UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය ගංගාරාමය සහ අරලියගහ මන්දිරය පරිශ්‍රයේ දී

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය ගංගාරාමය සහ අරලියගහ මන්දිරය පරිශ්‍රයේ දී

ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ගංගාරාමය සහ අරලියගහ මන්දිරය ආශි‍්‍රතව කෙරෙන 2013 ජාතික වෙසක් මංගල්‍යය විවිධාංග රැසකින් යුත් බෞද්ධ නිර්මාණ රැසක් එළිදැක්වෙන වැඩිම මහජන සහභාගීත්වයක් ඇති වෙසක් කලාපය ලෙස 6 වැනි වරටත් සංවිධානය කෙරේ.

වෙසක් පෝදින දවස පුරා, ශීල සමාදාන, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා වැඩසටහන් රැසක් ස්වාධීන රූපවාහිනිය හා ලක්හඬ ගුවන් විදුලිය මඟින් විසුරුවා හරිනු ලැබේ.

සර්වඥ ධාතු ප්‍රදර්ශනය, දර්ශනීය තොරන් 3 ක් බෞද්ධ සිරිත්, විරිත්, බෞද්ධ සිද්ධස්ථාන හා ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසය විදහා දැක්වෙන ඡායාරූප හා බෞද්ධ චිත්‍ර මූර්ති ප්‍රදර්ශන බේරේ වැවේ ඉදිවූ වේදිකාවක රාත්‍රී 7 – 12 දක්වා ඉදිරිපත් කෙරෙන භක්ති ගීත ද වේ.

ත්‍රිවිධ හමුදා, පොලීසිය, සිවිල් ආරක්‍ෂක බලකාය සහ ජාතික තරුණ සේවා සභාව සංස්කෘතික අමාත්‍යාංශය විසින් නාට්‍ය සහ විශේෂ නර්තන පවත්වනු ලැබේ. ප්‍රධාන වේදිකාව මත දිනපතා රාත්‍රී 9.00 – 2.30 දක්වා සංස්කෘතික නර්තන ප්‍රසංග ඉදිරිපත් කෙරේ. දන්සල්, රූකඩ, නැටුම්, ටවර්හෝල්, නූර්ති ගී, බොදු බැති ගී, බෞද්ධ මුද්‍රා නාට්‍ය, සන්දර්ශන බෞද්ධ ජාතක කතා ඇතුළත් වීදි නාට්‍ය සහ බේරේ වැවේ ජලතලය මත ඉදිකෙරෙන වෙසක් නිර්මාණ දිනපතා පැවැත්වේ. බුද්ධරශ්මි වෙසක් කලාපය නැරඹීමට පැමිණෙන සියලු දෙනා වෙත ශාස්ත්‍රීය ධර්ම සංග්‍රහයක් නිකුත් කෙරේ.

ජනාධිපති කාර්යාලයේ පූර්ණ සම්බන්ධීකරණයෙන් වාර්ෂිකව සිදු කරන ගංගාරාමය සහ අරලියගහ මහන්දිරය ආශි‍්‍රත වෙසක් පහන් කූඩු වෙසක් නිර්මාණ ප්‍රදර්ශනය මැයි මස 25, 26, 27, 28, 29 දිනවල දී පැවැත්වේ.

 

වෙසක් මස පුර පසළොස්වක පෝය

වෙසක් මස පුර පසළොස්වක පෝය මැයි 24 වැනිදා සිකුරාදා අපරභාග 01. 20 ට ලබයි.
25 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09. 55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 24 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
මැයි මස 31 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 24

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]