UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුරාධපුර දොළොස් මහේ දන්සල

අනුරාධපුර දොළොස් මහේ දන්සල

වත්මන් උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා ද වත්මන් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්.එම් .චන්ද්‍රසේන මහතා ද එස් .එම්. චන්ද්‍රසේන පදනම මගින් ඓතිහාසික අනුරාධපුර රුවන්මැලි චෛත්‍යරාජයාණන් වහන්සේ අභියසදී දොළොස් මහේ මහා බත් දන්සලක් ඇරඹූහ. ඒ 2011 නොවැම්බර් මස 19 වෙනි දිනය. අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ ද රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ ද මෙම දොළොස් මහේ මහා බත් දන්සල ඇරඹීම සඳහා අනුශාසනා කරමින් අවශ්‍ය ශක්තිය අමාත්‍යවරු දෙපළට ලබා දුන්හ.

දොළොස් මහේ බත් දන්සල ආරම්භ කරන ලද්දේ විශේෂ හේතුවක් මතය. එනම් තිස්වසරක කුරිරු යුද්ධය අවසන් කොට රටට සාමය උදාකර රටත් ,ජාතියත්, සමෘද්ධිමත් කිරීමට දැවැන්ත වැඩ පිළිවෙළක් දියත් කළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට ආශිර්වාද පතාය, දීර්ඝායුෂ පතාය.

දොළොස් මහේ මහා බත් දන්සල මගින් දන්දීමට විවිධ රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, සමිති සංවිධාන, භික්‍ෂූන් වහන්සේලා ද ,ඉස්ලාම් පූජකවරුද, උතුරේ දමිළ ජනතාව ද දානපතියන් ද පරිත්‍යාගශීලින් ද අඛණ්ඩව කටයුතු කළහ. දොළොස් මහේ මහා බත් දන්සල එක් වසරකදී නිමාවීමට නියමිතව තිබූ අතර වරින්වර එහි පැමිණි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා උතුරා යන සතුටින් යුතුව දන් බෙදීම විශේෂ සිද්ධියක් විය. මැති ඇමැතිවරු ද දන් පිළිගැන්වීමට බොහෝ විට දායක වූහ.

දොළොස් මහේ මහා බත් දන්සලට දින තුන්සිය හැට පහක් පිරෙන දා විශේෂ ආරාධිත අමුත්තා ලෙස පැමිණි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා දොළොස් මහේ මහා බත් දන්සල තවත් වසරක් පවත්වා ගෙන යන ලෙස එස්.එම්.චන්ද්‍රසේන පදනමේ දී දොළොස් මහේ මහා බත් දන්සලේ නිර්මාතෘවරුන් වූ උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගෙන්ද ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතාගෙන් ද කාරුණිකව ඉල්ලීමක් කළේය. ඒ හුදෙක් මෙම දන්සලෙන් අටමස්ථාන වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ කුස ගින්දර නිවීමට සිදුවන උතුම් මෙහෙවර හේතුවෙනි.

 

 පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 22 වෙනිදා සෙනසුරාදා අපරභාග 08. 53 ට ලබයි.
23 වෙනිදා ඉරිදා අපරභාග 05. 03 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජුනි 23 වෙනිදා ඉරිදා ය.

මීළඟ පෝය
ජුනි 30 වෙනිදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 23

Second Quarterඅව අටවක

ජූනි 30

New Moonඅමාවක

ජූලි 07

First Quarterපුර අටවක

ජූලි 16


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]