UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලේ සේල චෛත්‍යයට අටපිරිකර 2320ක් පූජා කිරීම පොසොන් පෝදා

ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරයේ සේල චෛත්‍යරාජයාණන් වහන්සේ වෙත අටපිරිකර 2320ක් පූජා කිරීම පොසොන් පෝදා සිදු කැරේ.

ඉතිරිය»

ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම සන්නිවේදකයාණෝ

උපමා අනුසාරයෙන් දහම් දෙසීම ද තවත් ක්‍රමවේදයක් විය. ශ්‍රාවකයන් දහමෙහි පිහිටුවීම පහසුවනු පිණිස නොයෙක් උපමා භාවිත කොට ඇත. මජ්ඣිම නිකායේ මහා සරෝපමා සුත්‍රයේ සඳහන් පරිදි යහපත් දෙය තිබියදී නිසරු දේ පිළිගැනීම උපමා කළේ ‘ගසක අරටුව ඉවත ලා කොළ පොතු රැගෙන යෑම වැනිය’ යනුවෙනි. අලගද්දූපම සූත්‍රයේදී , ධර්මය වුව ද දැඩි ලෙස ග්‍රහණය කර ගැනීම අනුවණ ක්‍රියාවක් බව පෙන්වා දුන්නේ ‘ජලය තරණය කිරීමට යොදාගත් පහුර ජලය තරණය කළ පසු කරේ තබා ගෙන යා යුතු නැත’ යනුවෙනි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

උතුම් මිනිසත් බවෙන් අනගි පල ලබමු

සිරි සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ බරණැස් නුවර සමීපයෙහි මහරි වෘක්‍ෂයක් මූල වැඩ සිටින සමයෙක ඒරක පත්ත නම් නාරජු අරභයා මෙම ගාථාධර්මය දේශනා කොට වදාළ සේක. මෙකී ඒරක පත්ත නාගයා පෙර කාශ්‍යප බුදුරදුන් සමයෙහි උතුම් මිනිසත් බව ලබා එම බුදුසසුනෙහි දිවි ඇති තෙක් මහණ දම්පුරා යළි පාප කර්මයක ප්‍රතිවිපාක වශයෙන් මිනිසත් බව නො ලබාම සංසාරගතව තිරිසන් ආත්මයක් ලැබුවෙකි.

ඉතිරිය»

මිහින්තලා පුදබිම

මිහින්තලාව ඉතා රමණීය වූ පරිසරයක පිහිටි බෞද්ධ ඉතිහාස කතාවේ විශිෂ්ට සදානුස්මරණීය ස්වර්ණමය සටහනක් තබාඇති පූජනීය වූ පුණ්‍යභූමියකි. බෞද්ධ ජනතාවගේ හදපත්ලේ පරම පූජනීය පුදසුනක් ලෙස සටහන්ව ඇති මිහින්තලය ලාංකේය බෞද්ධයාට මිහිමවගේ ළය මඬලට සමානය. මිහිඳු මහ රහතන් වහන්සේ සම්බුදු දහම රැගෙන වැඩම කළ බිම ඒ නිසාම පූජනීයත්වයට පත් වුවා සේම සෞන්දර්යවාදියකුට මෙයම පරිසරයේ චමත්කාරය සිත්සේ වින්දනයට අවැසි කදිම පරිසරයක් සොභාව සෞන්දර්යය විසින් නිර්මාණය කර දී තිබෙයි.

 

ඉතිරිය»

හලාවත මුන්දලම ශ්‍රී බෝධිරාජාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ජායා - ශාන් රූපස්සර

 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනි මස 16 වැනි ඉරිදා පූර්වභාග 10. 44ට ලබයි. 17 වැනිදා සඳුදා පූර්ව භාග 10. 47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි මස 16 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය
ජුනි මස 23 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 16

Full Moonපසෙලාස්වක

ජූනි 23

Second Quarterඅව අටවක

ජූනි 30

New Moonඅමාවක

ජූලි 07


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]