන කටයුත්තක් ද වේ.

ඒ නිමිත්තෙන් මිහින්තලය ප්‍රදේශයට පත්තර මහ ගෙදර මගින් සුවිශාල මෙහෙවරක්ද වසරෙන් වසර සිදු කර ඇති බවද සිහි කළ යුතු වේ.

මිහින්තලා සේල චෛත්‍යය වෙත අටපිරිකර 2320 පූජාවක් පවත්වා අනුබුදු මිහිඳු මාහිමි ශ්‍රී නාමයට කෘතෝපහාර දැක්වීමට විහාරාධිපති ස්වාමීන් වහන්සේ කළ තීරණයද ඉතා කලෝචිතය.

එබැවින් මිහින්තලා පුදබිම වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් හට මිහින්තලා රාජමහා විහාරයේදී පොසොන් පෝදා එම පින්කමකටද දායක විය හැකි බැවින් පැමිණෙන වන්දනා ගමනේදී අටපිරිකරක්ද රැගෙන පැමිණීමෙන් සිය කෘතවේදිත්වය පළකිරීමට අමතක නොකිරීමද යුතුකම බව කල්පනා කළ යුතු වේ.

 

 පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 22 වෙනිදා සෙනසුරාදා අපරභාග 08. 53 ට ලබයි.
23 වෙනිදා ඉරිදා අපරභාග 05. 03 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජුනි 23 වෙනිදා ඉරිදා ය.

මීළඟ පෝය
ජුනි 30 වෙනිදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 23

Second Quarterඅව අටවක

ජූනි 30

New Moonඅමාවක

ජූලි 07

First Quarterපුර අටවක

ජූලි 16


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]