UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 17 වන උපාධි ප්‍රදානෝත්සවය

ජූනි මස 10 වන දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මෙවර උපාධි ප්‍රදානෝත්සවයේ දී ප්‍රථම උපාධි (අභ්‍යන්තර) සිසුන් 249 ක් ද ප්‍රථම උපාධි (බාහිර) සිසුන් 247 ක් ද, පශ්චාත් උපාධි සිසුන් 262 ක් ද, ඇතුළුව 757 ක් උපාධි ලැබීමට නියමිත ය. මෙම සිසුන් අතර අභ්‍යන්තර විදේශ සිසුන් 53 ක් ද බාහිර ප්‍රථම හා පශ්චාද් උපාධි ලැබූ විදේශ සිසුන් 62 ක් ද සහිත ව විදේශීය සිසුන් 115 ක් මෙවර උපාධි ලැබීමට නියමිතව ඇත.

ඉතිරිය»

තේලකටාහ ගාථා

තේලකටාහ ගාථා නම් වූ මෙම ග්‍රන්ථය මීට අවුරුදු දෙදහසකට පමණ පෙර ලක්දිව කැලණියේ රජ කළ කැලණිතිස්ස රජු විසින් තම ගුරු දෙවි කල්‍යාණිය තෙරුන් තෙල් කටාරමෙහි ලා මැරවීමේ සිද්ධිය මුල්කොට බිහි වූ එකකි. පාලියෙන් රචිත එම ග්‍රන්ථයෙහි ගාථා සියයක් ඇතුළත් වේ. එම ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන් බෞද්ධ ජීවිතයකට ලැබෙන ප්‍රයෝජනය ඉතා විශාලය. පළමු කොට මහාවංසය, රාජාවලිය, රසවාහිනි, යන ග්‍රන්ථවල ඇතුළත් විස්තරය ඉදිරිපත් කරමි. මහාවංසයෙහි එන විස්තරය ‘කල්‍යාණි නගරයෙහි රජ වූ තිස්ස නම් ක්ෂත්‍රියෙක් වී මුත්තාසේ උත්තිය නම් ඇති ඒ කුමර දේවිය හා සංයෝගයෙන් හටගන්වන ලද කෝප ඇත්තේ හෙයින් එතැනින් පලා ගොස් අන් තැනෙක විසීය. එයින් ඒ පෙදෙස ඒ නම් වී ඒ ආර්ය උත්තිය තෙමේ දේවියට රහස් ලියමන් දී මහණවෙස්ගත් මිනිසෙක් යැවීය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සංසාර ගමන සහ ශ්‍රද්ධාව

නගරයක් උපමා කොට තම ජීවිත පැවැත්ම සකසාගත යුතු ආකාරය මෙම නගරූපම සූත්‍රයෙන් පැහැදිලි කොට ඇත. අංගුත්තර නිකායේ මහා වග්ගයේ එන නගරූපම සූත්‍රය බුදුරජාණන් වහන්සේ විසින් ජේතවනාරාමයෙහි වැඩවෙසෙන විට දේශනා කරන ලද්දකි. පෙර රජවරු තම නගරය ආරක්‍ෂා කරගැනීමට නොයෙක් උපක්‍රම යෙදූහ. එම රට රැකීමේ ක්‍රියාදාමය පවතින්නේ රටෙහි අවසානයෙහි පිහිටි නගරයෙහි ය. ඒසිකාස්ථම්භය යනු සවිමත් ව තනනු ලබන කුළුණකි.

ඉතිරිය»

 

ගැරැප්පිටිය පුරාණ විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, දොඩම්වල ගැරැප්පිටිය පුරාණ විහාරස්ථානය නුවර යුගයේ ඉඳී වූවකි. අද මුල් පිටුව සැරැසෙන්නේ එම විහාරස්ථානයේ නුවර යුගයේ නිර්මාණය කරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකිනි. විහාරස්ථානයේ විහාරාධිපතින් වහන්සේ ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශවයේ
අනු නායක දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම නායක ස්වාමීන් වහන්සේ ය. ඡායාරූපය - උදේනි රාජපක්ෂ
 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජූනි 08 වන දා බදාදා අපර භාග 08.44 ට ලබයි.
09 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 06.32 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූනි 09 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූනි 15 වන දා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 09

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]