UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් ඉඩමක් පිදේ

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් ඉඩමක් පිදේ

මාතර දෙවිනුවර උඩඅපරැක්ක ග්‍රාමයේ (සිරි මාවත අසල) දෙවුන්දර ගෙදර අක්කරයක (ඔප්පු අංක 16397) නිරවුල් ඉඩම, ආබාධිත රණවිරුවන් වෙනුවෙන් තෑගි ඔප්පුවකින් ප්‍රදානය කිරීම පසුගියදා ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී සිදුවිය. යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන අයෝමා රාජපක්‍ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් එය සිදුවිය. රණවිරු නිවාස ඉදිකිරීම ඉදිරියේදී සිදු කිරීමට නියමිතයි.

උඩඅපරැක්කේ විසූ, ටියුටි යාපා අබේවර්ධන හා දොන් හෙන්ද්‍රික් අබේසිරිවර්ධන යන, පරලෝ සැපත් සිය දෙමව්පියන්ට පින් පිණිස එම ඉඩම් පරිත්‍යාගය බියට්‍රිස් අබේසිරිවර්ධන විසින් සිදු කර තිබේ.

පියා මියගියේ ඇය කුඩා අවදියේදී බවත් මව මිය ගියේ 1992 දී පිළිකා රෝගයකින් බවද එය ඇයට දරා ගන්න බැරි වේදනාවක් වුවායැයි ද කීවාය. ලෝකයේ හැම දෙයක්ම අනිත්‍යයයි. බුදු දහම අනුව මම හිත හදා ගත්තා. අම්මා මිය ගිය දවසේ ඉඳලමයි මෙවන් පුණ්‍ය කටයුත්තක් කිරීමට හිතා ගත්තේ. මගේ අදහස වුණේ ඉඩම විකුණා මුදල් කර පින්කමක් කිරීම නොවේ. ඉඩමේම දෙමව්පිය නාමයට ගෞරවයක් වන සද්ක්‍රියාවක් කරන්නටයි. ඒ අරමුණ ඉටුකර ගැනීමට මගේ අක්කලා දෙන්න සහ එකම අයියා කිසිම බාධාවක් වුණේ නැහැ. මගේ කැමැත්තට ඔවුන් ආශිර්වාද කළා යැයි ද කීවා ය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීල් දළුවත්ත මහතා ඉඩම රණවිරුවන්ට පරිත්‍යාග කරන අදහස ඉදිරිපත් කළේ. ඒ මහතා කිව්වා ‘යුද්ධයෙන් අතපය අහිමි වෙච්ච අයට, කැමැති නම් ගෙවල් හදා ගන්න මේ ඉඩම ඔවුන්ට පරිත්‍යාග කරන්න පුළුවන්’ කියලා. එහෙම කියනකොට නව පණක් ආවා වගේ අමුතු ප්‍රබෝධයක් මට දැනුණා.

ඒ අදහස ඔස්සේ අනුව යමින් මට හිමි ඉඩම් අක්කරය ත්‍රස්තවාදින්ගෙන් රට නිදහස් කර ගැනීමේ අන්තිම සටනට උර දුන් රණවිරුවන් දෙදෙනෙකුට ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී තෑගි ඔප්පුවකින් මුළු ඉඩම් අක්කරයම පරිත්‍යාග කිරීමට හැකි වුණා. මෙම ඉඩමෙන් ඔවුනට නිවාස තනා ගැනීමට පමණක් නොව, වගා කටයුතු කිරීමට ද වැඩි බිම් ප්‍රමාණයක් මේ දෙදෙනාටම ලැබී තිබෙනවා.

ඉඩම්ලාභීන් බවට පත්වූයේ, කිලාලි වල ක්‍රියාන්විතයේ දී පාදයක් අහිමි වූ, දෙනියායේ පදිංචි එක්දරු පියෙකු වන ගැමුණු හේවා රෙජිමේන්තුවේ සැරයන් වරයෙකු වන කේ.ජී. දිනේක මහේෂ් සහ 4 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ, මාණ්ඩලික සැරයන් වරයෙකු වන බෙලිඅත්තේ ජී.ජී.කේ. සොම්සිරි යන මහත්වරුන්ය.

මේ උතුම් පින්කම කර ගැනීමට යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන අයෝම රාජපක්‍ෂ මහත්මිය දැක්වූ විශේෂ සහයෝගයට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. රට බේරා ගැනීමට ඉදිරිපත් වූ, මෙවන් උදාර රණවිරුවන් වෙනුවෙන් මගේ දෙමව්පියන්ට පින් පිණිස මෙවැනි උතුම් කාර්යයක් සිදුකිරීමට මට හැකිවීම මගේ ජීවිතයේ මා ලද උතුම්ම භාග්‍යයක් යැයි කීවාය.

මේ කර්තව්‍ය ඉටු කිරීමේ දී මට සහයෝග දැක්වූ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඉන්දු රත්නායක, එම අමාත්‍යාංශයේම ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පී. සොමිසිරි, මාතර දිස්ත්‍රික් ලේකම් ඩබ්.කේ.කේ. අතුකෝරල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීල් දළුවත්ත, මාතර සිරිල් යාපා යන මහත්ම මහත්මීන්ට හදවතින්ම ස්තූතිවන්ත වන බවද කීවාය.

 

 පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 22 වෙනිදා සෙනසුරාදා අපරභාග 08. 53 ට ලබයි.
23 වෙනිදා ඉරිදා අපරභාග 05. 03 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජුනි 23 වෙනිදා ඉරිදා ය.

මීළඟ පෝය
ජුනි 30 වෙනිදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 23

Second Quarterඅව අටවක

ජූනි 30

New Moonඅමාවක

ජූලි 07

First Quarterපුර අටවක

ජූලි 16


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]