UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

දුරුතු පුර පසළොස්වක 2013 ජනවාරි 26 වන දා

අකුසලයෙන් ඈත් වෙමු

වබෝධයෙන් තුනුරුවන් සරණ ගිය තැනැත්තාට ඒ උතුම් තුනුරුවනට වඩා අගනා, වටිනා දෙයක් වෙන නැත. තම තමන්ගේ ලෞකික අභිවෘද්ධියට හේතුවන ඕනෑම තරම් දේ තවත් තිබිය හැකිවේ. එහෙත් ඒ සියල්ලට ම වඩා තෙරුවන් සරණ ගිය තැනැත්තාගේ දෙලොව දියුණුවට බලපානු ලබන්නේ උතුම් තිසරණයෙහි පිහිටා කටයුතු කිරීම ය.

අපගේ හැම දියුණුවට මුල් වූ තුනුරුවන් බව සලකන හෙළ බොදුනුවා ඊට තම දිවි දෙවැනි කොට සලකනු ලැබේ. එසේ වූ සැදැහැවත් බොදුනුවා කිසිවිටෙක තිසරණය හැර නොයයි.

තෙරුවන් කෙරෙහි සැබෑ ගෞරවය ඇති ගෘහස්ථයා බුදුරජාණන් වහන්සේ නමින් වෙන් කොට ඇති සියලු දේ පූජනීය වස්තු ලෙස ගෞරව දක්වයි. බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ හිඳින විහාර මන්දිරයේදීත්, දාගැබ් වහන්සේ අබියස දී මෙන්ම බෝ මළුව ආදී වඳින, පුදන හැම තැනකදීම ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නා ස්ථාන සේ සලකනු ලැබේ. එසේ සැලකීම නිසා ජීවමාන බුදුරදුන්ට කරන වැඳුම් පිදුම් යටත් පැවතුම් එකී තැන්හි නොපිරිහෙලා සිදු කරනු ලැබේ.

තම නිවසේ කෙතරම් කලබලකාරී, ඝෝෂාකාරී බවක් වුවද ඒ පිරිසම විහාරස්ථානයට පැමිණි විට කෙතරම් සන්සුන්ව හා සංවරව හැසිරීමට උත්සාහ කරන්නේ ද?

හිත නිරන්තරයෙන් ප්‍රභාශ්වරය, එහෙත් ඒ ප්‍රභාශ්වර වූ හිතට බාහිර වශයෙන් පැමිණෙන ලෝභය, මානය, ඊර්ෂ්‍යාව, තරහව ආදී දේ නිසා හිත නරක් වේ. එබැවින් එසේ හිතේ ඇති කරන ලෙඩ නිසා ඒවාට අකුසල් යැයි කියනු ලැබේ. මෙසේ හිතට බාහිර වශයෙන් පැමිණෙන අයහපත් දේ නිසා ඒවා හිතේ තවදුරටත්, වර්ධනය වීමෙන් හිතට ඒවා පුරුදුවීම නිසා එයින් කරන දේ කියැවෙයි. ඊට වචනයෙන් කැරෙන අකුසල් යැයි ද කියනු ලැබේ. හිත රෝගාතුරවීමෙන් කරන කටයුතු කයින් කරන අකුසල් යැයි කියනු ලැබේ. හිත රෝගාතුර වී හිතේම ක්‍රියා කරන පාපකාරී සිතිවිලිවලට හිතින් කරන අකුසල් යැයි කියනු ලැබේ.

මෙසේ හිත රෝගාතුරවීමෙන් බොරු කීම, කේලාම් කීම, හිස් වචන කතා කිරීම ආදී අයහපත් කියුම් වචනයෙන් කැරෙන අකුසල්ය. මෙසේ බලන විට හිත, කය, වචනය යන තිදොරින් කැරෙන අකුසල් බොහෝ ය. සිතින් අකුසල් තුනක් ද, කයෙන් කරන අකුසල් තුනක් ද, වචනයෙන් කරන අකුසල් හතරක් ද වශයෙන් අකුසල් දහයක් සිදුවේ. ඊට දස අකුසල් යැයි ද අපි හඳුන්වමු.

දස අකුසල් පිළිබඳ වූ මනා දැනුමෙන් හා අවබෝධයෙන් පසුවන බොදුනුවාට ඒ පිළිබඳ වඩාත් විස්තර කළ යුතු නොවේ. ඉහත සඳහන් කළ පරිදි නිරන්තරයෙන් ප්‍රභාශ්වර වූ, පවිත්‍ර වූ සිත එසේ දිගින් දිගට ම පවිත්‍රව තබා ගත නොහැකිවීම නිසා තමාට මෙන් ම තමා වෙසෙන සමාජයට ද අහිතවත් බොහෝ දෑ සිදුවීමට ඉඩ තිබේ.

එබැවින් දුර්ලභව මිනිසත් භවයක් ලබා ගත් ඔබත්, මමත් කළ යුත්තේ කුමක්දැයි මොහොතක් කල්පනා කර බැලිය යුතු ය. හිතට එන ලෙඩ රෝගාදියෙන් ඒ හිත ආරක්‍ෂා කර ගැනීමට බුද්ධිමත්ව කල්පනා කරන්නේ නම් බොහෝ අකුසල් වලින් වැළකී සිටීමට එයම මහෝපකාරී වේ.

අයහපත්, අපිරිසුදු නරක සිතින් කියන, කරන, හිතන සියලු දේ තමාට අයහපත පිණිස පවතින්නේ නම් එයින් වැළකී සිටීමට උත්සාහ කිරීම ද බොදුනුවාගේ වගකීමය.

පුන් පොහෝදින සුදුවතින් සැරසී විහාරස්ථානයට පැමිණ පෙහෙවස් සමාදන් ව දාන, ශීල, භාවනා ආදී විවිධ පුණ්‍ය ක්‍රියාවල නිරත වන ඔබ ඉහත කී කරුණු, පිළිබඳ විමසිලිමත්ව කටයුතු කිරීමට උනන්දු වන්න.

නිරායාසයෙන් පිවිතුරු හිත බාහිර වශයෙන් පැමිණෙන උවදුරුවලින් ආරක්‍ෂා කර ගැනීමට උනන්දුවන්නේ නම් එය මෙලොව වඩාත් සතුටෙන් ජීවත් විය හැකි පරිසරයක් උදාකර ගැනීමට ද හේතුවක් වනු ඇත. තිදොර සංවරයෙන් සැමදා සැමට යහපත සැලසේවා.

 

දුරුතු මස පසළොස්වක පෝය

දුරුතු මස පසළොස්වක පෝය ජනවාරි මස 26 වැනිදා සෙනසුරාදා පූර්වභාග 08. 47 ට ලබයි.
27 වැනිදා ඉරිදා පූර්ව භාග 10. 07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 26 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
පෙබරවාරි 03 වැනිදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 26

Second Quarterඅව අටවක

පෙබරවාරි 03

New Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 17


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]