UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලය රජමහා විහාරයේ සේල චෛත්‍යයට පැළඳවීමට බුරුමයෙන් පරිත්‍යාග කළ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් චූඩා මාණික්‍යය කොළඹ හුණුපිටිය ගංගාරාමයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 21 වැනි දා වැඳ පුදා ගත් අයුරු. විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ, ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, එස්.එම්. චන්ද්‍රසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහත්වරු ද මෙහි වෙති. ලබන 26 වැනි දා තෙක් චූඩා මාණික්‍යය ජනතාවට වන්දනාමාන කර ගැනීමට මෙහිදී අවස්ථාව සැලසේ. ගලබොඩ ඤාණිස්සර නා හිමියෝ ද මෙහි වෙති. - ඡායාරූපය: සුදත් සිල්වා

අරහත් සඟමිත් තෙරණිය සදා අනුස්මරණය මෙරට බෞද්ධ සමාජය අධ්‍යාපනික, අධ්‍යාත්මික හා ආර්ථික වශයෙන් නඟා සිටුවීම යන උත්තුංග අරමුණු සාක්‍ෂාත් කර ගැනීම උදෙසා ස්ථාපිත ‘සංඝමිත්තා ශ්‍රද්ධාකර පදනම’ මඟින් 2556 ක් වූ බුද්ධ වර්ෂයේ සඟමිත් දිනය සමරනු වස් එළි දක්වන ලද ‘රහත් සඟමිත් පුද ශාස්ත්‍රිය සමරු ලේඛන සංග්‍රහයේ පළමු පිටපත ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත 11 වැනිදා අරලියගහ මන්දිරයේ දී පිළිගැන්වීම සිදු වූ අවස්ථාවේ දී එම උත්සවයට වැඩම කර සිටි දහසක් මෙහෙණින් වහන්සේලා සමඟ ජනාධිපතිතුමා සුහද කතාබහක නිරත වූ අයුරු. - ඡායා: සුදත් සිල්වා

ශ්‍රී දළදා මාලිගාවේ අළුත් සහල් මංගල්‍යය

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අළුත් සහල් මංගල්‍ය මේ මස 26 වෙනි දිනට යෙදෙන දුරුතු පුර පසළොස්වක පෝය දින පෙරවරු 10, විනාඩි 02 ට උතුර දිශාභිමුඛව ශ්‍රී දළදා මාලිගාව ප්‍රධානකොට ඇති විහාර දේවාලයන්හි සිදුකෙරේ. අළුත් සහල් පිසින ලද ප්‍රණීත මුල්තැන් බුද්ධපූජා මංගල්‍ය සිදුකිරීම සම්බන්ධව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අණ පරිදි කාරියකරවන කෝරාල, කේ. එම්. සී. කරුණාතිලක මහතා නිකුත් කර ඇති ප්‍රකාශයේ මෙසේද සඳහන්වේ.

ඉතිරිය»

 

දුරුතු මස පසළොස්වක පෝය

දුරුතු මස පසළොස්වක පෝය ජනවාරි මස 26 වැනිදා සෙනසුරාදා පූර්වභාග 08. 47 ට ලබයි.
27 වැනිදා ඉරිදා පූර්ව භාග 10. 07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 26 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
පෙබරවාරි 03 වැනිදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 26

Second Quarterඅව අටවක

පෙබරවාරි 03

New Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 17


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]