UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

අම්බලන්ගොඩ මහඅම්බලන්ගොඩ පදිංචි ලලංගි මානවඩු මෙනවිය (25) වකුගඩු ආබාධයකට ලක්ව සිටී. ඇයට ඉක්මනින් ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කල යුතු බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ වෛද්‍ය නිර්දේශය වී ඇත. ඇය වකුගඩුවක් පිරිනමන්නැයි ඉල්ලා සිටින අතර විශේෂයෙන් හිමිනමකගෙන් එය අපේක්‍ෂා කැරේ. එසේ වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලියකු වෙතොත් ඉහත ලිපිනයට හෝ 0715996727 - 0915712314 0602916226 හෝ 0714862317 දුරකථන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.

*****

නාල්ල උළුගෙදරවත්ත අංක 04/17 නිවෙසේ පදිංචි 14 හැවිරිදි නිමේෂා සංකල්පනී දැරිය පිටකොන්ද ආශි‍්‍රතව පැන නැගී ඇති ස්නායු ආබාධයක් නිසා දෙපා අප්‍රාණික වී ඇවිදගත නොහැකි තත්ත්වයට පත්වී ඇතැයි ද උපතින් ඉතා නිරෝගී දැරියකව සිටි නිමේෂා මෙම රෝගයට ගොදුරුවන තෙක් ඉතා දක්ෂ අයුරින් ගම්පහ ගෝතමී විදුහලෙහි ඉගෙන ගනිමින් සිටියාය. නිමේෂාගේ පියා විශ්‍රාමික පොලිස් නිලධාරියකු වන අතර මව රැකියාවක් නොකරයි. ඇය මෙම රෝගයට ගොදුරු වුයේ මීට වසර 4 කට පමණ පෙරදීය.

නිමේෂාගේ රෝග තත්ත්වය සඳහා කළ යුතු වූ පළමු ශල්‍ය කර්මය සිදුකළේ කොළඹ පෞද්ගලික රෝහලකදියි. ඇයගේ මව්පියන් ඒ සඳහා මුදල් සොයා ගත්තේ පරිත්‍යාගශීලින්ගේ ආධාර වලිනි. ඇයගේ දෙවැනි ශල්‍යකර්මය කිරීමට ඉන්දියාවේ ලයිෆ්ලයින් රෝ්්හලේ වෛද්‍ය රාජ් කුමාර් ඉදිරිපත් වී ඇති අතර ඒ සඳහා විශාල මුදලක් වැය වේ. ඒ සඳහා නිමේෂාගේ මව්පියෝ ආධාර උපකාර අපේක්‍ෂා කරති. ආධාර කිරීමට කැමති නම් සෙලාන් බැංකුවේ මීරිගම ශාඛාවේ අංක 0780 - 02436522 - 101 දරන ගිණුමට මුදල් බැර කළ හැකිය. වැඩි විස්තර 060 2831001 දැන ගත හැකි බවද කියයි.

******

අලපලාදෙණිය, ලියනගෙදරවත්ත, “විජය” ලිපිනයේ පදිංචි කීර්ති කුමාර විජේසිංහ මහතා වකුගඩු රෝගයෙන් අසාධ්‍ය තත්ත්වයෙහි පසුවන අතර ඔහුගේ සැත්කම වෙනුවෙන් විශාල මුදලක් වැය වන බව මහනුවර ශික්‍ෂණ රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇතැයි ආර්ථික දුෂ්කරතා සහිත තමන්ට විශාල මුදලක් කඩිනමින් සොයා ගැනීම ඉතා අසීරු බව පවසන ඔහු පරිත්‍යාගශීලීන්ගේ කාරුණික අනුග්‍රහය බලාපොරොත්තු වේ. ඔබගේ කාරුණික පරිත්‍යාග මහජන බැංකුවේ මොරවක ශාඛාවේ ගිණුම් අංක 060-207-084406-8 යටතේ, ඊ.විජේසිංහ මහතාගේ නමින් විවෘත කර ඇති ගිණුමට යොමු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිති.

උඳුවප් පුර පසළොස්වක

 
උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 12 වනදා සිකුරාදා පූර්ව භාග 1.58 ට ලබයි.
එදිනම අපරභාග 10.07 දක්වා පෝය පවතී.
 

සිල් සමාදන්වීම දෙසැම්බර් 12 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

New Moonඅමාවක

දෙසැම්බර් 26

First Quarterපුර අටවක

ජනවරි 04

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]