UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වෙසක් පුර පසළොස්වක 2013 මැයි 24 වන දා

සම්බුදු තෙමඟුල

ථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ අසිරිමත් තෙමඟුල ප්‍රධාන අසිරිමත් බුදුසිරිතෙහි ශ්‍රේෂ්ඨ සිද්ධීන් රැසක් සිදු වූ පරම පූජනීය, වන්දනීය ආගමික දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දිනයයි.

“වෙසක්” යන නම සිහියට නැගෙත්ම බොදුනුවාගේ සිහියට නැඟෙනුයේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේම ය.

බොදුනුවාට සම්බුදු පිහිට හැර වෙනත් පිහිටක්, වෙනත් පිළිසරණක් නැත. “නත්ථි මෙ සරණං අඤ්ඤං බුද්ධො මෙ සරණං වරං”.

තථාගත සම්මා සම්බුදුපියාණන් වහන්සේ පුරා පන්සාළිස් වසක් මුළුල්ලෙහි ලෝක සත්ත්වයා වෙත මහා කරුණාවෙන් පිහිට වී, පරහිත සුව පිණිස මුළු ජීවිතයම කැප කළ අසම සම ශාස්තෘන් වහන්සේ ය.

මෙවන් අතිපූජනීය දිනයක බොදුනුවන් වශයෙන් තථාගත සම්බුදු පියාණන් වහන්සේ පිදීමට ප්‍රතිපත්ති පූජාවට ප්‍රමුඛත්වය දී ක්‍රියාකිරීම වගකීම වේ. එයම උතුම් බුද්ධ පූජාව වේ.

වෙසක් පොහොය දිනය කුඩා දරුවාගේ පටන් සියලු දෙනා හිමිදිරියේ තෙල්, මල්, සුවඳ දුම් ඇතුළු බුද්ධ පූජාවට අවශ්‍ය පූජා ද්‍රව්‍යයන් ද රැගෙන පන්සල වෙත යාම එදා මෙන්ම අදත් මතුවටත් පවත්වාගෙන යනු ලබන උතුම් සිරිතකි.

සෙත් පිරිතට, අවමඟුලට,දානයට වැඩම වනු ලබන්නේ සිව්පසයෙන් පුදන ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේ ම ය.එබැවින් මේ උතුම් පෝ දින ගමේ පන්සලට ගොස් ආගමික වතාවත්වල නිරතවීමට අමතක නොකළ යුතු ය. ඒ ගමේ පන්සලට දක්වන ගෞරවය මෙන්ම ඔබ ඔබේ ජීවිතයට ද කරගන්නා මහ මෙහෙවරකි.

ජීවිතයේ අන් කවරදාකවත් විහාරස්ථානයට නො යන අයකු පවා වෙසක් පොහොය දිනයට සීල සමාදානය සඳහා විහාරස්ථානයට යොමු වනුයේ මහත් ශ්‍රද්ධා ගෞරව පෙරදැරිවය.

බුදුරජාණන් වහන්සේ කෙරෙහි දක්වන ශ්‍රද්ධාව, ගෞරවය එක් දිනකට පමණක් සීමාකළ යුතු නොවේ. ජීවිතයේ හෑම දිනකම හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් ක්‍රියා කිරීම බෞද්ධයාගේ මූලික පරමාර්ථය විය යුතු ය.

මෙවන් ඓතිහාසික, පූජනීය, වන්දනීය දිනයක බොදුනුවා විසින් යහපත් අධිෂ්ඨානයක් ජීවිතයට එකතු කරගත යුතු ය. එනම් ජීවිතයේ යම් අතපසුවීමකින් හෝ මෙතෙක් සිදුවූ අඩුපාඩු මඟ හරවා ගැනීමට උනන්දුවීම පළමුව කළ යුතු වේ. අනතුරුව ජීවිතයට මෙතෙක් ළඟා කරගත නොහැකිවූ යහපත් ගුණ දහම් හැකිතාක් පුරුදු පුහුණු කිරීමට කල්පනාවට ගත යුත්තකි.

එසේ වුවහොත් උදාවූ 2557 සම්බුද්ධ වර්ෂය ඔබේ ජීවිතයට වාසනාවන්ත වසරක් වනු නො අනුමානය.

බාහිර අලංකාරයෙන් සැරසුනු පමණින් ජීවිතයේ ආධ්‍යාත්මික සුවයට සහනයක් සිදු නොවේ. සියලු සතුටට වඩා ආධ්‍යාත්මික වශයෙන් ලබන සතුට දිවි ගමනේ මහඟු සතුටක් වනු ඇත.

හැම විට උත්සාහ කළ යුත්තේ ද පුරුදු විය යුත්තේ ද ගුණ දහම් සුරැකීමටය. ප්‍රතිපත්ති පිරීමටය. ආධ්‍යාත්මික ශක්තියත්, සතුටත් ජීවිතයට අත්‍යවශ්‍ය ය. එමෙන් ම හෙළ බොදු සංස්කෘතිය සුරැකීමටද කළ යුතු යුතුකම් නොපිරිහෙළා ඉටු කළ යුතු ය.

එවිට ජීවිතයේ නො අඩුව සතුටු විය හැකි ය. වෙසක් පොහොය දවස අර්ථවත්ව, ගුණවත්ව හා සිල්වත්ව ගත කිරීමට ගත සිත මෙහෙයවීමට හැමදෙනාටම ශක්තිය ධෛර්ය ලැබේවා.

 

වෙසක් මස පුර පසළොස්වක පෝය

වෙසක් මස පුර පසළොස්වක පෝය මැයි 24 වැනිදා සිකුරාදා අපරභාග 01. 20 ට ලබයි.
25 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09. 55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 24 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
මැයි මස 31 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 24

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]