UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

මතුගම ඉත්තෑපානේ පදිංචි එක්දරු මවක් වන එස්. සිරිබද්ධන මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඇයට ‘ඕ පොසිටිව්’ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන්ගේ නිර්දේශයයි. ඒ සඳහා පරිත්‍යාගශීලියෙකු වේ නම් දන්වන ලෙස ඉල්ලා සිටියි. එමෙන්ම ඇයගේ ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැයවන බැවින් ඔබගේ ආධාර පානදුර සම්පත් බැංකුවේ ගිණුම් අංක 102654235750 දරන ගිණුමට ආධාර ලබාදිය හැකිය. වැඩි විස්තර 077 9054370 දුරකථනයෙන් විමසන්න.


නිවිතිගල, වත්තේහේන හි පදිංචි එච්.කේ. වසන්ති (අවුරුදු 26) මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඇයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් පරිත්‍යාගශීලීන්ගෙන් උපකාර බලාපොරොත්තු වෙයි. වැඩි විස්තර 075 5408938 / 0777366520 දුරකථනයෙන් විමසිය හැකිය. ඇයගේ ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැයවන බැවින් බොරැල්ල ශාඛාව ලංකා බැංකුවේ ගිණුම් අංක 72200280 මුදල් බැර කළ හැකියි.


කරන්දෙණිය, මහඒදණ්ඩ, මුල්කැටියාතොට (පාසල අසල) හි පදිංචි හේවාගුරුගේ ආනන්ද නැමැති අය දරුණු හදවත් රෝගයකින් පෙළෙන බව විශේෂඥ වෛද්‍ය ආර්.ඩී. මදුරාවේ මහතා දන්වා ඇත. ඒ සඳහා විශාල මුදලක් වැයවන බැවින් ඔබගේ ආධාර බලාපොරොත්තු වෙයි. කොමර්ෂල් බැංකුවේ 8930001115 දරන ගිණුමට ඔබගේ මුදල් බැරකළ හැකියි.


ගලගෙදර ඉහළ මැදගොඩ අංක 77/1 දරන නිවසේ පදිංචි දෙදරු මවක් වන පි‍්‍රයංගනී අමිලා ජයසූරිය මෙලෙස ආශි‍්‍රතව ගෙඩියක් සෑදී එම ගෙඩිය වටා කොයිල් ඔතා ආවරණය කිරීමේ ශල්‍යකර්මයක් කළයුතුව ඇති බව වෛද්‍යවරු නිර්දේශ කොට ඇත. ඒ සඳහා විශාල මුදලක් වැයවන බවට කොළඹ ජාතික රෝහලේ විකිරණ වෛද්‍ය විශේෂඥ නිහාල් විජේවර්ධන මහතා නිර්දේශ කර ඇත. එතරම් විශාල මුදලක් ඇය සතුව නොමැති බැවින් ඔබගේ ආධාර ඇය බලාපොරොත්තු වෙයි. ගලගෙදර මහජන බැංකුවේ 114 200150038815 ගිණුමට මුදල් බැර කළ හැකියි. වැඩි විස්තර 077 8861739 දැනගත හැකියි.


කළුතර උතුර, වස්කඩුව, හොරණ පාර, දෙදියවල ‘ධම්මික’ හි පදිංචි ඩබ්.ඩී.සී. රංජිත් අබේවර්ධන මහතා දරුණු හෘදයාබාධයකින් පෙළේ. තිදරු පියෙකු වන ඔහුට ස්ථිර ආදායමක් නොමැත. වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී ඇත්තේ ඉක්මණින් බයිපාස් සැත්කමක් කළයුතු බවයි. එම ශල්‍යකර්මය සඳහා විශාල මුදලක් වැය වන බැවින් ඔහු ඔබගේ ආධාරය පතයි. මහජන බැංකුව 039200123042058, සම්පත් බැංකුව - 105054043181, ජාතික සංවර්ධන බැංකුව - 016111008479 ගිණුම් වලට මුදල් බැරකළ හැකියි. වැඩිවිස්තර 034 5688925, 077 4057091 විමසිය හැකියි.

වයස අවුරුදු 19 ක පිරිමි දරුවෙකුට “ඕ පොසිටිව්” හෝ “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇත. පරිත්‍යාග කිරීමට කැමති අය ඇතොත් අමතන්නැයි ඉල්ලීමක් කෙරේ. කාන්ති – 2971598


ජා - ඇළ, උතුරු බටගම, අංක 328/ඩී හි පදිංචි එච්.එම්. විමුක්ති මධුසංක නැමැති දරුවා (අවු. 17) හදිසියේ ඇති වූ තත්ත්වයකින් මුළු සිරුරම අප්‍රාණික වී ඇත. වෛද්‍යවරු නිර්දේශ කොට ඇත්තේ මොළය හා බෙල්ල අතර පවතින රුධිරවාහිනි 2ක අසාමාන්‍යතාවයක් මෙයට බලපා ඇති බවයි. මොහු සුවකර ගැනීම සඳහා හදිසි ශල්‍ය කර්මයක් කළයුතු බවත්, ඒ වෙනුවෙන් විශාල මුදලක් වැයවන බවත් දන්වයි. එහෙයින් ඔබගේ ආධාරය ඔහු බලාපොරොත්තු වෙයි. (එච්.එම්. යු. පුෂ්පකුමාර) පියාගේ නමින් ඇති රිජන්ට් වීදියේ ලංකා බැංකු ශාඛාවේ 74609080 ගිණුමට මුදල් බැරකළ හැකියි. වැඩි විස්තර 077 5982888 විමසන්න.


කුරුණෑගල, හිඳගොල්ල, රන්තැටිඋයන අංක 122 හි පදිංචි ප්‍රබෝත් ලක්ෂාන් දරුවා (අවු. 1 1/2 ) දරුණු අක්මාශි‍්‍රත රෝගී තත්ත්වයකින් පෙළේ. ඉන්දියාවේ චෙන්නායි රෝහලේ නරේෂ් පී.සම්මුගම් වෛද්‍යවරයා දන්වා ඇත්තේ ඔහුට ඉක්මනින් අක්මා බද්ධ කිරීමක් සිදු කළයුතු බවයි. ඒ සඳහා විශාල මුදලක් වැයවන බැවින් ඔබගේ ආධාර බලාපොරොත්තු වෙයි.

කුරුණෑගල එච්.එන්.බී. බැංකුවේ ගිණුම් අංක 019020437723 හෝ ගිණුම් අංක 927226 (ලංකා බැංකුව, බසාර් ශාඛාව, කුරුණෑගල) මුදල් බැරකළ හැකියි. වැඩි විස්තර 0770561525, 078 6964506 දුරකථන අංකයන්ගෙන් විමසිය හැකියි.


මත්තේගොඩ පදිංචි වයස අවුරුදු 65 ක් වන චන්ද්‍රාලේඛා මුණසිංහ මව සහ ඇගේ දියණිය වන සඳිනි මුණසිංහ (අවු. 32) මෙනවිය යන දෙදෙනාගේම වකුගඩු අක්‍රියවීම හේතුවෙන්, ඔවුන්ගේ ජීවිත රැක ගැනීම සඳහා වකුගඩු බද්ධ කිරීම අවශ්‍ය බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී ඇත. ඒ සඳහා මවට “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් හා දියණිය සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතුන් වේ නම් 011 2851380 /071 4407699 දුරකථනයන්ට දන්වන මෙන් ඉල්ලා සිටියි.

 

 පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 22 වෙනිදා සෙනසුරාදා අපරභාග 08. 53 ට ලබයි.
23 වෙනිදා ඉරිදා අපරභාග 05. 03 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජුනි 23 වෙනිදා ඉරිදා ය.

මීළඟ පෝය
ජුනි 30 වෙනිදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 23

Second Quarterඅව අටවක

ජූනි 30

New Moonඅමාවක

ජූලි 07

First Quarterපුර අටවක

ජූලි 16


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]