| බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය ගංගාරාමය සහ අරලියගහ මන්දිරය 
			පරිශ්‍රයේ දී
			 
			ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ගංගාරාමය සහ අරලියගහ මන්දිරය 
			ආශි‍්‍රතව කෙරෙන 2013 ජාතික වෙසක් මංගල්‍යය විවිධාංග රැසකින් යුත් 
			බෞද්ධ නිර්මාණ රැසක් එළිදැක්වෙන වැඩිම මහජන සහභාගීත්වයක් ඇති වෙසක් 
			කලාපය ලෙස 6 වැනි වරටත් සංවිධානය කෙරේ. 
			වෙසක් පෝදින දවස පුරා, ශීල සමාදාන, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා 
			වැඩසටහන් රැසක් ස්වාධීන රූපවාහිනිය හා ලක්හඬ ගුවන් විදුලිය මඟින් 
			විසුරුවා හරිනු ලැබේ. 
			සර්වඥ ධාතු ප්‍රදර්ශනය, දර්ශනීය තොරන් 3 ක් බෞද්ධ සිරිත්, විරිත්, 
			බෞද්ධ සිද්ධස්ථාන හා ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසය විදහා දැක්වෙන ඡායාරූප 
			හා බෞද්ධ චිත්‍ර මූර්ති ප්‍රදර්ශන බේරේ වැවේ ඉදිවූ වේදිකාවක රාත්‍රී 7 
			– 12 දක්වා ඉදිරිපත් කෙරෙන භක්ති ගීත ද වේ. 
			ත්‍රිවිධ හමුදා, පොලීසිය, සිවිල් ආරක්‍ෂක බලකාය සහ ජාතික තරුණ සේවා 
			සභාව සංස්කෘතික අමාත්‍යාංශය විසින් නාට්‍ය සහ විශේෂ නර්තන පවත්වනු 
			ලැබේ. ප්‍රධාන වේදිකාව මත දිනපතා රාත්‍රී 9.00 – 2.30 දක්වා සංස්කෘතික 
			නර්තන ප්‍රසංග ඉදිරිපත් කෙරේ. දන්සල්, රූකඩ, නැටුම්, ටවර්හෝල්, නූර්ති 
			ගී, බොදු බැති ගී, බෞද්ධ මුද්‍රා නාට්‍ය, සන්දර්ශන බෞද්ධ ජාතක කතා 
			ඇතුළත් වීදි නාට්‍ය සහ බේරේ වැවේ ජලතලය මත ඉදිකෙරෙන වෙසක් නිර්මාණ 
			දිනපතා පැවැත්වේ. බුද්ධරශ්මි වෙසක් කලාපය නැරඹීමට පැමිණෙන සියලු දෙනා 
			වෙත ශාස්ත්‍රීය ධර්ම සංග්‍රහයක් නිකුත් කෙරේ. 
			ජනාධිපති කාර්යාලයේ පූර්ණ සම්බන්ධීකරණයෙන් වාර්ෂිකව සිදු කරන ගංගාරාමය 
			සහ අරලියගහ මහන්දිරය ආශි‍්‍රත වෙසක් පහන් කූඩු වෙසක් නිර්මාණ 
			ප්‍රදර්ශනය මැයි මස 25, 26, 27, 28, 29 දිනවල දී පැවැත්වේ. |